ශ‍්‍රීපාද වන්දනා සමය ඇරඹෙයි

මෙවර ශ‍්‍රී පාද වන්දනා සමය අදින් ආරම්භ වනවා. පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ‍්‍රීපාද රජමහ විහාරස්ථානයේ සමන් දේවාලයේ තැන්පත් කර තිබූ සාධාතුක කරඬුව, සුමන සමන් දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ ශ‍්‍රීපාදස්ථානය වෙත ඊයේ (12) වැඩම කරනු ලැබුවා. ඒ, විශේෂිත වූ පෙරහැර 03කින්.

සධාතුක කරඬුව, දේව ප‍්‍රතිමාව සහ දේවාභරණ රැගත් පෙරහැර ශ‍්‍රීපාද මළුව වෙත අද අලුයම ළඟා වූ බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

මෙවර ශ‍්‍රීපාද වන්දනා සමයේ දී පරිසරය ආරක්ෂා කිරීමේ අරමුණින් පොලිතීන් භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා.

වන්දනාකරුවන් විසින් රැගෙන එනු ලබන පොලිතීන් මස්කෙළිය මාවුස්සාකැලේ මාර්ග බාධකයේ සිට ශ‍්‍රීපාද උඩමළුව දක්වා ස්ථාන කිහිපයක දී පොලිසිය සහ මහජන පරීක්ෂකවරුන් සිය භාරයට ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ වෙනුවට දිරාපත් වන විශේෂ බෑගයක් නොමිලේ ලබාදෙනු ඇති.


තව කියවන්න >>

ආණ්ඩුවේ 28 ක් ගැන ඒකාබද්ධ විපක්ෂය බලාපොරොත්තුවෙන්

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අදාළ ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට සම්බන්ධ මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකු ඒකාබද්ධ විපක්ෂයට සහය පල කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල පවසනවා.
ඔහු කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණේ සහය ද තම පාර්ශවයට ලැබෙනු ඇති බවයි.
ඡන්ද විමසීමේ දී ආණ්ඩුවට බහුතර බලයක් ලබානොදීම ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ බවයි මන්ත‍්‍රීවරයා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් කියා සිටියේ.
අයවැය ඡන්ද විමසීමට සහභාගී නොවුණ ද නව ව්‍යවස්ථාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යයෙන් ඡන්දය ප‍්‍රකාශ කරනු ඇති බවයි එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

තව කියවන්න >>

දකුණු අප‍්‍රිකානු බල කණුවක් ශ‍්‍රී ලංකා සංචාරයෙන් ගැලවෙයි

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ප‍්‍රබල පිතිකරුවෙකු මෙන්ම කණ්ඩායමේ නායකයා ද වන ඒ. බී. ඩිවිලියර්ස්, ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියෙන් ඉවත් කර තිබෙනවා. ඒ, ඔහුගේ වැලමිටේ ආබාධය මෙතෙක් සුව නොවීම හේතුවෙන්.

මීට පෙර ප‍්‍රකාශ කර තිබුණේ ඩිවිලියර්ස් ශ‍්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගයේ දී යළි දකුණු අප‍්‍රිකානු කණ්ඩායම සමග එක්වනු ඇති බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය හේතුවෙන් කණ්ඩායමේ නායකත්වය පෆ් ඩු ප්ලෙසීස් හට හිමිවනු ඇති.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ කළමනාකරු පවසන්නේ ඩිවිලියර්ස්ගේ ආබාධය සුවවීම සඳහා තවත් සති 03 ක් හෝ 04 ක් ගතවනු ඇති බවයි.

ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලිය ලබන 26 වනදා ආරම්භ වනවා.

තව කියවන්න >>

ජනතාව පරාදයි! අනාගත දර්ශනයක් තියෙන අයවැයක්! අයවැය ගැන මැති ඇමතිවරු කියන කතා…

2017 අයවැය තුන්වර කියවීම පාර්ලිමේන්තුවේ දී ඊයේ වැඩි ඡන්ද 110 කින් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 165 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 55 ක් පමණයි. මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු ඡන්ද විමසීම සඳහා පැමිණ සිටියේ නැහැ.

ඡන්ද විමසීමෙන් පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අයවැය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග මෙලෙස සංවාදයට එක්වුණා. අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ ආණ්ඩුවේ ශක්තිය නැවතවරක් පෙන්වූ අයවැයක් බවය. කිසිදු රාජජ්‍ය දේපලක් නොවිකුණන බවද ඔහු පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පැවසුවේ ලොකු මිනිහට ලොකු කාර් එකක් ගෙන්න ගන්න බදු අඩුකර බට්ටා ලොරි දෙගුණයකින් ඉහළදමා ඇති බවය.

අමාත්‍ය එස්. බී. දිසානායක පවසන්නේ සංවර්ධන අයවැයක් බවය. විශාල වැඩි ඡන්දයකින් සම්මතකර ගැනීම ගැන සතුටුවන බවය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පැවසුවේ මේ අයවැය ආණ්ඩුව ජය ගන්නා බව දැන සිටි බවය. මැති ඇමතිවරු වරදාන සහ වරප්‍රසාද රැක ගැනීම සඳහා අයවැය ජයග්‍රහණය කළ බවය.

අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ අනාගත දර්ශනයක් ඇති අයවැයක් බවය. මීට මල් මෙන්ම ගල්මුල්ද එල්ලවියහැකි බවත් ඔහු පවසනවා.

අයවැයෙන් පරාජය වූයේ ජනතාව බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

අයවැයේ ප‍්‍රතිලාභ ජනතාවට බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක අවසානයේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය දින 19 ක් පුරා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.


තව කියවන්න >>

ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් වන්දනාමාන කිරීමේ දුර්ලභ අවස්ථාවක්


ධාතූන් වහන්සේ වැඩිම ප‍්‍රමාණයක් එකවර වන්දනාමාන කිරීමේ තවත් දුර්ලභ අවස්ථාවක් නෙත් ශ‍්‍රාවකයින්ට උදා වනවා. ඒ, කොබ්බෑකඩුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදීයි.
මෙහිදී සර්වඥ කේශ ධාතූන් වහන්සේ, අස්ථි ධාතූන් වහන්සේ ඇතුළු එකම ස්ථානයක වැඩ සිටින මහ රහත් ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාකර දී තිබෙනවා. දෙසැම්බර් 14 වනදා සිට 18 වනදා දක්වා පස්වරු 01 සිට ධාතූන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට අවස්ථාව උදාකර දීමටයි කටයුතු යොදා ඇත්තේ.

තව කියවන්න >>

ඉල්ලා අස්වෙන බව කී දකුණේ ඇමති දැන් කියන කතාව…

සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවසූ දකුණු පළාත් අමාත්‍ය යු. ජී. ඞී. ආරියතිලක, ඒ සම්බන්ධයෙන් වන ලිපියක් හෝ වෙනත් නිල දැනුම්දීමක් තවමත් ලබා දී නැතැයි දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා පවසනවා. නෙත් නිවුස් කළ විමසීමක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ එවැනි ඉල්ලා අස්වීමක් සිදු වන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගත යුත්තේ ජනාධිපතිවරයා බවයි.
යූ. ජී. ඞී. ආරියතිලක අමාත්‍යවරයාට අයත් කෘෂිකර්ම, වාරිමාර්ග, ගොවිජන සංවර්ධන, ජලසම්පාදන හා ජලාපවහන, ආහාර සැපයුම් හා බෙදාහැරීම් සහ වෙළඳ හා සමූපකාර සංවර්ධන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ දකුණු පළාත් සභාවේ දී පෙරේදා පරාජය වුණා. තමන් ධුරයෙන් ඉල්ලා අස්වන බව යූ. ජී. ඞී. ආරියතිලක අමාත්‍යවරයා විසින් ප‍්‍රකාශ කළේ ඉන් අනතුරුවයි. එහෙත් මේ දක්වාත් ඉල්ලා අස්වීමේ ලිපියක් භාර නොදීම සම්බන්ධයෙන් නෙත් නිවුස් ඔහුගෙන් ඊයේ (10) නැවත විමසා සිටියා. එහිදී ඔහු පැවසුවේ තම ඡන්දදායකයින් තමාට ඉල්ලා අස් නොවන ලෙස පවසන බවය. ජනාධිපතිවරයා මුණගැසී මේ පිළිබඳව සාකච්ඡා කරන බවත්, තමාගේ මතයනම් සදාචාරයට අනුව ඉල්ලා අස්වියුතු බවය.

මේ අතර අදාළ වැය ශීර්ෂ පරාජය වීම යූ. ජී. ඞී. ආරියතිලක අමාත්‍යවරයා සහ දකුණු පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් අතර පෞද්ගලික මත ගැටුමක් මිස දේශපාලනික කරුණක් නොවන බව ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා අවධාරණය කළා. ඒ නිසා දකුණු පළාත් සභාවේ බල පෙරළියක් සිදු වෙමින් ඇති බවට ඇතැම් මාධ්‍ය පල කර තිබෙන වාර්තා ප‍්‍රතික්ෂේප කරන බවයි ප‍්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

තව කියවන්න >>

අයි එස්ලා පනස්දාහක් කපෝති

ගත වූ වසර 2ක තුළ ඉරාකයේ සහ සිරියාවේ කළ මෙහෙයුම්වලින් අයි.එස්. සාමාජිකයින් පනස්දහසකට වැඩි පිරිසක් මියගොස් ඇතැයි අමෙරිකානු ආරක්ෂක අංශ පවසනවා.

කෙසේ වෙතත් සාමාජිකයින් මියයන වේගයෙන්ම අලූත් සාමාජිකයින් බඳවා ගනිමින් තව තවත් ශක්තිමත් වන බවයි අයි.එස්. සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ.

අමෙරිකානු හමුදාවන් මෙන්ම රුසියානු, තුර්කි, ඉරාක සහ සිරියානු හමුදාවන් ද අයි.එස්. සංවිධානයට එරෙහිව මෙහෙයුම් සිදුකරනවා.
තව කියවන්න >>

හිටපු ජනපති ‘හඬ‘ අරඹයි

හඬ‘ ගුවන් විදුලි නාළිකාව පළමුවරට ප්‍රචාරය කිරීම නාරාහේන්පිට   අභයාරාමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

රාජපක්ෂ මහතා සමග ප්‍රවීණ ගුවන් විදුලි නිවේදක හඩ්සන් රණසිංහ හා රෝහණ දේවපෙරේරා යන මහත්වරු ‘හඬ‘ ගුවන් විදුලි නාලිකාවේ මුල්ම සම්මුඛ සාකච්ඡාව කළහ.



තව කියවන්න >>

හෙළ උරුමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

උතුරු පළාතේ බෞද්ධ විහාරස්ථාන සංවර්ධනය සඳහා පළාත් සභාව සතු අරමුදල් වැය නොකිරීමට උතුරු පළාත් සභාව සම්මත කර ඇති යෝජනාවට විරුද්ධව හෙළ උරුමයේ පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණසිංහ අද(9) කොළඹ මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

තව කියවන්න >>

අයවැය පරදී :දකුණේ ඇමති අස්වෙන්න යයි

දකුණු පළාත් සභාවේ තම අමාත්‍යංශ වැය ශීර්ෂය පරාජය වීම නිසා යු.ජී.ඩී ආරියතිලක මහතා බහුතර මතයට හිස නමමින් ලබන සතියේ ඉල්ලා අස්වන බව කියයි
විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂයේ  පිරිසක් එක්වී තම අමාත්‍යංශ අයවැය ශීර්ෂය පරාජය කල බව ඔහු කියයි.

තව කියවන්න >>

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් දත්ත හොර පාරෙන් ඉන්දියාවට?

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ඇතැම් දත්ත ඉන්දියාව අතට පත්වී ඇත්දැයි සැක පළ වනවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පරිගණක දත්ත විශ්ලේෂක ලෙස කටයුතු කරන්නේ ඉන්දීය ජාතිකයෙක්.
අදාළ මෘදුකාංග ද ඉන්දීය සමාගමකට අයත් වනවා.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු කළමනාකරු චරිත් සේනානායක මේ පිළිබඳව විරුද්ධව අදහස් දක්වා තිඛෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි කියා සිටියේ.
ඔහු ධුරයෙන් ඉවත් කිරීමට එම කරුණු ද හේතු වී ඇත්දැයි කතාබහක් ඇති වී තිඛෙනවා.

තව කියවන්න >>

නවක වදය නිසා පේරාදෙණිය සිසුවෝ විභාග අසමත් – ඇතැමුන් පාඨමාලාද අතැර ගොසින්

ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් නවක වදය ලබාදීම විශ්ව විද්‍යාලවල නවක සිසුන් විභාග අසමත් වීමට ද හේතුවක් වී ඇතැයි අධ්‍යයනවලින් හෙළි වී තිඛෙනවා.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයෙහි ඉකුත් වසර කිහිපය තිස්සේම නවක වදය තදින් ක්‍රියාත්මක වන බවයි එහි ආචාර්යවරුන් පැවසුවේ. මේ නිසා නවක සිසුන් විභාග අසමත් වීමේ ප්‍රතිශතය වැඩි වී ඇතැයි ද ඔවුන් පෙන්වා දුන්නා.
නවක වදය හේතුවෙන් පශු වෛද්‍ය පීඨයට ඇතුළු වීමට සිසුන් මැලිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
නවක වදය හේතුවෙන් ඇතැම් සිසුන් අතරමගදී පාඨමාලාවන් අතහැර යන බවද ඉකුත් වසර 4 ඇතුළත සිසුන් 6 දෙනෙකු පමණ එලෙස පාඨමාලා අතහැර ගොස් ඇතැයි ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
මේ අතර නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකට ආචාර්යවරුන් ඉකුත්දා අවවාද කර තිඛෙනවා.
මෙහිදී සිසුන්ට මානසික සහ ශාරීරික පීඩාවන් සිදුකෙරුණු බවයි මහා ශිෂ්‍ය සංගමය පවසන්නේ.
ඒ අනුව සිසුන් දෙදෙනෙකු සහ සිසුවියක් රෝහල්ගත කිරීමට සිදුවූ බවද ඔවුන් කියා සිටියා.
කෙසේ වෙතත් මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා අවධාරණය කළේ නවක වදය ලබා නොදෙන ලෙස අවවාද කිරීමක් මිස කිසිදු සිසුවෙකුට පීඩාවක් සිදුනොකළ බවයි.
මානසික සහ ශාරීරික පීඩාවන්ට ලක්වන්නේ නවක වදයට ලක්වන සිසුන් බවද ඇය කියා සිටියා.
තව කියවන්න >>

බ්‍රසීල සීනි නවතියි

බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම නවතා දැමීමට සීනි ආනයනකරුවන් තීරණය කර තිඛෙනවා.
බ්‍රසීලයෙන් ආනයනය කෙරුණු සීනි තොග කිහිපයක කොකේන් සඟවා තිබීම නිසා මෙම තීරණය ගත් බවයි ඔවුන් කියා සිටියේ.
සීනි තුළ සඟවා කොකේන් ප්‍රවාහනය කිරීම මෙම වසරේදී ආරම්භ වූ ජාවාරමක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
ඉකුත් ජූනි මස 9 වනදා රේගුවෙන් නිශ්කාෂණය කෙරුණු සීනි තොගයක තිබී රුපියල් බිලියන 4 ක් පමණ වටිනා කොකේන් තොගයක් සොයා ගැනුණා. එහි බර කිලෝග්‍රෑම් 240 කට ආසන්නයි.
ඉකුත් ජූලි මස 21 වනදා රේගුවෙන් නිශ්කාෂණය කෙරුණු සීනි තොගයක තිබී කොකේන් කිලෝග්‍රෑම් 314 ක් සොයා ගැනුණා. එහි වටිනාකම රුපියල් බිලියන 6.5ක්.
තවත් කොකේන් තොගයක් සොයා ගැනුණේ ඉකුත් නොවැම්බර් 9 වනදායි. එහි වටිනාකම රුපියල් මිලියන 500 ක් පමණ වනවා.
සීනි තුළ සඟවා තිබූ මෙවැනි කොකේන් තොගයක් නොවැම්බර් මස 24 වනදාද සොයා ගැනුණු බවයි සීනි ආනයනකරුවන් පවසන්නේ.එහි වටිනාකම රුපියල් බිලියන 2 ක් පමණ වනවා.

තව කියවන්න >>