බින්දුට බන්දුගෙන් සහනයක්

රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගේ චරිතය අනුකරණය කරමින් රංගනයේ යෙදෙන බවට බින්දු බෝතලේගම මහතාට එරෙහිව පවරා තිබූ නඩුවක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ අද (25) සලකා බැලුණා. මෙම නඩුව ගොනුකර තිබෙන්නේ බන්දු සමරසිංහ මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට කළ පැමිණිල්ලක් අනුවයි.


බින්දු බෝතලේගම මහතා යොදාගෙන නිෂ්පාදනය කර ඇතැයි කියන චිත‍්‍රපට 3ක නිෂ්පාදකවරුන් බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කිරීම යටතේ සැකකරුවන් ලෙස නම්කරනවා දැයි ලබන ජුලි 18 වෙනි දින අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත‍්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට මෙහිදී නියෝග කළා.

බන්දු සමරසිංහ මහතා කියා සිටියේ බින්දු බෝතලේගම මහතා තමන්ගෙන් සමාව අයැද සිට මින් ඉදිරියට තමා අනුකරණය නොකිරීමට පොරොන්දු වන්නේ නම් නඩුව සමථ කරගැනීමට සූදානම් බවයි. 


EmoticonEmoticon