පොලිස්පති විශ‍්‍රාම යයි

පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා අද (11) සිය ධුරයෙන් විශ‍්‍රාම ගැනීමට නියමිතයි.

ඒ අනුව පොලිස්පතිවරයා වෙනුවෙන් පවත්වනු ලබන විශේෂ උත්තමාචාර පෙළපාලිය පොලිස් ක්‍ෂේත‍්‍ර බලකා මූලස්ථාන කි‍්‍රඩාංගණයේදි අද (11) පස්වරුවේ පැවැත්වෙනවා. 


මේ අතර නව පොලිස්පතිවරයා තෝරාපත්කර ගැනීම සඳහා තිදෙනෙකුගේ නම් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර තිබෙනවා.

දේශපාලන ආරංචිමාර්ග කියාසිටියේ ජනාධිපති ආරක්‍ෂක අංශය භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික‍්‍රමසිංහ, බස්නාහිර පළාත භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර සහ දකුණ දිසාව භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික‍්‍රමරත්න යන මහත්වරුන්ගේ නම් මෙලෙස ව්‍යවස්ථාදායක සභාව වෙත යොමුකර ඇති බවයි. 



EmoticonEmoticon