දුම්රිය දඩය අද සිට ඉහළට

ප‍්‍රවේශපත‍්‍ර නොමැතිව දුම්රියේ ගමන් කිරීම ඇතුළු දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර සම්බන්ධයෙන් සිදු කරන වැරදිවලට අදාළව අය කරන දඩ මුදල අද (01) සිට ඉහළ දමා තිබෙනවා. 

මීට පෙර රුපියල් දෙදහස් පන්සීයයක් වූ එම දඩ මුදල අද සිට රුපියල් තුන්දහසක් දක්වා ඉහළ දමා ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ. 

තව කියවන්න >>

හම්බන්තොට අලිපැටියා ලෝකයටම ප්‍ර‍වෘත්තියක් වෙයි (VIDEO/PHOTOS) -

ඉදිකෙරෙමින් පවතින හම්බන්තොට වරායේ දෙවන අදියරේ කාණුවකට වැටී අසරණව සිටි අලිපැටවකු වනජීවි නිලධාරීන් විසින් බේරාගත් ආකාරය දේශීය ප්‍ර‍වෘත්ති ඔස්සේ ඔබ දකින්නට ඇති.

මේ වනවිට මෙම පුවතට ජාත්‍යන්තර ප්‍ර‍වෘත්ති ආයතන රැසක් විසින්ද විශේෂ තැනක් ලබාදී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය මෙම පුවත වාර්තාකොට ඇත්තෙ මෙලෙසින් Baby elephant rescued from drain in Sri Lanka

ඩේලි මේල් වෙබ් අඩවිය මෙම පුවත වාර්තාකොට ඇත්තෙ මෙලෙසින් Dumbo! Footage shows bystanders in Sri Lanka saving a hapless baby elephant after it fell down an uncovered drain



තව කියවන්න >>

අත්අඩංගුවට ගත් ජවිපෙ මන්ත්‍රීට ඇප ලැබෙයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා රිය අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව ඇප මත මුදාහැර තිබෙනවා.

ඔහු විසින් පදවන ලද වාහනය අද (31) අලුයම රාජගිරිය ප‍්‍රදේශයේදී දුරකථන කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ. 

තව කියවන්න >>

වාහන බදු වැඩි කිරීමෙන් රජයට පාඩුවන හැටි මෙන්න

මෙරටට ගෙන්වනු ලබන වාහන වලින් අයකරනු ලබන බදු මුදල පැවතියාටත් වඩා ඉතාමත් ඉහළ අගයකින් මේ වනවිට ඉහළ දමා තිබෙනවා. ඇතැම් වාහන මාදිලිවල බදු මුදල රුපියල් මිලියන 5න් පමණ වැඩිවී ඇති බවයි පෙනී යන්නේ. මෙසේ වාහන සඳහා අයකරනු ලබන බදු මුදල් ඉහළ දැමීමෙන් රජයට ආදායම වැඩිවනවා වෙනුවට අඩුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වානිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ.

“වාහනයකින් අයකරනු ලබන බද්ධ, මධ්‍යසාර හෝ දුම්කොළ වලින් අයකරන බදු වලින් වගේ, බදු වැඩිකිරීමෙන් වැඩි ආදායමක් ලැබේයැයි අපේක්ෂා කරන්න බැහැ. බදු වැඩිවීමෙන් වාහන මිල ඉහළ යනව. වාහන මිල ඉතා විශාල ලෙස ඉහළ ගියාම වාහන මිලදී ගැනීම අඩු වෙනව. එමගින් බදු ආදායම විතරක් නෙවෙයි වාහන ලියාපදිංචියෙන් ලැබෙන ආදායමත් අඩු වෙනව. නමුත් බදු අඩු කළොත් වාහන මිල අඩුවන නිසා වාහන වැඩියෙන් විකිනෙනව. එමගින් වැඩි බදු ආදායමක් වගේම ලියාපදිංචි ගාස්තු වලිනුත් රජයට ආදායමක් ලබන්න පුළුවන්.“

ගතවූ කාලයේ වාහන බදු මුදල් වැඩි කළ සහ අඩු කළ අවස්ථා පිළිබඳ අධ්‍යනය කිරීමෙන් මේ බව වඩාත් හොඳින් පැහැදිළි වන බවද කුමාරසිංහ මහතා පෙන්වා දෙනවා

තව කියවන්න >>

ගමට යන මග ඉනිමඟක් කරගත් ගමක්

කටුක දුෂ්කර ගමනකින් පසු පාසලට යන දරුවන් පිරිසක් පිළිබඳව වූ පුවතකට පසුගිය දා ලෝකයේම අවධානය යොමු වී තිබුණා.

මීටර 800 ක් තරම් වූ ඉහළ කඳු මුදුණක ජීවත් වෙන ඔවුන් කඳු පාමුළ ඇති පාසල වෙත යන්නේ ඉහළ සිට පහළ දක්වා ඇති ඉනිමඟක් ඔස්සේ බසිමිනි.  

චීනයේ සීචුආන් පළාතේ 'අටුලීර්' නමැති මෙම ගම්මානයේ ජීවත් වෙන වැසියන්ගේ දරුවන්ට මෙම ඉරණමට මුහුණ දෙන්නට සිදුව ඇත්තේ ඔවුන් සීඝ්‍ර බෑවුමක් සහිත කඳු මුදුණේ ජීවත් වෙන නිසාවෙනි. ඔවුන්ගේ ගම්මානයට ළඟා වීමට ඇති එකම මඟ මෙය වනවා. 

මෙම ගම්මානයේ ජීවත් වෙන වැසියන් කෘෂිකර්මාන්තයේ නියැලෙන්නන් වන අතර ගම්මානයේ ප්‍රධානියා විදෙස් මාධ්‍යට සඳහන් කර ඇත්තේ මෙම ඉනිමඟේ ගමන් කරද්දී ඇතැම් වැසියන් ඇද වැටුනු අවස්ථාද ඇති බවයි. 




තව කියවන්න >>

වාහන මිල වැඩි කිරීම ගැන සැඟවුණු රහසක් ඇමති ජෝන්ගේ කටින් පනී -

බදු ඉහළ නංවමින් ආනයනික මෝටර් රථවල මිළ ඉහළ දැමීමට හේතුව ආණ්ඩුවේ ඇමතිවරයෙක් අද (30) හෙළි කළා. 

“මෝටර් රථ මිල වැඩි කළේ සුදුස්සන් හා නුසුදුස්සන් මෝටර් රථ පාවිච්චි කරන නිසා. ත්‍රිරෝද රථ මිල වැඩි කළේ එම රථ වැඩි නිසා සහ ත්‍රිරෝද රථ සංගම්වල ඉල්ලීම නිසා.“ යි මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවා.

ඔහු මේ බව සඳහන් කළේ ගලේවෙල වහකෝට්ටේ පල්ලියේ සාකච්ඡාවකට පැමිණි අවස්ථාවේදීය.

තව කියවන්න >>

කළුතර වතු නිවාස 39 ක පදිංචිකරුවන් ඉවතට

නාය යෑමේ අවදානම් හේතුවෙන් කළුතර නෑබඩ රන්නගල වත්ත සහ තෙඹුවන මාබඩ වත්ත ප‍්‍රදේශයේ නිවාස 39 ක ජීවත් වූ ජනතාව ඉන් ඉවත් කර තිබෙනවා.

කළුතර නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ එම ජනතාව ආරක්ෂිත ස්ථානයක මේ වන විට රඳවා ඇති බවයි. ඔවුන්ට අවශ්‍යකරණ පහසුකම් මේ වන විට සපයමින් ඇති බවත් සඳහන් කළා. 

මේ අතර දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට අද (29) දිනයේද මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළේ දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි. 

ඌව සහ නැගෙනහිර පළාත්වල සවස 2.00 න් පසු වැසි ඇති විය හැකි බවත් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළංද අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නා

තව කියවන්න >>

නැගෙනහිර නාවික ප්‍රධානියා කොළඹට

නැගෙනහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් නීල් රොසයිරෝ මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි කොළඹට කැඳවා තිබෙනවා. 

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් අක‍්‍රම් අලවි මහතා සඳහන් කළේ ඒ වෙනුවට බස්නාහිර පළාත් නාවික හමුදා ආඥාපති රියර් අද්මිරාල් ට‍්‍රැවිස් සින්නයියා මහතා පත්කර ඇති බවයි. 

මෙම පත්කිරීම රාජකාරී අවශ්‍යතා මත මීට සති 3කට පමණ පෙර සැලසුම් කර තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 

කෙසේ වෙතත් නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා සාම්පූර් නාවික හමුදා කඳවුරේ අණදෙන නිලධාරී කපිතාන් රංජිත් පේ‍්‍රමරත්න මහතාට බැණවැදීමේ සිද්ධිය හා මෙම මාරු කිරීම අතර කිසිදු සම්බන්ධයක් නොමැති බවද නාවික හමුදාව අවධාරණය කළා.  

තව කියවන්න >>

CAMRY ලක්ෂ 48කින් ඉහළට..ලීෆ් පහළට - සියලු වාහනවල අලුත් මිළ ගණන් මෙන්න(EXCLUSIVE ) -

වාහන නිෂ්පාදන  බදු ඉහළ යෑමත් සමග ඇතැම් වාහනවල මිළ ඉහළ යන අතර තවත් වාහනවල මිළ පහත වැටෙන  බව ඔබ දන්නා කරුණක්.


ඒ අනුව CAMRY  වැනි රථයක බදු අගය රුපියල් 4,891,750කින් වැඩිවී තිබෙනවා.


 ලීෆ් රථයක  රු. ලක්ෂ 29 ක් වූ රේගු  බදු රුපියල් ලක්ෂ 17/50 දක්වා මෙහිදී අඩුවීම විශේෂත්වයක්.


ඉහළ ගිය සහ පහළ ගිය මෙන්ම මිල ගණන් වෙනස් නොවූ සියලු වාහනවල මිල ගණන් වාහන ආනයනය කරුවන්ගේ සංගමය විසින් නිවේදනය කළ පරිදි පහතින් දැක්වෙනවා


තව කියවන්න >>

ජනපති මෛත‍්‍රීට ලෝක නායකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් -

සාමයට සහ සෞභාග්‍යයට ඇති හොඳම මාර්ගය විවර කරමින් ශ‍්‍රී ලංකාව නව සංවර්ධන දිශානතියක් කරා මෙහෙයවීම නව රජයේ අරමුණ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජී-7 හෙවත් ප‍්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

අද (27) පෙරවරුවේ ජපානයේ ඉසි සිමා නගරයේදී මෙම සමුළුව ආරම්භ කෙරුණා. ජී-7 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් සමුළුව ආරම්භ වූයේ ජී-7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ජී-7 සමගාමී සමුළුව සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමුළුවට එක්වීම විශේෂත්වයක්. 

පැවති පාලනයේ විප්ලවකාරී වෙනසක් සිදුකරමින් ජීව සංවර්ධනයක් ඇති පරිසරයක් ගොඩනැගීමට සහ විවිධ අරමුණුවලින් යුක්ත වූ සමාජය තුළ සංහිඳියාව නිර්මාණය කිරීමට රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ලෝක නායකයින් දැනුවත් කරනු ලැබුවා. 

මේ අතර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේ, ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඇතුළු රාජ්‍ය නායකයින්ගෙන් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 








තව කියවන්න >>

කෑගල්ලේ ගම් 174ක් අවදානම්

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති සමස්ත ග‍්‍රාම නිලධාරී වසම් 573න් වසම් 174ක් අවදානම් තත්ත්වයේ පවතින බව අද අනාවරණ වුණා. ඒ, කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීයි. 

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නායයාම් 730ක් වාර්තා වී ඇති බවත් මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් ස්ථාන 193ක් පරීක්ෂාවට ලක්කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ආපදාවලින් මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි ප‍්‍රදානය කිරීම සතියක් ඇතුළත සිදුකෙරෙන බවද මෙහිදී අනාවරණ වූ තවත් කරුණක්. 

දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද (27) පැවැත්වුණේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්

තව කියවන්න >>

අනවසර ගිනිඅවි භාරදීමට යළි පොදු සමා කාලයක්

අනවසර ගිනිඅවි රජයට භාරදීම සඳහා මේ මස 30 වෙනිදා සිට ජුනි මස 17 වෙනිදා දක්වා යළි පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා ප‍්‍රකාශ කළේ පොදු ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
 
මෙම පොදු සමා කාලසීමාව තුළදී කිසියම් පුද්ගලයෙකු සතුව ඇති අනවසර ගිනිඅවි ළඟම ඇති පොලිස් ස්ථානයට, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට භාරදිය හැකියි. 

එලෙස ගිනිඅවි භාරදෙනු ලබන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක් හෝ දඬුවම් ලබාදීමක් සිදුනොකරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. 

මීට පෙර ද අනවසර ගිනිඅවි රජයට භාරදීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබුණා. 

තව කියවන්න >>

නදීෂා හේමමාලිගේ ප්‍රේමය දිනාගත් ලංකාවේ ක්‍රිකට් තරුව -

ශ්‍රී ලංකා ඒ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ භතීෂ ද සිල්වා, ජනප්‍රිය රංගන ශිල්පිනී නදීෂා හේමමාලිගේ පෙම්වතා බව ෆේස්බුක් ගිණුම් ඔස්සේ තහවුරු කර තිබෙනවා.


ඔවුන්ගේ ෆේස්බුක් ගිණුම්වල දැක්වෙන එම ඡායාරූප පහතින් දැක්වෙනවා.



තව කියවන්න >>

ආදරයේ වේදනාව දරාගත නොහැකිව මොරටුවේ තරුණයෙක් ගිනි තබා ගනී(VIDEO)

මොරටුව නගරයේදී තරුණයෙකු ඔහුගේ සිරුරට ගිනි තබාගෙන ඇති වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.



තරුණියකගේ ආදර  සම්බන්ධයක් නිසා මෙලස ගිනි තබාගෙන ඇති බවයි පැවසෙන්නේ.



එම වීඩියෝව සහ ඡායාරූප පහතින් දැක්වෙනවා.


තව කියවන්න >>

සිසුවෙකුට පහරදුන් ගුරුවරුන් තිදෙනෙක් ගැන පැමිණිල්ලක් -

ගාල්ලේ ජනපි‍්‍රය පාසලක 12 වන ශ්‍රේණියේ ගණිත අංශයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙකුට ගුරුවරුන් තිදෙනෙකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

අදාළ විදුහලේ නියෝජ්‍ය  විදුහල්පතිවරු දෙදෙනෙකු සහ විනය භාර ගුරුවරයා එම සිසුවාගේ කම්මුල ඉදිමෙන තුරු පහරදුන් බවටයි එම පැමිණිල්ලේ දැක්වෙන්නේ. 

පහරකෑමට ලක්වූ ශිෂ්‍යයා කරාපිටිය රෝහලට ඇතුළත් කළද, ගුරුවරුන්ගේ බලපෑම මත දින දෙකකට පසු රෝහලින් ඉවත්ව ගොස් තිබෙනවා. 

රෝහලේදී විනය භාර ගුරුවරයා සිය පුත‍්‍රයාට මරණ තර්ජන එල්ල කර ඇති බවයි පහරකෑමට ලක්වූ සිසුවාගේ පියා පවසන්නේ. 

එම සිසුවා පෞද්ගලික රෝහලට ඊයේ (26) දිනයේ ඇතුළත් කර තිබෙනවා.

මේ අතර ගාල්ල ප‍්‍රදේශයේ බාලිකා පාසලක 4 වැනි ශ්‍රේණියේ දැරියකට ශිෂ්‍යාවන් ලවා ටොකු ඇන්නවූ බව කියන ගුරුවරියක් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමට ගාල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය ඊයේ (26) නියෝග කළා. 

පසුගිය පෙබරවාරි මාසයේදී අදාළ දැරිය මෙම සිද්ධියට මුහුණ පා තිබෙනවා. 

මෙම සිද්ධියෙන් දැරියට යම් පීඩාවක් සිදුව ඇත්දැයි සොයා බලන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා පොලීසියට නියෝග කළා.

තව කියවන්න >>

නාවික හමුදාව තවමත් විපතට පත් ජනතාව සමග (PHOTOS)

කොළඹ ඇතිවී තිබූ ගංවතුර ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැළසීමට නාවික හමුදාව තව දුරටත් සක්‍රීය දායකත්වට ලබා දෙමින් සිටිනවා.

පසුගියදා කොළඹ ඇතුලු ප්‍රදේශ ගණනාවක ඇති වූ මෙම ගංවතුර තත්ත්වයෙන් ජනතාව මුදවා ගැනීමට නාවික හමුදාව සිය කුඩා බෝට්ටු රැගෙන සහන කටයුතුවල නිරත වුණා.

ගංවතුර බැස යමින් ඇති මෙවැනි තත්ත්වයකදී පවා නාවික හමුදාව එම විපතට පත් ජනතාවගේ අවශ්‍යතා සොයා බලමින් ඔවුන්ට සහය ලබාදෙමින් සිටි ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් මෙසේ කැමරාවේ සටහන් වුණා.


තව කියවන්න >>

ජනපති ජපන් යද්දී ගහපු සෙල්ෆිය(PHOTOS)

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජපානයේ සංචාරය ආරම්භ කර තිබෙනවා.


එම සංචාරය අතරතුර දී අමාත්‍ය නවීන් දිසානායක මහතා ලබා ගත් සෙල්ෆි ඡායාරූපද ඇතුළත් ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.




තව කියවන්න >>

ප්‍රශ්නය බේරගන්න බැරුව ගිනි තියා ගත්ත ඇමැති ලේකම්ගේ බිරිඳ මරුට - ලේකම් රෝහලේ

නියෝජ්‍ය අමාත්‍යවරයෙකුගේ  සම්බන්ධීකරණ ලේකම්වරයෙකු සහ ඔහුගේ බිරිඳ පෞද්ගලික ප්‍රශ්නයක් විසඳා ගත නොහැකිවීම හේතුවෙන්  සිරුරට ගිනිතබා ගෙන තිබෙනවා.


එම කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

 
සම්බන්ධීකරණ ලේකම්වරයා මේවනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

තව කියවන්න >>

ඇමතිවරු තිදෙනෙක් කොටුවේ සත්‍යග්‍රහයක

අමාත්‍ය පී. දිගම්බරන්, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹා තිබෙනවා. ඒ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නංවන්නැයි ඉල්ලමින්.

“රජයේ සේවකයින්ට ලබාදුන් 2500ක වැටුප් වර්ධකය වතු කම්කරුවන්ටද ලබාදෙන්න කියල අපි රජයෙන් ඉල්ලනව. දින හතරක් ඇතුළත නිසි පිළිතුරක් නොලැබුණොත් ලංකාව පුරාම වතු සේවකයින් සමග අපි වැඩ වර්ජනයක් අරඹනව.“ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා වැඩිදුරටත් පැවසුවා.

අරවින්ද කුමාර් සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් ඇතුඵ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද මෙම සත්‍යග‍්‍රහයට එක්වී සිටිනවා.

තව කියවන්න >>

නැගෙනහිර මහ ඇමතිට වැඩ වරදී - රාජ්‍ය ආරක්ෂක ඇමති නාවික ප්‍රධානියා වෙනුවෙන් සිට ගනී -

නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නෂීර් අහමඩ් මහතා   ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිලධාරීවරයා අපහසුතාවට පත්වන අයුරින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විරෝදය පළ කර තිබෙනවා.


සාම්පූර් ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ සඳහා විශාල මෙහෙවරක ශ්‍රී ලංකා නාවික හමුදාව නිරතවන බව පෙන්වා දෙන අමාත්‍යවරයා  නාවික හමුදාව සිදුකළ මෙහෙවර  පිළිබඳව නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අවබෝධයකින් පසුවූයේද යන්න සැක සහිත බවද අවධාරණය කර තිබෙනවා.



සාම්පූර් මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දූ දරුවන්ගේ විද්‍යාගාර පහසුකම් දියුණු කිරීමේ අරමුණින් පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කඳවුර භාර අණදෙන නිලධාරීවරයා ඇතුළු නාවික හමුදා නිලධාරීන් එදින එම විද්‍යාලයට විශාල ප්‍රදානයක්  සිදුකර ඇති බව  රුවන් විජයවර්ධන මහතා පෙන්වා දෙනවා.


රණවිරුවන් අපහසුතාවට පත්වන අයුරින් කිසිදු පුද්ගලයෙකුට කටයුතු කිරීමට ඉඩක් ලබා නොදෙන බව සඳහන් කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා, ඔවුන්ගේ අභිමානය ආරක්ෂාකිරීම වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටින බව අවධාරණය කර තිබෙනවා.

තව කියවන්න >>

ව්‍යාපාරිකයාව නිරුවත් කර 'කාන්තාවක් සමග වීඩියෝ කළ' එස්.එෆ් බණ්ඩාගේ කැමරා ශීල්පියා -

තිරප්පනය සෙලස්තිමඩුව ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනයවූ  හිටපු යුද හමුදා විශේෂ බළකා සෙබළෙකු වු එස්.එෆ් බණ්ඩා නැමැත්තාගේ කොල්ල කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු බව පැවසෙන අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට  ලැබුවා.


රුපියල් විසි ලක්ෂයක් පමණ වටිනා රන්පවුම් 50 ක් සමග ඔහුව ඊයේ රාත්‍රියේ (24)  අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බාලවයස්කාර දැරියක් දුෂණය කල බව අඟවන  වීඩියෝවක් සකසා රුපියල් කෝටියක කප්පම් ලබා ගැණීමට උත්සහ කර ඇත්තේ මෙම පුද්ගලයාගේ මූලිකත්වයෙන් බවයි පොලිසිය සඳහන් කළේ.


මෙම පුද්ගලයා අදාළ වීඩියෝවේ කැමරා ශිල්පියා බවයි පැවසෙන්නේ.ඒ සම්බන්ධයෙන් සැකකරු පොලිසියට කරුණු හෙළිකර තිබෙනවා.


අනුරාධපුර පුළියන්කුළම ප්‍රදේශයේ පිහිටි ස්වර්ණාභරණ අළෙවිසැලක තිබු රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා රන් ආභරණ හා මුදල් සහිත සේප්පුව සොරා ගැනීමේ සිද්ධියට ද මොහු සම්බන්ධ බව පොලිසිය සඳහන් කළා.


සොරා ගන්නා ලද සේප්පුවේ තිබුණු රුපියල් විසි ලක්ෂයකට වඩා වටිනා රන් පවුම් පනහකට ආසන්න ප්‍රමාණයක් නොච්චියාගම හා අඹන්පොල ප්‍රදේශයේ පිහිටි රන් ආභරණ සැල් දෙකකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයා ගෙන තිබුණු අතර ඒවා උණුකර තිබූ  බවයි වාර්තා වන්නේ.
තව කියවන්න >>

හිමිනමක් රෝහලට යැවූ පොලිසියේ හෙල්මට් පහර

පොලිස් නිලධාරියෙකු විසින් ආරක්ෂිත හිස් වැසුමකින් පහර දුන් බව කියමින් ස්වාමීන් වහන්සේ නමක්  ප්‍රතිකාර සදහා මාරවිල මූලික රෝහලට ඇතුළත් වී තිබෙනවා.


මෙලෙස රෝහල් ගත වී ඇත්තේ දංකොටුව - මැල්ලව ශ්‍රී සුවිසුද්ධාරාම විහාරස්ථානයේ විහාරවාසී යක්දෙස්සාවේ සෝමාලෝක ස්වාමීන් වහන්සේයි.


දංකොටුව පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකු 24 වැනිදා රාත්‍රී මුර සංචාරක  රාජකාරියේ නිරත වෙමින් සිටින විට මැල්ලව ප්‍රදේශයේදී සැක කටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


අත්අඩංගුවට ගත් එම පුද්ගලයාව පොලීසිය වෙත රැගෙන යාමට පොලිස් නිලධාරීන් සුදානම් වන විට එම ස්ථානයට පැමිණ ඇති පහර කෑමට ලක්වූ බව කියන ස්වාමීන් වහන්සේ ඊට විරෝධය පල කර ඇති අතර එම අවස්ථාවේදී ඇති වූ බහින් බස්වීමෙන් අනතුරුව එක් පොලිස් නිලධාරියෙකු විසින් තම අත තිබූ ආරක්ෂිත හිස් වැසුමකින් ස්වාමීන් වහන්සේට පහරදී ඇති බවට වාර්තා පළ වනවා.


මෙම සිද්ධියෙන් පසුව විහාරස්ථානයට එක්වී ඇති ගම්වැසියන් පහර කෑමට ලක්වූ ස්වාමීන් වහන්සේව මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තව කියවන්න >>

ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ - සියලු තොරතුරු මෙන්න -

ගුවන් හමුදා නිලධාරීන් පුහුණුව සඳහා පදවමින් සිටි හෙලිකොප්ටරයක් හිඟුරක්ගොඩ ප්‍රදේශයට කඩා වැටී තිබෙනවා.


හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පුහුණුවන බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙලෙස අද (25) අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.


එහිදී ජිවිත අනතුරු සිදුව නොමැති බවයි වාර්තා වන්නේ

තව කියවන්න >>

අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි

පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයක්.

බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරණ අතර සියළුම අඹ පොකුරු ඉදීම සිදු වන්නේ එකම දිනක බවයි නිවෙස් හිමිකරුවන් පෙන්වා දෙන්නේ. 


එක් පොකුරක අඹ ගෙඩි 10-15ත් තිබෙන අතර මෙම අඹ වර්ගය බද්ධ ගණයට අයත් වර්ගයක් බවත්, මෙම අඹ ගෙඩියේ අභ්‍යන්තරයේ බීජ ඵලයක් දක්නට නොලැබීම තවත් විශේෂත්වයක්.


තේවනුවර ආර්.පී.පීටර් මහතාගේ සහ කරුණාරත්න සිල්වා මහතාගේ නිවෙස් වල පිහිටා ඇති මෙම අඹ ශාකයන් වල හට ගෙන ඇති ඵල දැක ගැනීම සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගය එම ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ මිදි අඹ ලෙසිනි. වෙළද පොළේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර මිළකට අලෙවි කල හැකි බවත් මේ සදහා වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇති බවයි පැවසෙන්නේ





තව කියවන්න >>

ආපදා ගැන කතා කරන්න පාර්ලිමේන්තුව අද රැස්වෙයි

ආපදා තත්ත්වය සමාලෝචනය කෙරෙන විශේෂ පාර්ලිමේන්තු රැස්වීමක් අද (25) පස්වරුවේ පැවැත්වෙනවා. 

ආපදා තත්වය හේතුවෙන් විපතට පත්වූ ජනතාවට සහන සැලසීම අරමුණු කර ගනිමින් මෙහිදී විවාදයක් පැවැත්වීමට නියමිතයි. 

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉකුත් දා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම විශේෂ පාර්ලිමේන්තු සැසිය කැඳවීමට කතානායකවරයා තීරණය කළා. 

මෙහිදී ආපදා කළමනාකරණයේදී වැදගත් යෝජනා කිහිපයකට අනුමැතිය ලබාගැනීමට ද නියමිත බවයි වාර්තා වන්නේ

තව කියවන්න >>

ගං වතුරට යටවුණ ළිඳක් ක්ලෝරීන්කරණය කරගන්න නියම විදිය මෙන්න -

ගං වතුරට යටවුණ තමන්ගෙ ළිඳ නියමාකාරයෙන් පිරිසිදු කරගැනීම අත්‍යාවශ්‍ය දෙයක්. එවැනි ළිඳක වතුර නියමාකාරයෙන් පිරිසිදු කරනොගෙන ළිඳේ ජලය පරිභෝජනය කිරීම උදරාභාධ ඇතුළු ලෙඩ රෝග රැසකට මුළ වෙන්න පුළුවන් බවයි මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කරන්නෙ.

එම සංගමයේ සභාපති උපුල් රෝහන මහතා ගංවතුරට යටවුණු ළිඳක් නිසියාකාරව පිරිසිදු කරගතයුතු ක්‍ර‍මය මෙසේ පැහැදිළි කළා.

“සාමාන්‍යයෙන් ළිඳක් ක්ලෝරින්කරණය කරන ආකාරයට, ගං වතුරෙන් යටවුණු ළිඳක් ක්ලෝරීන්කරණය කරල ප්‍ර‍මාණවත් නැහැ. ඒ නිසා ගං වතුරෙන් යටවුණු ළිඳකට මුලින්ම ක්ලෝරීන් ග්‍රෑම් 250ක් පමණ ජලයේ දියකර ළිඳට දමා පැය 06ට වැඩි කාලයක් තබන්න. (පැය 24ක් තැබිය හැකිනම් වඩාත් සුදුසුය) අනතුරුව ළිඳේ ජලය හිස්කර ලිං පතුළ හොඳින් පිරිසිදු කරන්න“

අනතුරුව ළිඳ සාමාන්‍ය ලෙස පිරෙන්නට ඉඩ හරින ලෙස රෝහණ මහතා පවසනවා. ළිඳ සුපුරුදු මට්ටමට පිරුණු පසුව මතු සඳහන් සූත්‍ර‍යට අනුව ළිඳෙහි ඇති ජල පරිමාව මැනගෙන ජලය ගැලුම් 1000ට ක්ලෝරීන් අවුන්ස 1ක් හෝ ග්‍රෑම් 28.35ක් (ගිණි පෙට්ටි පියනකින් 1ක්) බැගින් ගෙන හොඳින් දියකර ළිඳට දමන ලෙසත්, අනතුරුව පැය 24ක් ගතවීමෙන් පසු භාවිතයට ගතහැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

සාමාන්‍ය ලිඳක් ක්ලෝරීන්කරණය කිරීමෙන් පැය 24කට පසුව බීමට ඇතුළු සමාන්‍ය භාවිතයට සුදුසු වුවද, ගංවතුරෙන් යටවූ ළිඳක බොහෝ විෂබීජ තිබිය හැකි බැවින් මසක්වත් ගතවනතුරු ජලය උණුකර නිවා භාවිත කරන ලෙසද ඔහු අවධාරණය කරනවා. 

තව කියවන්න >>

බ්ලුමැන්ඩල් සංඛගේ ගෝලයෝ දෙන්නෙක් කොටු

ඉකුත් දා අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජික බ්ලුමැන්ඩල් සංඛගේ ගෝලයන් දෙදෙනෙකු අද (24) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දරුණා හෙවත් ක‍්‍රිෂාන්තන් සහ තවත් අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලක්ෂ 65 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග‍්‍රෑම් 638 ක් සමගයි. සැකකරුවන්ගෙන් තවදුරටත් ප‍්‍රශ්න කරන බව පොලිසිය පැවසුවා.
තව කියවන්න >>

පිල්ලෙයාන් ගහන්න පනී

නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පහරදීමට දැරූ උත්සහයක් පොලිස් නිලධාරීන් විසින් අද (24) ව්‍යර්ථ කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා අද පළාත් සභා සැසියට පැමිණි අවස්ථාව ඡායාරූප ගතකළ මාධ්‍යවේදියෙකුට මෙලෙස පහරදීමට උත්සහ දරා තිබෙනවා.
 
නැගෙනහිර පළාත් සභාවේ පිවිසුම අසලදී මෙය සිදුවූ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 


තව කියවන්න >>

ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

රට තුළ පැවැති ආපදා තත්ත්වයන් හේතුවෙන් පීඩාවට පත් ජනතාවට ජල සහ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා වූ බවයි. 

මේ අනුව අදාළ බිල් පත් ගෙවීම සඳහා ජනතාවට මසක සහන කාලයක් හිමිවෙනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කළේ.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)

තව කියවන්න >>