වරායෙන් ජනපතිට ලිපියක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ජය බහලු පර්යන්තය විකිණීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන්නැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි ගමගේ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමග නැගෙනහිර පර්යන්තය මෙහෙයවීමට කැබිනට් මණ්ඩල අනුමැතියද ලබාගෙන ඇති බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විටත් ලංසු කැඳවීමක් සිදු කර තිබෙනවා. මෙම කටයුතු සම්බන්ධයෙන් වහා අවධානය යොමු කර කඩිනමින් පියවර ගන්නා ලෙසයි චන්ද්‍රසිරි ගමගේ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.
තව කියවන්න >>

විදුලිය සඳහා නව අය ක්‍රමය එයි

විදුලිය පරිභෝජනය කරන කාලසීමාව අනුව නව අය ක‍්‍රමයක් හඳුන්වා දීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ලබන ඔක්තෝබර් මාසයේ සිට මෙම නව අය ක‍්‍රමය හඳුන්වා දීමට හැකි වනු ඇති බවයි. ඒ අනුව පස්වරු 05.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද  රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 05.30 දක්වා ද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාලය කාණ්ඩ දෙකකට වෙන් කරනු ඇති.
රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 05.30 දක්වා කාලයේදී විදුලිය භාවිත කරන පුද්ගලයින්ගේ ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40 කින් පමණ අඩුවන බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.
මෙම නව ක‍්‍රමවේදයට කැමති විදුලි පාරිභෝගිකයන් සිය වියදමෙන් නව විදුලි මනුවක් සවි කර ගත යුතුයි. ඊට ඉතා සුළු මුදලක් වැය වනු ඇති බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.
තව කියවන්න >>

තම රියැදුරු උපදේශකට තම රේස් ධාවන රිද්මයෙන් කවටකම් කරන මේ රේස් ධාවන ශූරියගේ වැඩ පොඩ්ඩක් බලමුද?

මැලේසියාවේ රේසින් ධාවන ශූරියක වන ලියෝනා චින් හු තම නවතම රියැදුරු පුහුණු උපදේශකට තම ඇඟ හිරිවට්ටන සුළු ධාවන රිද්මයෙන් කවටකමක් කරලා..ඇත්තෙන්ම ඇය මෙහි උපදේශකට පෙන්වන්නේ මෙහි දැක්වෙන රථය තම සොහොයුරාගේ බවය. මෙහි පරික්ෂිත ධාවනයක් සඳහා රියැදුරු උපදේශකවද නංවාගෙන රිය පදවන ඇය ඇගේ සතු කුසලතා මගින් රියැදුරු උපදේශකගේ ඇඟ හිරි වැට්ටීමට සමත් විය. මෙම පරික්ෂිත ධාවනයෙන්ම ඇගේ අනන්‍යතාව හෙලි කරගත් උපදේශකට තම රැකියාවේ රජකාරි ඇරඹු දිනයේම ලඳ පුදුමාකාර සිද්ධිය නම් සැබැවින්ම අපූරුය.නියත වශයෙන්ම ඔහුට මෙම පරික්ෂනයේ ඇඩ්‍රිනලින් හි අවශ්‍යතාවය දැනෙන්නට ඇත.
තව කියවන්න >>

ඩොලර් 4000ක් වටින දියමන්ති අඹරා කෑලි කරන හයිඩ්‍රොලික් පීඩන යන්ත්‍රය…බලලම ඉමු නේ!


තව කියවන්න >>

ලක්ෂ කීයද?? සල්ලි උඩ දුවන ලංකාවේ ධනපති වාහනවල සැබෑ මිල!

අපි වාහන වලට ආසයි. වාහනයකට උරුමකම් කියන එක තරුණ පරම්පරාවේ හැම දෙනෙකුගේම හීනයක්. ඒත් මිලියන 20-30 දීලා අපිටම කියලා වාහනයක් අයිති කරගන්නවා කියන්නේ එක අපි වැඩි දෙනෙක්ට හිතන්නවත් බැරි ඉලක්කයක් වෙලා. මේ කියන්න යන්නේ අපිත් මහන්සි වෙලා සල්ලි හම්බ කරගත්තොත් පහසුවෙන් යන්නට පුළුවන් වාහන ඉලක්කයක් කිහිපයක් පිළිබඳව.
1. Lamborghini
මෑත කාලයේ වැඩිපුරම කතා බහට ලක්වුණු වාහන වර්ගයක් විදියට ලැම්බෝගිනි මෝටර් රථය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වෙනකොට ලංකාවේ අලවියේ තියෙන වැඩිම මිලකින් යුතු මෝටර් රථය ලෙස හඳුන්වා දෙන්නට හැකි මේ මෝටර් රථ වර්ගයෙන් වාහන කිහිපයක් පමණයි ලංකාවේ ධාවනයේ යෙදෙන්නේ. මුලික මිළමිලියන 91 සිට ඉහලට නියම කර ඇති මේ වාහනය ලංකාවට ගෙන්වන්නේ යුරෝ ස්පෝර්ට්ස් ඔටෝ ලංකා පුද්ගලික සමාගමයි.
2. Jaguar F-Type
ජගුවර් වල මිල අධික වාහන මාදිලි අතරින් මේ මෑතකදී එළිදක්වපු “Jaguar F-type” මෝටර් රථය විශේෂයි. දොර දෙකේ ස්පෝර්ට්ස් මාදිලියේ වාහනය වන මේ ගැන වැඩි දුර විස්තර මේ යොමුවෙන් ලබා ගන්න පුළුවන්.මිලියන 10 සිට ඉහලටමිල නියමකර තිබෙන මේ වාහන දැන් දැන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල ධාවනයේ යෙදෙනවා දැකගන්න බැරි වෙන්නේ නැහැ.
3. Benz
ඩිමෝ සමාගමෙන් ලංකාවට ගෙන්වන බෙන්ස් රථ සියල්ලම පාහේ මිල ආරම්භ වන්නේ මිලියන 9 සිට ඉහලට වන්නටයි. මේ අතුරිනුත් SLK AMG Convertible Roadster රථය ලංකාව තුල අලෙවි වන්නේ රුපියල් මිලියන 90 සිට ඉහල මිල ගණන් වලටයි. සවිශක්තිය කල්පැවැත්ම සහතික කරන මේ අපූරු මෝටර් රථයේ වර්ග සහ මිල ගණන් මෙතනින් දැනගන්නට පුළුවන්.
4. Ford Mustang Eco Boost 2016
Fast and the Furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ Ford Mustang Eco Boost වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි. වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.

5. Porsche Cayenne S Hybrid
Porsche කියන්නේ සැලූන් කාර් වලට වඩා sports cars හදන සමාගමක්. ඔවුන් වෙනත් රටවල සිය මෙහෙයුම් කටයුතු කලත් ලංකාවේ ආරම්භ කලේ ඉතාම මෑතකදී. ඒ කාලෙම Porsche Cayenne කියන SUV රථය ඔවුන් ගෙන්වුවත් ඒ ගැන විශාල ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එත් මේ මෑතකදී එළිදක්වපු Cayenne S Hybrid මාදිලිය මිලෙන් රුපියල් මිලියන 23ක් වුනත්, අපේ සුවපහසු රථ ප්‍රියකරන්නන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. කැලණියේ, කොළඹ පාරේ, අංක 451 දරණ තැන පිහිටා තියෙන Porsche Centre Colombo තුලින් මේ අපුරු රථය ගැන ඔබට තොරතුරු හොයා ගන්නත් පුළුවන්.
තව කියවන්න >>

ATM එකේ මුදල් ගන්න විට, පිහියක් අරන් හොරකම් කරන්න ආපු එකට මේ කෙල්ල දුන්න වැඩේ!


තව කියවන්න >>

Google තවත් සමාගමක් සමඟ එක්වී හදපු අමුතුම දුරකතනය!

Google සමාගම සහ Lenovo සමාගම එක්ව 3D-scanning තාක්ෂණය සහිත ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරලා තියෙනවා. Tango ලෙස නම් කර ඇති මේ දුරකතනය අන් සියලු දුරකථනයන්වලට වඩා හාත්පසින්ම වෙනස් වන බව ගූගල් සමාගම පවසනවා. දැනට මෙහි විශේෂාංග ගැන විශේෂ සඳහනක් නම් කරලා නැහැ හැබැයි අගෝස්තු මාසයේ මෙය වෙළඳපොළට පැමිණීමට නියමිතයි. එහි පුර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න..
තව කියවන්න >>

1986 දි වයස 5ති දරුවෙකු බේරා ගත් ගෝරිල්ලා!

මෑතකදි ගෝරිල්ලෙකු විසින් එම කුඩුවට වැටුනු දරුවෙකුගේ පුවත ඇසු සැනින් අපගේ මතකයට පැමිනෙන්නේ 1986 වර්ෂයේ ජර්සි නම් සත්ව උද්යානයේ දී ගෝරිල්ලෙකුගේ කූඩුවකට වැටි සිහිසුන්ව සිටි වයස අවුරුදු 5ක් පමන වන ලෙවන් මරිට් යන දරුවාය. ගෝරිල්ලන් කීපදෙනෙකු එහා මෙහා ගමන් කරන මෙහි වැටි සිහිසුන්ව සිටි දරුවා රැකිමට එක් විශාල ගෝරිල්ලෙකු ඉදිරියට පැමිනියා.
එම ගෝරිල්ලා එම දරුවා ව ආරක්ශිතව තබා අනෙක් ගෝරිල්ලන්ට ලං වන්නට නොහැකි ලෙස මුර කරනු ලැබුවා. චර්යා විද්‍යාඟයින් ගේ දැක්මට පවා මෙම ආරක්ෂක උපයෝගය හසු වීම පුදුමයක් නොවේ.ඔහු දරුවා පිරිමදිමින් ඔහුට සුවපහසු ලෙස තබමින් ඔහුගේ සිහිමඳ ගතිය පහව යන තුරු බලා සිටියා.ලෙවන්ට සිහි එලවීමෙන් අනතුරුව හැඬිමට පටන් ගත්තා.මෙහිදි ජම්බෝ ඇතුළු අනෙක් ගෝරිල්ලන් පසු බැසීමට පටන් ගත් අතර වහා යුහුසුළුව ක්‍රියාත්මක වු සත්ව උද්යාන පාලකයින් දෙදෙනෙක් අනුපුරක වෛද්‍යවරයෙකුද සහිතව දරුවා බේරා ගැනීමට කටයුතු කරනු ලැබුවා.
මෙම පුදුම සහිත සිද්ධිය විඩීයෝ ගත කර ගැනීමට බ්‍රයන් ඩි ලයන්ට හැකි වු අතර නරඹන්නන්ගේ පුළුල් ඡායාරූපකරණයට ලක් වුවා. මෙම විඩීයෝව නරඹා ඔබම ඒ අත්දැකීම විදගන්න.
තව කියවන්න >>

ක්‍රිකට් ගහනකොට මෙහෙමත් දේවල් සිද්ධ වෙලා තියෙනවා, බලන්නකෝ!


තව කියවන්න >>

pooda anuradapura ha kelaniyata mahasenagak

පෝ දා අ‘පුරට / කැලණියට මහ සෙනඟක්
මිහිදු මහා රහතන් වහන්සේ ලංකාවට වැඩම කර  වසර 2323 සමරමින් දිවයින පුරා විහාරස්ථාන වල විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.
බොහෝ ප‍්‍රදේශ වලින් වන්දනා කරුවෝ ආගමික ස්ථාන වැඳ පුදාගන්නට එති.
මිහින්තලය,අනුරාධපුර අටමස්ථානය,තන්තිරිමලේ ඇතුලූ පුදබිම් මුල්කර ගෙන පැවැත්වෙන ආගමික වැඩ සටහන් සදහා සහභාගි විමට අද (19) දිවයිනේ නන් දෙසින් ලක්ෂ සංථ්‍යාත බැතිමතුන් පිරිසක් අනුරාධපුරයට පැමිණ සිටියහ.
කැලණි විහාරයේ ද පොසොන් පොහොය නිමිත්තේන් ආගමික වැඩසටහන් සංවිධානය වී තිබේ. බැතිමත්හු විශාල පිරිසක් කැළණි විහාරය වැඳපුදා ගැනීමට පැමිණෙති.


තව කියවන්න >>

Police Highlights

පොලිස් පොතෙන්
වයික්කාල සින්දාත්‍රිය ප්‍රදේශයේදි සිදුකල හදිසි වැටලිමකදි හෙරොයින් සමග පුද්ගලයෙකු (48) සැකපිට අත් අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිස් අපරාධ අංශය පවසයි      

බගවන්තලාව පොලිස් වසමට අයත් කැම්පියන් නගරයේ සිට ලොයිනෝන් වතුයාය දක්වා බලපත‍්‍රයක් නොමැතිව රැගෙන යමින් තිබු මත්පැන් බෝතල් තිහක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි.

පොසොන් වන්දනාවේ පැමිණ මිතුරන් පිරිසක් සමඟ නොච්චියාගම අමුණුකොලේ වැවේ දිය නාමින් සිටි තරුණයකු (18) මිය ගිය බව නොච්චියාගම පොලිසිය කියයි.
තව කියවන්න >>

International drug business super Actress

90 දශකය තුළ බොලිවුඩ් තිරයේ අනුරාගී චරිත නිරූපණය කළ මම්තා කුල්කර්නි සහ ඇගේ  සැමියා වූ විකි ගොස්වාමි නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන නිසා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව  ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

 
මේ වන විට ඉන්දීය පොලීසිය ගොස්වාමි සහ මම්තා සමඟ ජාවාරම් කටයුතුවලට හවුල් වූ පුද්ගලයන් පසුපස හඹා යමින් සිටින බවයි පැවසෙන්නේ.


පසුගිය දා සබීර් පටේල් නමැත්තකු ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සතු තට්ටු නිවාස තුනක් මම්තාට විකුණා ඇති බව හෙළිවී ඇති අතර ඒවා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදාගන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.


ඉන්දීය පොලිස් නිලධාරියකු පැවසුවේ මේ වන විට ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද  මම්තා කුල්කාර්නිගේ සැමියා වන ගොස්වාමිගේ ජාවාරම් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවයි. මේ පුද්ගලයා දැනට රටවල් 6කට අවශ්‍යව සිටිතැයි හෙළි වී තිබෙනවා

තව කියවන්න >>

mudal amathita erehiwa wishwasa bangaya parayawa wee

මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගය පරාජය වේ
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (09) වැඩි ඡන්ද 94කින් පරාජය වුණා.


ජනතා විමුක්ති පෙරමුණ ද ඒකාබද්ධ විපක්ෂය සමග යෝජනාවට පක්ෂව ඡන්දය දුන් අතර ද්‍රවිඩ සන්ධානය ද ආණ්ඩු පක්ෂය සමග එක්ව යෝජනාවට විරුද්ධව ඡන්දය ලබා දුන්නා.


එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 51ක් ද විරුද්ධව ඡන්ද 145ක් ද හිමි වුණා.

තව කියවන්න >>

Kosgama inhabitants Road vahati

කොස්ගම සාලාව කඳවුරේ ගින්නෙන් විනාශවූ ගෙවල් හදා දීමට පෙර කඳවුර ඉදිරිපිට මහපාර විවෘත කිරීමෙන් තමනට හිරිහැර වෙන බව කියමින් සාලාව ගමේ පිරිසක් සාලාව කඳවුර කෙළවර පාර හරස් කරමින් උද්ඝෝෂණය කෙරෙති.
300ක් පමණ වූ පිරිසක් එහි වෙති. පිළිස්සී ගිය දැව දඬු හා පුවරු පාරේ දමා ඇත.
වාහන තදබදයක්ද පවතී. 




තව කියවන්න >>

Over the death of a girl standing submerged mountain Aranayaka

පසුගිය 17 වැනිදා අරණායක සාමසර කන්දේ සිදු වු නාය යෑමෙන් පස් කන්දට සහ කබඩ් එකකට යටවී  සිටි දියණියක් අවසන් මොහොතේ බේරා ගැනීමේ පුවතක් වාර්තා වනවා.


මෙලෙස තම ජිවිතය බේරා  ගත් ඇය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින එන්.ඩි සෞම්‍යා දිල්කි කුමාරි දියණියයි.


තම බාප්පා සහ ලොකු තාත්තා විසින් ජීවිත පරිත්‍යාගයෙන් දැරියව බේරා ගෙන ඇති අතර මෙම අනතුරෙන් ඇගේ  පියාණන් සහ සහෝදරයෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා.


තම ජිවිතය බේරා  ගත් සෞම්‍යා දිල්කි කුමාරි දියණිය තමන් මුහුණ දුන් එම  අත්දැකීම විස්තර කළේ මෙසේයි.



"සිද්ධිය වෙන දවසේ උදේ ඉඳන් වැහැපු නිසා මම පාඩම් කරමින් කාමරයට වෙලා  හිටියා. කොහොම හරි හවස 5.30 ට විතර හෙළිකොප්ටරයක් එනවා වාගේ ශබ්දයක් මට ඇහුනා. ඒ මොකක්ද කියලා බලන්න මම කාමරයෙන් එළියට ඇවිත් සාලය පැත්තට ආවා. ඒ ඇවිත් ටික වේලාවයි ඉන්න වුණේ. එක පාරම පිපිරීමක් වාගේ ඇවිත් සාලයේ තිබුණු කබඩ් එකට මම හිර වෙලා ලොකු පස් කන්දක් මාගේ ඇඟ  මතට වැටුනා. මේ  සියලූ දේවල් වෙන්න පොඩි වේලාවයි ගියේ.

මේ  සිද්ධිය වුනාට පස්සේ මට ඇහුනා අම්මායි මල්ලියි කෑ ගහනවා බේරාගන්න කියලා.

ඒ වේලාවේ අම්මා අපිට කෑ ගහලා කීවා "පුතේ දුවේ මාව හිර වෙලා ඉන්නේ. උඹලා හැමෝටම පුළුවන් විදිහට එළියට පැන ගන්න" කියලා.ටික වේලාවක් අපි කෑ ගසමින් ඉන්නකොට බාප්පයි මාමායි කෑ ගහගෙන ඇවිත් අම්මායි එක මල්ලි කෙනෙකුයි හිර වෙලා ඉන්නකොට බේර ගත්තා.

ලොකු තාත්තා එනකොටත් මාගේ කොණ්ඩේ ටික විතරයි  පෙන්න තිබිලා තියෙන්නේ. එයා ඇවිත් කොණ්ඩයේ තිබුණු පස් ටික අයින් කරලා කථා කරලා කියලා තිබෙනවා මාව හිර වෙලා  ඉන්නේ කියලා.

එතන තිබුණු කබඩ් එක අයින් කරන්න විදිහකුත් නැහැ. මොකද එහෙම වුනානම් එතන උඩින් තිබ්බ ගල් ටිකයි පස් කන්දයි ඇවිත් මාව යට වෙන්න තිබුණා.

පස්සේ බාප්පා කබඩ් එක කඩන්න හැදුවා.ඒත් මම දැක්කා ඒක කඩන්න බැරිව එයාලා දඟලනවා. ලොකු තාත්තා ළග ගෙදරක තිබුණු චේන්සෝ  එක අරන් ඇවිත් කබඩ්  එක කැපුවා. ඒ කබඩ් එක කපනකොට බාප්පා හයියෙන් කෑ ගහලා කීවා නායක් උඩහින් එනවා කියලා. ඒ වේලාවේ ලොකු තාත්තා කියනවා මට ඇහුනා "මාව ඒ විදිහට දාලා යන්න බෑ. මැරෙනවා නම් අපි සේරම එකට මැරෙමු" කියලා. ගොඩාක්  දඟලලා මාව එළියට ගත්තා."

තව කියවන්න >>

‘රාජා භවතු ධම්මිකෝ‘

පාලකයින් අධර්මිෂ්ඨ වනවිට රට විපතට පත්වන බවත් ඒ නිසා දෑත් එකතු කර ‘රාජා භවතු ධම්මිකෝ‘ යැයි ප්‍රාර්ථනා කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
නියඟයෙන් ජනතාව බැට කෑ බවත් පිරිසක් ජලයේ ගිලෙද්දී තවත් පිරිසක් පස් යට වැළලී ගිය බවත් කිසි දින නොදුටු ආකාරයේ ගිනි ඇතිවන බවත් කොස්ගම ඇතිවූ ගින්න සෙබළුන්ගේ නොසැලකිල්ලෙන් ඇතිවූවක් බව ඒත්තු ගැන්වීමට ඇතැමුන් උත්සාහ කරන බවත් ගම්මන්පිල මහතා කියයි.
තව කියවන්න >>

සාලාව විසාලාවක් වෙයි

කොස්ගම සාලාව හමුදා කඳවුරට මීටර 300 ක් පමණ ඈතින් පිහිටි වෙල්යායක ගෙවතු ද යකුන් නැටුම් පිටියක් බවට පත්වී ඇත. ගම කෙළවර කන්ද පාමුල කුඹුරේ තැන තැන උණ්ඩ වැදීමෙන් හැරී ගිය වළවල්වල වතුර පීරි ඇත.
උණ්ඩයක් වැදී කුඹුරේ දැවන්ත ගවයෙක් වැටී මැරි සිටියි. කුඹුර කෙළවර ගෙදරක පදිංචි ආර්.ඒ.ගුණවර්ධන මහතා පැවසුවේ පීපිරිමත් සමඟ තමනට ඉවත් වන ලෙස හමුදාව දැනුම් දුන්න ද ඉන්පසු වු හානි බැලීමට පොලිසිය හෝ හමුදාවේ කිසිවකු නොපැමිණි බවයි.
‘මගේ ගේ ඉවරයි.වහළ කැඩිලා. බිත්ති කැඩිලා. වහලට වැටුණු අණ්ඩ පොළොව කඩා ගෙන ඇතුළතට ගිහිල්ලා මේ පැත්තේ ගෙවල්වලට හොරු පැනලා.  බඩු අතගාගෙන ගිහිල්ලා. මේවා බලන්න කවුරුත් නැහැ. ඒ පැත්තෙන් ඉවත්වන ලෙස හමුදාව කියා තිබෙනවා.
ගෙවලවල අඹුදරුවන් දැන් වෙනත් තැන්වලයි ඉන්නේ. අපේ ගේ බලා ගන්න මං ඉන්නවා. හැම ගෙයක්ම බලා ගන්න කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් හොරුන්ගෙන් අපේ ගෙවල් බේරගන්න බෑ.
කොස්ගම සුළු ව්‍යාපාරිකයකු වන සුනිල් නිශාන්ත පිපිරිමත් සමඟ ඔහුගේ බිරිය හා දරු තිදෙනා සමඟ දෙපයේ පිහිට පැතු බව ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවය කීවේය. අද (06) ඔහු සිය ගෙය බැලීමට ආවේය. එය සුන්බුන් ගොඩක් බව දුටුවේය.
‘මගේ ගෙදර වහලට මෝටාර් බෝම්බයක් වැදිලා.දරු තුන් දෙනා නිදා සිටි කාමරයේ බිත්තියේ බිම වැටිලා’. කඳවුරේ ගිනිගත් මල්ටිබැරල්, රොකට්,කාල තුවක්කු උණ්ඩ හා රොකට් මගින් යවන බෝම්බ හා මෝටාර් බෝම්බ වැටුණු තැන්වලින් පුහුකර දැමීමට අද පොලිස් විශේෂ බළකායේ කමාන්ඩෝ භටයෝ යොදවණු ලැබුහ. ඒඑෆ්පී ජායාරූප ශිල්පියකු දුටුවේ පිපිරි නොගිය බෝම්බ හතරක්වත් ඔවුන් සොයාගත් බවයි. ඉන් එක් බෝම්බයක් අත්හැර දැමු නිවසක ගෙවත්තට වැටී තිබිණි.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධරයකු ඒඑෆ්පී පුවත් සේවයට පැවසුවේ වෝහාරක වෛද්‍ය විශේෂඥයන් එම පෙදෙස් පරික්ෂා කළ බවයි. ‘දැන් අපි පිපිරි නොගිය බෝම්බ මහ පාරෙන් ඉවත් කරනවා.’ අධික දුමාරය නිසා හුස්ම ගැනීමේ අපහසුවට පත්වු හා තුවාල ලැබු 50 දෙනෙක් පමණ රෝහල් ගත කරනු ලැබ සිටිති. ඉරිදා (05) පස්වරු 5.45 ට පටන් ගෙන සඳුදා සවස් වනතුරුත් පැවැති මෙම ගින්නට හේතුව මෙතෙක් හඳුනා ගෙන නැත.
රජයේ ප්‍රකාශක ඇමැති සේනාරත්න පැවසුවේ සිද්ධිය සමාලෝචනය කිරිමට ජාතික ආරක්ෂක මණ්ඩලය රැස්වෙන බවයි. මෙය හමුදා කාරණයක් එය අනතුරක් ද කඩාකප්පල්කාරි ක්‍රියාවක් ද යන්න ඔවුන් සොයා බැලීය යුතුය.පිපිරි ගිය අවි ගබඩාවට ඈතින් පිහිටි ‘ස්වර්ණ ජයන්ති’ නිවාස යෝජනා ක්‍රමයේ ගෙවල් කැඩී බීඳි ගොසිනි. දිර්ඝකාලීනව ආබාධිත වු සෙබළු ද වැන්දඹුවන් ද එම ගෙවල්වල ජිවත් වෙති. එහි ගෙවල් ගණන 180 කි. වැන්දඹුවක වන එම්.ජි.රෝහිණි පැවසුවේ කඳවුර පිපිරෙද්දී කැළණි ගඟෙන් එගොඩ වු බවයි.
ආබාධිත වුවෝ ගෙවල් 67 ක ද වැන්දඹූවෝ 43 ක ද ජිවත් වුහ. ස්වර්ණ ජයන්ති ගම අද පාළු වී ගොසිනි.උණ්ඩ කෑලි කඳවුරේත් ගෙවල් වලත් විසිරි ඇත. අපේ ගමේ ගෙවල් වැඩි හරියක් විනාස වෙලා.ගමේ පදිංචි කරුවකු වු වසන්ත ප්‍රනාන්දු (45) පැවසුවේ ගම කළු දුමාරයෙන් වැසී යද්දී ගෙය අතහැර දිවු බවයි. ‘අද උදේ මම ගෙදරට ආවා. මුළු පළාතම අළු වලින් වැහිලා. මට මේ ගෙදර ආයිත් ඉන්න බැරි වෙයි.’ ඔහු දිග සුසමක් හෙළුවේය. තෙසතියකදී කොළඹ ආසන්නයේ පදිංචිකරුවනට දෙවැනි වරටත් තම ගේ දොර  හැර යෑමට  සිදු වුයේ ඉරිදාය. පසුගිය මාසයේ කැලණි ගඟ රුදුරු ලෙස පිටාර ගැලීමෙන් දෙලක්ෂයක් පමණ වැසියෝ ගේ දොර අතහැර ගියහ.සාලාව හමුදා සංකීර්ණය පිහිටියේ ද කැළණි ගඟ ආසන්නයේය. තේ,රබර් හා පොල් වගා කළ සාලාව වත්තේ එදා තුනී ලෑලි කම්හලකි. අදහමුදා කැඳවුරකි. එය හමුදාවේ රොකට් බර අවි හා උණ්ඩ ගබඩාවක් ලෙස පාවිච්චි කරයි. කොළඹ සිට දුර කිලෝමීටර  36 කි. නිතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක මහතා පැවසුවේ අවි ගබඩා දෙකකට කඩිනමින් ගිනි ඇවිලි ඇති බවයි. 2009 මැයි මාසයේ යුද්ධය අවසන් වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ හමුදා කඳවුරක සිදුවු විශාලතම පිපිරිමයි.2009 ජුනියේ දීවවුනියාවේ  යුද අවි ගබඩාවක් පිපිරි සෙබළු කිහිප දෙනෙක් තුවාල ලැබුහ.

තව කියවන්න >>

සීතාවක පාසල් හතකට අඟහරුවාදා නිවාඩු

සාලාව අනතුරින් හානියට පත් පාසල් පිරිසිදු කිරීම සඳහා පාසල් කිහිපයක් වසන්නැයි හමුදාව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග අද (6) පැවැති සාකච්ඡාවකදී කළ ඉල්ලීමක් අනුව සීතාවක අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 7කට අඟහරුවාදා (6) නිවාඩු ලබාදීමට තීරණය කර ඇතැයි බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා පවසයි.
ඒ අනුව අකරවිට මහා විද්‍යාලය, සාලාව මධ්‍ය විද්‍යාලය, කළුඅග්ගල සිද්ධාර්ථ කණිටු විදුහල, ශාන්ත ජෝන් බොස්කෝ මහා විද්‍යාලය, කොස්ගම සුමේධ විද්‍යාලය, කඩුගොඩ කණිටු විද්‍යාලය සහ කොස්ගම මහා විද්‍යාලය අඟහරුවාදා වසා තැබෙනු ඇත.

තව කියවන්න >>

අවිස්සාවේල්ල සහ අවට පාසැල් සහ රජයේ ආයතන හෙට නිවාඩු (UPDATE)

අවිස්සාවේල්ල සහ ඒ අවට පාසැල් සහ රජයේ ආයතන සඳහා හෙට දිනයේ (06) නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.


කොස්ගම  සාලාව හමුදා කඳවුරේ ගිනි ගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර  හමුදා කඳවුරේ ගිනි ගැනීම සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර තිබෙනවා.

තව කියවන්න >>
ගිනියම් වූ කෑලි හංවැල්ලටත් වැටෙයි

ගිනියම් වූ කෑලි හංවැල්ලටත් වැටෙයි

කොස්ගම හමුදා කඳවුරේ මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙන බවත් කියති. මේ අනූව හංවැල්ල නගරයේ වැසියන් ද ඉවත් කරන බව පොලිස් ආරංචි කියයි. හංවැල්ල නගරයට එවැනි කැබලි වැටුණ බව කියති
"කොස්ගම කඳවුරේ රතුම රතු එළි විහි දී අහසට නගිනවා. ගිනියම් වූ කැබලි ඒ අතරින් කිලෝමීටර් ගණන් ඈතට විසි වෙනවා" යැයි පොලිස් ප්‍රකාශකයෙක් කියයි.
ගිනි දලු අහසට නගින හැටි මී ගොඩටද පෙනේ යැයි එහි වැසියෙක් කියයි.
තව කියවන්න >>

ගිනි ගන්නා හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් - වහාම ඉවත් වන්න(UPDATE)

මේ වන විට ගින්නක්  හටගෙන ඇති කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පතුරම් ගබඩාවක් ද ඇති බවයි වාර්තා වන්නේ.


එම ගින්න මැඩ පැවැත්වීම සඳහා මේ වනවිට ත්‍රිවිධ හමුදාවම කැඳවා තිබෙනවා.


හයිලෙවල් මාර්ගයේ අදාළ ප්‍රදේශයේ වාහන ගමනාගමනය අත්හිටුවා ඇති අතර ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

..............................................................................
කොස්ගම හමුදා කඳවුරේ ගින්නක් - පිපිරුම් හඬ ඇසේ
( ) 2016-06-05 17:55:54

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ සමග පිපිරුම් හඬද ඇසුණු බවයි.

ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

තව කියවන්න >>