සන්රයිසස් ජය ගනී

ඉන්දීය පි‍්‍රමියර්ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ (30) පැවති තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 15 ක ජයක් ලබා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.  

පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 194 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 6 ක් දැවි ලබාගැනීමට හැකි වුයේ ලකුණු 179 ක් පමණයි. 

තව කියවන්න >>

කිරුළපන වේදිකාවට ගොඩවීමට සිටින ඇමතිවරු තුනක් ගැන හෙළි කෙරේ -

අදට යෙදී ඇති මැයි දිනය වෙනුවෙන් කිරුළපනදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ මැයි රැළි වේදිකාවට ගොඩවීමට සිටි ශ‍්‍රීලනිප ඇමතිවරුන් තිදෙනෙකු පිළිබඳව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබෙනවා.



එසේ නොකරන ලෙස ඔවුන්ට දැඩි බලපෑම් එල්ලවෙමින් ඇතැයි එම ඇමතිවරුන්  ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රධානීන්ට දන්වා ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.



කිරුළපන රැළියට ගියහොත් ඇමති තනතුරු  මෙන්ම  ආසන සංවිධායක තනතුරු අත්හිටුවන බවටත් උසාවි පොලීසි ගානේ රස්තියාදු වන්නට සිදු වනු ඇති බවටත් පක්ෂයේ  ඉහළ තැනකින් පණිවුඩ ලැබුනු බව මෙම අමාත්‍යවරු ඊයේ රාත‍්‍රියේ දන්වා ඇති බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

තව කියවන්න >>

ෂියා අන්තවාදීන් බැග්ඩෑඩයේ විරෝධතාවයක

ෂියා මුස්ලිම් අන්තවාදීන් පිරිසක් බැග්ඩෑඩයේ පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිටට පැමිණ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා.

විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ මේ නිසා බැග්ඩෑඩයේ හදිසි තත්ත්වයක්ද ප‍්‍රකාශයට පත්කර ඇති බවයි. අන්තවාදීන් විසුරුවා හැරීමට බැග්ඩෑඞ් ආරක්‍ෂක අංශ කඳුළු ගෑස් ප‍්‍රහාරද එල්ල කර තිබෙනවා.







තව කියවන්න >>

ඓතිහාසික බෝරුක කපා 'ලී ඉරූ' විහාරාධිපති හාමුදුරුවෝ (PHOTOS) -

ඓතිහාසික බෝධීන් වහන්සේ කපා ලී ඉරූ විහාරාධිපති හිමිනමක් පිළිබඳව  වැලිමඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.


වැලිමඩ, නුගතලාව, දිවුරුම්පොල විහාරස්ථානයේ ‍විහාරාධිපති හිමියන් මේ සම්බන්ධයෙන් ඊයේ(29)අත්අඩංගුවට ගත් බවයි වැලිමඩ පොලිසිය සඳහන් කළේ.


සීතා දේවිය පතිවත පෙන්වීම සඳහා ගිනි මැලයට පනින ලද ස්ථානය බවට සැළකෙන්නේද මෙම ස්ථානයයි.


ලී ඉරූ  පුද්ගලයින් දෙදෙනෙකු මෙන්ම ඉරුම් උපකරණ කිහිපයක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.







තව කියවන්න >>

මෝටර් රථයක් වටවලදී කන්දක හැපෙයි

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල ප‍්‍රදේශයේදී කන්දක හැපී මෝටර් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා. ඒ නුගේගොඩ සිට නුවරඑළිය දක්වා ගමන් කරමින් සිටියදීයි.

අද (30) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. 

රියදුරුට නින්දයාම අනතුරට හේතුව බවට පොලීසිය සැක කරනවා. 




තව කියවන්න >>

ගීතා 'බෑ' කියලා - සංවිධායකකම නැති කළ හේතුව හෙළිවේ!

ගීතා කුමාරසිංහ මහත්මිය මැයි දිනය සඳහා පිරිස් ගෙන්වීම හෝ සංවිධාන කටයුතුවලට සහාය වීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඇගේ සංවිධායක තනතුර ඉවත් කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.


ගොස්සිප්  96 නිවුස් සමග අදහස් දක්වමින් අමාත්‍යවරයා  සඳහන් කළේ එවැනි සංවිධායකවරු පක්ෂයකට අනවශ්‍ය බවයි.


තව කියවන්න >>

අලි ඇතුන් රැක ගැනීමට කෙන්යාවේ සාකච්ඡාවක්

අලි ඇතුන් රැක ගැනීම සඳහා ඉදිරි සැළසුම් සකස් කිරීමට අපි‍්‍රකානු රටවල නියෝජිතයන් මේ දිනවල සාකච්ඡාවක් පවත්වනවා. මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ කෙන්යාවේදීයි.

අනවසර ඇත් දළ වෙළෙඳාම අලි ඇතුන්ට තර්ජනයක් වී ඇතැයිද එය නතර කිරීමට දැඩි පියවර ගත යුතු බවද සාකච්ඡාව ආරම්භ කරමින් කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා කියා සිටියා. 

සන්නද්ධ පිරිස් අපි‍්‍රකානු රටවල අලි රංචු වට කරමින් දඩයමේ යෙදෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ. එම සන්ද්ධ පිරිස්වලට ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග සම්බන්ධතා තිබෙන බවටද හඳුනාගෙන ඇතැයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

තව කියවන්න >>

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ මිල්ලනිය පොලිස් වසමට අයත් කිලෝමීටර් 18 යි දශම එක කණුව ආසන්නයේදී මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි.

රියදුරු පමණක් මෝටර් රථයේ ගමන් කර ඇති අතර ඔහුද ජිවිතය බේරාගෙන තිබෙනවා. ගිනි ගැනීමට හේතුව කාර්මික දෝෂයක් බවයි පොලීසිය සැක කරන්නේ.


තව කියවන්න >>

දඹුල්ලෙන් ලක්ෂ 12 ක හොර බීඩි

බදු මුදල් ගෙවීම පැහැරහැර බීඩි නිෂ්පාදනය කළ පුද්ගලයින් 5 දෙනෙකු දඹුල්ල ප‍්‍රදේශයේදී අද (29) අත්අඩංගුවට ගැනුණා. ඒ, මාතලේ සුරාබදු ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීයි.

සොයා ගැනුණු බීඩි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 12කට ආසන්නයි.

සැකකරුවන් දීර්ඝ කාලයක සිට මෙලෙස බදු මුදල් නොගෙවා බීඩි නිෂ්පාදනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වුණා.





තව කියවන්න >>

වරාය නගරයෙන් ධීවර ජනතාවට බලපෑමක් නෑ

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිසා ධීවර ජනතාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අදාළ ශක්‍යතා අධ්‍යයනවලින්ද එ් බව තහවුරු කර ඇතැයි විද්වතුන් පෙන්වා දෙන බවයි. 
 
කොළඹ වරාය නගරයේ ව්‍යාපෘතිය පරිසර හිතකාමීව පවත්වාගෙන යාම සඳහා වත්මන් ආණ්ඩුව අවශ්‍ය සෑම පියවරක්ම ගෙන ඇතැයිද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

පිරවීම සඳහා අවශ්‍ය වැලි මුහුදේ ජලකදම්බ සහිත ප‍්‍රදේශයකින් ලබා ගැනීමට නියමිතයි. එවැනි ප‍්‍රදේශවල සිටින්නේ සංක‍්‍රමනික කුඩා මසුන් පමණක් බවද මේ නිසා මසුන් බෝ වන ස්ථානවලට හානි සිදු නොවන බවද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

ඇතැම් විට කොළඹ වරාය නගරයේ ව්‍යාපෘතිය නිසා මුහුදේ මසුන් බිහි වීමට වඩාත් සුදුසු පරිසරයක් ඇතිවීමටද අවස්ථාව තිබෙන බව විද්වතුන් පෙන්වාදී තිබෙන බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්න >>

ශාලිකා තහනම එ්කාබද්ධ විපක්ෂයට තවම නොලැබෙයි

ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයට ඇතුළුවීම දින 14කට තහනම් කරමින් නිකුත් කෙරුණු අධිකරණ නියෝගය තමන් වෙත තවමත් නොලැබුණු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.


කුමන බාධා පැමිණියද ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින පෙළපාලිය සහ රැළිය ඉතා හොඳින් සංවිධාන කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.


ඒකාබද්ධ විපක්ෂයේ මැයිදින පෙළපාලිය ආරම්භ කිරීම සඳහා නියම කරගෙන තිබුණේ නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණයෙන්. ඒ අනුව ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අනුයුක්ත මෝටර් රථ සේවක සංගමය විසින් එම කී‍්‍රඩාංගණය වෙන්කර ගැනීමටද කටයුතු කළා. 


කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා ගමනාගමන මණ්ඩලය පසුව දැනුම් දුන්නේ මැයි දින පෙළපාලියක් ආරම්භ කිරීම සඳහා නාරාහේන්පිට ශාලිකා කී‍්‍රඩාංගණය ලබාදිය නොහැකි බවයි. 

එසේ තිබියදීත් මැයි දිනයදා එම කී‍්‍රඩාංගණයට ඇතුළුවීමට කිසියම් පිරිසක් උත්සහ කරන බවත් ඒ නිසා සාමය කඩවීමක් සිදුවිය හැකි බවත් පොලීසිය කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (29) දැනුම් දුන්නා. අදාළ තහනම් නියෝගය නිකුත් කෙරුණේද ඒ අනුවයි. 

තව කියවන්න >>

ජනපති ඇරඹූ වකුගඩු අරමුදලට මිලියන 500ක්

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් ආරම්භ කරන ලද වකුගඩු අරමුදලට මේ වන විට රුපියල් මිලියන 500ක් පමණ එකතු වී ඇතැයි වාර්තා වනවා.

මෙම අරමුදල යොදාගෙන වකුගඩු රෝගින් වෙනුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල අසල විශ‍්‍රාම ශාලාවක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බවයි වකුගඩු නිවාරණ ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානී අසේල ඉද්දවල මහතා බී බී සී ලෝක සේවයට ප‍්‍රකාශ කර ඇත්තේ.

මේ ආකාරයේ විශ‍්‍රාම ශාලා මාලිගාවත්ත හා මහනුවර ප‍්‍රදේශවල ඉදිකරන බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබෙනවා.

ප‍්‍රතිකාර ගැනීමට පැමිණෙන වකුගඩු රෝගීන් නවාතැන් ගැනීමට තැනක් නොමැතිවීමෙන් දැඩි සේ පීඩාවට පත් වන බවයි අසේල ඉද්දවල මහතා පෙන්වා දෙන්නේ.

විශ‍්‍රාම ශාලා ඇති කිරීමෙන් එවැනි පීඩා අවම කිරීමට හැකිවනු ඇතැයි විශ්වාසය පළ වනවා

තව කියවන්න >>

‘ලංකාවට එන අභියෝගවලට ඇමරිකා සහාය‘

ශ්‍රී ලංකාවේ වත්මන් රජය ගතවූ මාස 16 කාලය තුළ කැපී පෙනෙන ප‍්‍රගතියක් අත් කර ගෙන ඇති බවත් , තිරසාර සාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ වගකීම සහ ජාත්‍යන්තර ප‍්‍රජාව සමඟ නව සබඳතා ගොඩනඟා ගැනීමේදී ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණි බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා නිත්‍ය නියෝජිත සමන්තා පවර් (28) පැවසුවාය.
රටේ සියලූම පුරවැසියන්ට යුක්තිය සහ සංහිඳියාව ඇති කරන ක‍්‍රියාවලියකට ශ්‍රී ලංකාව කටයුතු කරන මේ මොහොතේ දී ඇතිවන අභියෝගයන් හමුවේ සහාය වීම සඳහා ඇමෙරිකාව  ඕනෑම මොහොතකදී ඉදිරිපත්වන්නේ යැයි ද ඇය සඳහන් කළාය.
‘ජනපති බැරක් ඔබාමා ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවීක පැවැත්වීමේ වටිනාකම අවධාරණය කර තිබෙනවා, ශ්‍රී ලංකාව පසුගිය කාල සමයේ අත්පත් කරගෙන තිබෙව ප‍්‍රගතියත් ඉතා වැදගත්. ජනපති ඔබාමාත් ඇමෙරිකාවත් ඒ සඳහා හැකි සහයෝගයක්ම ලබා දුන්නා ඒ වගේම ඉදිරියටත් ලබා දෙනවා. ශ්‍රී ලාංකික ජනතාවට සමාජ ආර්ථික ප‍්‍රතිලාභ අත්පත් කර දීමේදී ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කළ
කාර්යභාර්ය සුවිශේෂීයී.‘ යැයිද ඇය කීවාය.
තව කියවන්න >>

උතුරේ සම්මත යෝජනාව කතානායකට

ෆෙඩරල් පාලනයක් ගෙන ඒම සම්බන්ධයෙන් උතුරේ සම්මත කර ගත් යෝජනාව උතුරු මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා කතානායක කරූ ජයසූරිය මහතාට බාර දුන්නේය. එම යෝජනාව ක්‍රියාත්මක නොකරන බව දකුණේ පක්ෂ රැසක් කියා තිබේ.
තව කියවන්න >>

මැයි දිනයෙන් පසු පළාත් සභාවල වෙනසක්?

මැයි දිනයෙන් පසු දකුණු පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලය ඇතුළු  පළාත් සභා කිහිපයක ලොකුපුටු වල වෙනසක් සිදුවන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති ගාල්ලේදී අද ප්‍රකාශ කළේය.
තව කියවන්න >>

වල්ලපට්ටා සමග පස්දෙනෙක් කොටු

කන්නෙළිය රක්ෂිත වනාන්තරයෙන් කපන ලද වල්ලපට්ටා සහ වෙනිවැල් තොගයක් අත්අඩංගුවට ගැනීමට කන්නෙලිය රක්ෂිත වනාන්තරය ආශ්‍රිත වන නිලධාරින් සමත්ව තිබෙනවා.

වල්ලපට්ටා කිලෝ 15ක් සහ වෙනිවැල් කිලෝ 150ක් මේ අතර වන බවයි නෙත් නිව්ස් වාර්තාකරු පැවසුවේ.

මේ සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මොවුන් පැලවත්ත සහ ගල්ලන්දල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි නෙත් නිව්ස් වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ උපකරණ උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




තව කියවන්න >>

දකුණු අප‍්‍රිකානු පිතිකරුවෙකුට අයි.පී.එල්. අහිමි වෙයි

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට දකුණු අප‍්‍රිකානු පිතිකරු පෆ් ඩු ප්ලෙසිස් හට සිදුව තිබෙනවා. ඒ, ආබාධයකට ලක්වීම හේතුවෙන්.


පෆ් ඩු ප්ලෙසිස් මෙවර තරගාවලියේදී නියෝජනය කරන්නේ පූනේ රයිසින් කණ්ඩායමයි.

එම කණ්ඩායම නියෝජනය කළ ඔහු තරග 06දී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 206ක්.
 
මෙවර අයි.පී.එල් තරගාවලියේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් අතර 08 වන ස්ථානයේ පසුවන්නේද පෆ් ඩු ප්ලෙසිස්. 

තව කියවන්න >>

අධිකරණය සහ වද හිංසා ගැන සොයන්න දෙන්නෙක් දිවයිනට


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් දෙදෙනෙකු අද (29) දිවයිනට පැමිණීමට නියමිතයි.

අධිකරණ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මොනිකා පින්තෝ මහත්මිය එලෙස පැමිණෙන එක් අයෙක්.

වද හිංසා පැමිණවිම පිළිබඳ විශේෂ නියෝජිත හුවාන් මෙන්දොස් මහතාද අද (29) දිවයිනට පැමිණෙනවා. 


ඔවුන් මෙලෙස ශ‍්‍රී ලංකාවට පැමිණෙන්නේ රජයේ ආරාධනයකට අනුව බවයි පැවසෙන්නේ.


දින කිහිපයක් මෙරට රැඳී සිටින ඔවුන් මැති ඇමතිවරුන්, රජයේ නිළධාරීන් ඇතුළු පිරිසක් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.

මෙම විශේෂ නියෝජිතයන් දෙදෙනා උතුරු නැගෙනහිර ඇතුළු ප‍්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. 
- See more at: http://nethfm.com/article/104755#sthash.oD1gyrjd.dpuf
තව කියවන්න >>

උතුරු කොරියාවෙන් ඇමරිකාවට කොන්දේසි

සම්බාධක නොකතා උතුරු කොරියාව විසින් සිදු කරන න්‍යෂ්ඨික අත්හදා බැලීම් පිළිබද මේ වන විට ලෝකයේ විශාල කතා බහකට ලක්වී ඇත.

එබැවින් මේ වන විට ඇමරිකාව ප්‍රමුඛ රටවල් බොහොමයක් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් උතුරු කොරියාවද නිශ්චිත තීරණයකට එළඹී ඇති අතර, ඔවුන් ඇමරිකාව ප්‍රමුඛ රටවලට යෝජනා කර සිටින්නේ වාර්ෂිකව දකුණු කොරියාව සමග පවත්වන හමුදා පුහුණු වීම් වහා අත්හිටුවන ලෙසයි.
තව කියවන්න >>

දෙමටගොඩ මෝටර් රථයක් ගිනිගනී

දෙමටගොඩ සමන්තා සිනමා ශාලාව අසල මහ පාරේ මෝටර් රථයක් ගිනිගනිමින් පවතින බව පොලිසිය කියයි.
ගින්න නිවීම සඳහා ග්‍රෑන්ඩ්පාස් හා මරදාන ගිනි නිවීම් ඒකක එහි ළඟාවෙමින් සිටින බව කියති. මාර්ග තදබදය හේතුවෙන් ගිනි නිවන රථවලට එහි ළඟාවීම අපහසුව ඇතැයි වාර්තාවේ.
තව කියවන්න >>

‘වරාය හොරකම මූලිකව තිබෙන තැනක්‘

හම්බන්තොට වරාය ගොඩනගා ගැනිම ඉතා බැරැරුම් කාර්යයක් බවත් දෙවන අදියරේ වරාය සෑදිමට ඩොලර් බිලියන 1.2 වැය කර ඇති බවත් චීන රජය සමග එය පියවන ආකාරය ගැන සාකච්ඡා කරමින් යන බවත් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී පැවසීය.
ජනපති  හා අගමැති කළ විදෙස් සංචාරයේදි ආයෝජකයන් ඉදිරිපත් විම හරහා වරාය දියුණු කළ හැකි බවත් චීන රජයෙන් හම්බන්තොට කර්මාන්ත පුරයක් ඇති කිරිමට ඉල්ලා ඇති බවත් කී ඇමැතිවරයා ආයෝජකයින් ගේ කර්මාන්ත ගැන සොයා බලා  අගමැතිතුමාගේ මුලිකත්වයෙන් ඇති ආර්ථික උපදේශක කමිටුව මගින් සාකච්ඡා කර සියලුම තීරණ ගන්නා බව ද කීවේය.
අමාත්‍යවරයා වරකාගොඩ ඥානරතන අස්ගිරි මහනාහිමියන්ද බැහැ දැකීමට ගියේය.
එහිදී මාධ්‍ය හමුවේ ඇමැතිවරයා කියා සිටියේ ‘වරාය කියන්නේ හොරකම මුලිකව තියෙන තැනක්. ජනපතිතුමා හා අගමැති මට වරාය භාර දුන්නේ එහි හොරකම නැති කරල සුද්ද කරන්න.හොරකම නවත්තනකොට ඒවයින යැපුන දායකත්වය දුන්නු අය ප්‍රශ්න ඇති කරනවා. ඒක මට වෙච්ච දෙයක් නෙමෙයි හැම ඇමැති කෙනකුටම වුණා. අපි තීරණයක් අරන් තියෙනව මොන දේ වුණත් හොරකම නවත්තනවා. සේවකයන්ගෙ කිසිම දෙයක් කප්පාදු කරන්නෙ නෑ‘ යනුවෙනි.
තව කියවන්න >>

ශ්‍රීලනිපයට නව සංවිධායකවරුන් 11 ක් පත් කෙරෙයි

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සහ දිස්ති‍්‍රක් සංවිධායකවරු 11 දෙනෙක් අද (28) පත් කෙරුණා. එම පිරිස අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්තා.

ගම්පහ දිස්ති‍්‍රක් සංවිධායක ලෙස හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන ප‍්‍රදීප් ජයවර්ධන මහතා පත් කර තිබෙනවා. හිරියාල ආසන සංවිධායක ලෙස පත් කෙරුණේ වයඹ පළාත් සභා මන්තී‍්‍ර කමල් ඉන්දික මහතායි.

කොළඹ දිස්ති‍්‍රක් සංවිධායකවරුන් ලෙස බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්තී‍්‍ර ගාමිණි ද සිල්වා මහතා සහ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පත් කර තිබෙනවා.

කළුතර දිස්ති‍්‍රක් සංවිධායක ලෙස මනුල චමල් පෙරේරා මහතා ද, ගාල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස පියල් දර්ශන ගුරුගේ මහතා ද, කෑගල්ල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස නලීන් පුෂ්පකුමාර මහතා ද, කුරුණෑගල දිස්ති‍්‍රක් සංවිධායක ලෙස තුෂාර තිලකරත්න මහතා ද පත් කර තිබෙන අතර බෙන්තර - ඇල්පිටිය සම සංවිධායකවරුන් ලෙස බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ගයාන් කි‍්‍රෂාන් සිරිමාන්න මහතා සහ ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අමිල හර්ෂණ කාරියවසම් යන මහත්වරුන් ද පත්ව සිටිනවා.

මෙහිදී නව සංවිධායකවරුන් අමතමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ ජනතාවාදී නිර්මල දේශපාලනයක් සඳහා සියල්ලන් කැපවිය යුතු බවයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලට ගරු කරමින් දූෂණය සහ වංචාව පිටුදකිමින් රට සහ ජනතාව වෙනුවෙන් වූ තම වගකීම් හඳුනාගෙන මනා අවබෝධයකින් යුතුව ඉදිරි දේශපාලන කටයුතු සිදුකරන ලෙසද මෙහිදී ජනාධිපතිතුමා නව ආසන සංවිධායකවරුන්ගෙන් සහ දිස්ති‍්‍රක් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටියා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන්  ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

-   
තව කියවන්න >>

ඇඹිලිපිටිය සිද්ධියේ වාර්තාවක් පොලිස්පති අතට

සාදයක් අතරතුරදී ඇඹිලිපිටිය පොලීසියේ නිලධාරීන් සමග ඇතිකර ගත් ගැටුමකදී මියගිය බව කියන සුමිත් ප‍්‍රසන්නගේ මරණය සම්බන්ධයෙන් පොලිස් කොමිසම පැවැත්වූ පරීක්‍ෂණයේ වාර්තාව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙත භාරදී තිබෙනවා.

එම කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා සඳහන් කළේ වාර්තාවේ කරුණු පදනම් කර ගනිමින් පොලිස්පතිවරයා විසින් ඊට අදාළ ඉදිරි කි‍්‍රයාමාර්ග ගනු ඇති බවයි. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම සදහා නිලධාරීන් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පොලිස් කොමිසම මගින් පත් කෙරුණා.

ඔවුන් අදාළ ප‍්‍රදේශයට ගොස් ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළා. සිද්ධියට සම්බන්ධ පාර්ශ්වවලින් ලබාගත් තොරතුරු සහ විස්තර ඇතුළත් කර අදාළ වාර්තාව සකස් කර තිබෙනවා. 

තව කියවන්න >>

සෙලාන් බැංකුව ෆේස්බුක් ඔස්සේ ගණුදෙනුකරුවන්ට තෑගි බෙදයි -

කවදත් තම ගණුදෙනුකරුවන් සඳහා නවමු අත්දැකීම් ලබා දෙන සෙලාන් බැංකුව පසුගියදා ෆේස්බුක් ඔස්සේ අලුත්ම තරග අත්දැකීමක් ලබා දෙනු ලැබුවා.

ඒ තමන්ගේ බරට තෑගි ලබාදීමයි.
 
එම තරගයේ දී සෙලාන් බැංකුවේ ෆේස්බුක් පිටුවේ තමන්ගේ නිවැරදි බර ප්‍රමාණය සඳහන් කරමින් ප්‍රවීන් විජේසිංහ සහ රිද්මි මුතුතන්ත්‍රී යන දෙදෙනා ජය ගනු ලැබුවා.

නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ටිලාන් විජේසේකර (අලෙවි/පුද්ගලික බැංකු කටයුතු) සහ ප්‍රධාන කළමනාකරු දිනේෂ් ජෙබමානි යන මහත්වරු අතින් ඔවුන් ත්‍යාග ලබාගනු ලැබු ආකාරය පහත ඡායාරූපවලින් දැක්වෙයි.


තව කියවන්න >>

ATM වලින් හොරෙන් සල්ලි ගත්ත චීන්නු දෙන්නා අල්ලයි

එ්.ටී.එම්. යන්ත‍්‍ර මගින් මුදල් වංචා කළ බව කියන චීන ජාතිකයන් දෙදෙනෙකු කොළඹ ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනා. 

ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (27) රාත්‍රියේ කළ වැටලීමකදීයි. සැකකරුවන් දහවල් කාලයේදී අදාළ ඒ.ටී.එම් යන්ත‍්‍රවලට ඉතා කුඩා විද්‍යුත් උපකරණයක් සවිකර තිබෙනවා.

ගණුදෙනුකරුවන් කාඞ්පත් හරහා ඒ.ටී.එම් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගැනීමේදී ඒවායේ දත්ත අදාළ විද්‍යුත් උපකරණයේ ගබඩා වනවා. සැකකරුවන් දෙදෙනා එම දත්ත මගින් ව්‍යාජ කාඞ්පත් සකසා මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බවයි පරීක්‍ෂණවලදී අනාවරණ වුණේ.

එලෙස සකස් කළ ව්‍යාජ බැංකු කාඞ්පත් 7 ක් ඔවුන් සතුව තිබී සොයා ගැණුනා. සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තව කියවන්න >>

"තරුමල් කඩා දෙන්නෙමී" - දුම්රියට බිළිවූ 'තරුණියන් දෙදෙනා' අවසන්වරට ගැයූ බව කියන ගීතය(VIDEO)

දෙහිවල ප‍්‍රදේශයේදී පසුගියදා දුම්රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ තරුණියන් දෙදෙනා ගායනා කළ බව කියන ගීතයක් සමාජ ජාල වෙබ් අඩවි වෙත නිකුත් කර තිබෙනවා.


ෂෙරෝන් සහ ඉමේෂිගේ බවට දක්වා ඇති එම ගීතය ඔවුන් විසින්ම ගැයූ බවට තහවුරු කළ හැකි සාක්ෂියක් මෙතෙක් හමුවී නැහැ.

එම ගීතය පහතින් දැක්වෙනවා.


තව කියවන්න >>

දෙහිවලදී දුම්රියට 'සිසුවියන් බිළිවීමේ කතාව' වෙනස් අතකට හැරේ!

දෙහිවලදී සිසුවියන් දෙදෙනෙක් දුම්රියට බිලිවීමේ පුවත සම්බන්ධයෙන් මේ වන විට විවිද අදහස් පළවෙමින් තිබෙනවා.



මිතුරෙකුගේ උපන්දින සාදයකට ඔවුන් ගිය බව කීවත් සාදය සඳහා ඔවුන්ව කැඳවාගෙන ගිය මිතුරා බව කියන පුද්ගලයෙක් ෆේස්බුක් ඔස්සේ සටහන් කර ඇත්තේ ඉමේෂිගේ පෙම්වතාට පුදුමකරවන උපන්දින සාදයක් පැවැත්වීම එහි අරමුණ වූ බවයි.



මේ අතර දුම්රියට බිළිවූ සිසුවියන් දෙදෙනා හෙඩ්සෙට් පැළඳ සිටි බවද ඇතැම් මාධ්‍ය පළකර තිබුණා.



මේ සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විරෝධය පළ වෙමින් තිබෙනවා.




එම අදහස් පහතින් දැක්වෙනවා.


තව කියවන්න >>

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිමගෙන් යකඩ පොලු පහරක් - ගරාජ් හිමියා රෝහලේ

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම ගමගේ මහතා  ගරාජ හිමියෙකුට යකඩ පොල්ලකින් පහර දීමේ සිදුවීමක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.



කැකිරාව යකල්ල පාරේ පිහිටි ගරාජයකදී පෙරේදා (25) මේ පහර දීම සිදුව ඇතැයි එම කාර්මික ශිල්පියා කැකිරාව පොලිස් ස්ථානයට කළ පැමිණිල්ලේ සඳහන් වනවා.


පහර කෑමට ලක්ව ඇති පුද්ගලයා චන්දිම ගමගේ මන්ත්‍ත්‍රීවරයාගේ මෝටර් රථයක් මන්ත්‍රිවරයාගේ නිවෙසේදීම අලුත්වැඩියා කර ඇති අතර එහි තිබූ අලුත්වැඩියා නොකළ හැකි කොටසක් සම්බන්ධයෙන් එම කාර්මික ශිල්පියා මන්ත්‍රීවරයාට කරුණු පැහැදිලි කර දී තිබෙනවා.


ඒ සම්බන්ධයෙන් උරණ වූ මන්ත්‍රිවරයා තම ගරාජයට පැමිණ තම බිරියද ඉදිරියේ තමන්ට යකඩ පොල්ලකින් පහරදුන් බව කාර්මික ශිල්පියා පොලිසියට සඳහන් කර තිබෙනවා.



සිද්ධියෙන් තුවාල ලැබූ ගරාජ හිමිකරුවා කැකිරාව රෝහලට ඇතුළත් කර පසුව එදිනම රාත‍්‍රියේ අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබෙනවා.

තව කියවන්න >>