” සත්‍ය කියන්න අවස්ථාව දෙන්න” – අස්වීමේ සුදානම ගැන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කතා කරයි

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා තමන් ඉල්ලා අස්වීමට සුදනම් වීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් සිය ෆේස්බුක් ගිණුමට නිවේදනයක් එක්කර තිබෙනවා.
එමගින් ඔහු සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කළ බවයි.
රංග කලංසූරිය මහතාගේ කරුණු පැහැදිලි කිරීම පහතින් දැක්වෙනවා.
“රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ධූරයෙන් මගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය සහ සමාජ ජාල මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රවෘත්ති පළ වෙනවා. මට අවස්ථාවක් දෙන්න ඒ ගැන සත්‍ය කියන්නට. මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා දැක්වූ ප්‍රතිචාර කියා ඇතැම් මාධ්‍ය විවිධ වාර්තා පළ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් සාකච්ඡාව පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ අමාත්‍ය ගයන්ත කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්. පවතින තත්ත්වය ගැන අපි ගැඹුරින් සාකච්ඡා කළා. කොහොම වුණත් මට මගේ අදහස ඉවත් කරගන්න වුණා ජනාධිපති සහ අගමැතිගේ කරුණු පැහැදිළි කිරීම් මත. ඔවුන්ට අවශ්‍ය වුණේ මගේ රාජකාරිය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමයි.”
තව කියවන්න >>
පාද යාත්‍රාවට අනතුරු ඇඟවේ – ගමනට එරෙහිව ලක්ෂ 15ක්!

පාද යාත්‍රාවට අනතුරු ඇඟවේ – ගමනට එරෙහිව ලක්ෂ 15ක්!

පාද යාත්‍රාවට එරෙහිව ලක්ෂ 15කට අධික වතු කම්කරු ජනතාව සමග පාරට බැසීමට තමන් සුදානම් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් පවසනවා.
එම පාද යාත්‍රාව මගින් ජාතිවාදය පැතිරවීමට සුදානම් වුවහොත් තම ජනතාව ඊට එරෙහිව නැගී සිටීමට සුදානම් බවයි මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කළේ.
මුස්ලිම් ජනතාවගේ සහායද එම විරෝධතාවට එක්කර ගන්නා බව මන්ත්‍රීවරයා එහිදී කියා සිටියා.
ආණ්ඩු බලය ලබාගැනීමට ජාතිවාදය ඇවිස්සීම සම්බන්ධයෙන් තම ජනතාව නොසතුට පළකරන බව පෙන්වා දෙන ඔහු අපහසුවෙන් හැදූ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙන බවත් අවධාරණය කර තිබෙනවා.
තව කියවන්න >>

වතුර උතුරට ගලනවා නම් ‘මොරගහකන්ද අයිතියේ කොටසකුත්’ උතුරට?

මොරගහකන්ද ජලාශයේ ජලය උතුරු පළාතට ලබාදෙන විට එම ව්‍යාපෘතියේ යම් අයිතියක් උතුරු පළාත් සභාවටද ලබාදිය යුතු බවට ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඒ, ජපානයේ ජයිකා ආයතනයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදීයි.
මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ලැබෙන ප‍්‍රතිලාභ පිළිබඳ එම පළාතේ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීම සදහා යාපනයේ පැවති සාකච්ඡාවකදී මහ ඇමතිවරයා මෙම ඉල්ලීම කර තිබෙනවා.
මෙම අවස්ථාවට උතුරු පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සහ පළාත් සභා මන්තී‍්‍රවරුන් පිරිසක් එක්ව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධාන මන්තී‍්‍ර එම් කේ සිවාජිලිංගම් කියාසිටියේ මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව මේ සම්බන්ධයෙන් ගිවිසුමකට අත්සන් කලයුතු යැයි අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කළ බවයි.
මධ්‍යම රජයට පමණක් මොරගහකන්ද ජලාශයේ ජලය උතුරට හැරවීමේ තනි අයිතිය ලැබුණහොත් දකුණේ ජනතාව උතුරේ පදිංචිකරමින් නව ජනපද ඇති කිරීමට රජය කටයුතු කළ හැකි බැවින් ප‍්‍රධාන අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවද ඔහු ප‍්‍රකාශ කළා.
තව කියවන්න >>

විෂ සහිත පොල්තෙල් පාර්ලිමේන්තුවටත් රිංගයි

ප‍්‍රමිතියෙන් තොර බාල පොල්තෙල් පාර්ලිමේන්තුවේද භාවිතයට ගැනෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.
විෂ සහිත ෆාම් ඔයිල් කවලම් කරන ලද පොල්තෙල් පාර්ලිමේන්තු භෝජනාගාරයේ ද පාවිච්චි කරන බව හෙළිවී ඇති බවයි එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් තමන් කථානායකවරයා දැනුවත් කළ නිසා නිසි පියවර ගනු ඇතැයි විශ්වාසය පළ කරන ඔහු රට පුරාම මෙම තත්ත්වය මතුව ඇති බව පෙන්වා දෙනවා.

තව කියවන්න >>

පෝට් සිටි නතරවේ

පෝට් සිටි ව්‍යාපෘතියේ නම් වෙනස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මේ වන විට සිරිකොතදී පැවැත්වෙන මාධ්‍ය හමුවක දී සඳහන් කළේ පෝට් සිටි මෙතැනින් නතරවන බවයි.
ඉදිරියේදී ෆයිනෑන්ෂල් සිටි ලෙස එය වෙනස්වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ සඳහා වූ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඉදිරිපත් කරන බවද හරීන් ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියා.
තව කියවන්න >>

තව දින දෙකකින් ලංකාවට එන ‘ඉන්දීය සහාය ඇති’ ගිලන් රථ සේවයයි මේ

හදිසි ප්‍රතිචාර ගිලන් රථ සේවය ජුලි මස 28 වන දින ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිතයි.
එදින පෙරවරු 9.00ට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ගාලු මුවදොරදී මෙය ආරම්භ කිරීමට නියමිත බවයි රජය පවසන්නේ.
ඉන්දියාවේ සහාය ඇතිව මෙම සේවය සැලසෙන අතර කඩිනමින් රෝගී වූ හෝ අනතුරකට පත්වූ තැනැත්තෙකු පළමු මිනිත්තු කිහිපය ඇතුළත රෝහලක් වෙත ගෙන යාමේ අරමුණෙන් මෙය ක්‍රියාත්මක වනවා.
තව කියවන්න >>

මුරලි වෙනුවෙන් අර්ජුන යළිත් ඇඟිල්ල ඔසවයි

තමන් ක්‍රිකට් ආයතනයේ සිටියේ නම් හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට ඕස්ට්‍රේලියාවේ පුහුණුකරුවකු වීමට ඉඩ නොදෙන බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා.
අද (26) පස්වරුවේ කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැති උත්සවයක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
එහිදී අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය පහතින් දැක්වෙනවා.
“මම මුරලිදරන් නම් මම ඔය වැඩේ භාරගන්නේ නැහැ. නමුත් මුරලිදරන් එය භාර අරන් තියෙනවා. ඒක හරිද නැද්ද කියලා අපි පැති කිහිපයකින් බලන්න ඕන. මම දකින පළමු දෙය තමයි, ඕස්ට්‍රේලියාවේදී අපිට අඩත්තේට්ටම් කළ, මුරලි පන්දුව දමලා ගහනවා කියලා දෝෂාරෝපණය කළ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයම මුරලිදරන්ව ගන්න හදනවා පුහුණුකරුවෙක් හැටියට. එතනදීම අපි ලෝකයට ඔප්පු කරලා තියනවා අපි කළ දේ හරි කියලා.
මම හිතනවා මුරලිදරන් ජයග්‍රහණය කළා කියලා පොඩි කාලයකට හරි ඕස්ට්‍රේලියානුවන් සමඟ මෙවැනි කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමෙන්. දෙවෙනි කරුණ තමයි මම පෞද්ගලිකව හිතනවා මුරලිදරන් එයට සම්බන්ධ නොවුණා නම් හොඳයි කියලා. ඒ වගේම මෙහි තව පැත්තක් අපි බලන්න ඕන.
පසුගිය ක්‍රිකට් නිලවරණයෙන් පසුව ලෝක කුසලානය දිනාගත් ක්‍රීඩකයන් කීදෙනෙක් පුහුණු ධුරවලින් අයින් කරලා තියනවද? තේරීම් කමිටුවේ හිටපු සනත් ජයසූරියව ඉස්සෙල්ලාම ඉවත් කළා. එරික් උපශාන්ත ඉවත් කළා. පුෂ්පකුමාර ඉවත් කළා. චමින්ද වාස්, උපුල් චන්දන ඉවත් කළා. ඒ වෙනුවට විදේශීය පුහුණුකරුවන් මෙරටට ගෙනාවා.
මේ අපේ රටේ ක්‍රිකට් ආයතනය කැමති නැහැ මේ දක්ෂ ක්‍රීඩකයන්ට අවස්ථාවක් දෙන්න. මොකද ඒ අයට ක්‍රිකට් බැහැ. ක්‍රිකට් දැනුම නැහැ. ඒ නිසා ඒ අය බලන්නේ තමන්ට පාලනය කර ගන්න පුළුවන්, මුදලක් දීලා හෝ තානාන්තරයක් දීලා යටත් කරගන්න පුළුවන් පුද්ගලයින්ට තනතුරු දෙන්න. වසර 20ක් 15 ක් අවුවේ ඉදලා රට වෙනුවෙන් ක්‍රීඩා කළ ක්‍රීඩකයින්ව පිළිගැනීමක් නැතිනම් ඒ අයට පිටරටට යන්න සිද්ධ වෙනවා.
ඒ දේවල් ඉස්සරහටත් සිද්ධවෙනවා. මම පෞද්ගලික හිතන දෙයක් තමයි අපිට පිටරට පුහුණුකරුවන් අවශ්‍ය නැහැ. මේ ගැන සොයා බලන්න ඕන ක්‍රීඩා ඇමැතිවරයා. නමුත් අද ක්‍රීඩා ඇමතිවරයා ක්‍රිකට් ආයතනයට වඩා පහළින් ඉන්නවද කියලා සැකයක් තියෙනවා. නමුත් මම අවසාන වශයෙන් කියනව නම් මම කියන්නේ මුරලි මගෙන් ඇහුව නම් ඕස්ට්‍රේලියාවේ පුහුණු ධුරය ගන්නද කියලා මම යන්න දෙන්නේ නැහැ…”
තව කියවන්න >>

මේනකාගේ ෆෝන් එකේ Viber ෆොටෝස් ලීක් වුණේ මෙහෙමයි

මේනකා මධුවන්ති පසුගිය කාලයේ ගොසිප් මවන තවත් නිළියක් බවට පත්වෙලා හිටියා. ඇය ගැන දැන් යළිත් කතාබහක් ඇති වෙලා තියෙන්නේ ඇයගේ ජංගම දුරකතනයේ තිබුණු ඡායාරූප කිහිපයක් හොරකම් කර තිබීම නිසයි.
මේනකා එයාගේ ජංගම දුරකතනය යාළුවෙකුට දීලා තියෙනවා Email එකක් හදලා දෙන්න කියලා. මේ යාළුවා තරුණ ව්‍යාපාරිකයෙක් කියලා තමයි මේනකා කියන්නෙ. කිව්ව වැඩේ කරලා මේ යාළුවා මේනකාට ආපහු දුරකතනය දීලා තිබුණත් එයා මේනකාගේ ජංගම දුරකතනයට එන Viber ඡායාරූප සහ Mail තමන්ගේ දුරකතනයටත් ලැබෙන විදියට තමයි හදලා දීලා තියෙන්නෙ.
මේ යාළුවා මේනකාගේ පැරණි පෙම්වතා එක්ක ලබාගත් ඡායාරූප වගයක් අලුත් පෙම්වතාටත් යවලා තියෙනවා.
පස්සේ කොහොම හරි මේනකා වෙච්ච දේ තේරුම් අරන් ඉක්මනින්ම කොහුවල පොලිසියට පැමිණිලි කරලා. අදාළ ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වලා අවවාද කරන්න කියලයි එයා පොලිසියෙන් ඉල්ලලා තියෙන්නෙ.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිසිය ඒ ව්‍යාපාරික තරුණයාව පොලිසියට ගෙන්වලා කරුණු පැහැදිළි කරලා දීලා අවවාද කරලා තියෙනවා.
තව කියවන්න >>

මොරගහකන්ද මගේ – මහින්දගෙන් ප්‍රකාශයක්

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය තමාගේ වැඩපිළිවෙළක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (26) සඳහන් කළා.
නෙළුම් මාවත කාර්යාලයේ දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ චීන රජයේ ආධාර මත එහි බැම්ම බැඳීම ආදිය සිදුකළ බවයි.
ඒ සඳහා එවක අමාත්‍යවරයෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා විශාල උනන්දුවකින් කටයුතු කළ බව ද මහින්ද රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.
තව කියවන්න >>

පොලිස් නිලධාරීන් 100ක් වෙරළත් සමග පොලීසියත් පිරිසිදු කරයි

හලාවත වෙරළ තීරය පිරිසිදු කිරීමේ ශ‍්‍රමදානයක් අද (24) පැවැත්වුණා.
ඊට පොලිස් නිලධාරින් ඇතුළු සියයකට අධික පිරිසක් එක්ව සිටීම විශේෂත්වයක්.
මෙම ශ‍්‍රමදානය සංවිධාන කර තිබුණේ හලාවත කොට්ඨාස පොලිස් පරිසර ඒකකය විසින්.
මෙහිදී වෙරළ තීරයේ කිලෝමීටර් දෙකක පමණ දුරක විහිදි තිබූ කැලි කසල ඉවත් කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.




තව කියවන්න >>

සිංදු කියන නාග කන්‍යාවියගේ නැටුම් මෙන්න



තව කියවන්න >>

විදෙස් ප‍්‍රතිපත්තිය ගැන ජනපතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවාදෙන බවට ඇතැමුන් කරන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
තමා කටයුතු කරන්නේ එදා බණ්ඩරනායක මහතාගේ විදේශ ප‍්‍රතිපත්තිය මත බවත්, ඒ හැර ලෝකයේ කිසිඳු රටක් සමග වෙනත් බාහිර බැඳීමක් නොමැති බවත්, ජනාධිපතිවරයා පැවසුවා.
ඒ, දිවංගත ධර්මසිරි සේනානායක හිටපු අමාත්‍යවරයාගේ 16 වැනි ගුණ සමරු උත්සවයට කෑගල්ලේදී අද (24) එක්වෙමින්.
ධර්මසිරි සේනානායක හිටපු අමාත්‍යවරයාගේ චරිතය අද දවසේ දේශපාලඥයින්ටද ආදර්ශයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය සැම විටම ආරක්ෂා කරන බවත්, සම්මුතිවාදී ආණ්ඩුව තුළ රටට අවශ්‍ය පරිවර්තනයන් සඳහා කැපවීම අද අවශ්‍ය බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.
තව කියවන්න >>

අනෝමා ජිනාදරී නෙවත නිරුවත් වේ

yeuodu;a wuq;= foa lrk wfkdaud ðkdoÍ wdhsu;a wvksrej;a fiahd rE lSmhla t<s olaj,d' weh ;ukaf.a f*ianqla .sKqu yryd ;ud fï mska;=r bÈßm;a lrkafka' ldka;d ksfhdað;jßhla ks<shla f,i wo jvd;au l;d nyg ,lajk wfkdaudf.a fï mska;=r .ek;a fndfyda foa lshkak ;sfhaú'



තව කියවන්න >>

ගැහැණු ඇඳුම් ඇන්දෙ Girl Friend පුදුම කරන්න

මුස්ලිම් කාන්තාවන් අඳින බුර්කාවකින් සැරසී කාන්තාවක් මෙන් හැසිරුණු පිරිමි පුද්ගලයෙකු කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිසිය විසින් අද (23) අත්අඩංගුවට ගනු ලැබුවා.
ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තය අසල රැඳී සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
සැකකරුගෙන් පොලිසිය කළ ප‍්‍රශ්නකිරීම්වලදී ප‍්‍රකාශ කර ඇත්තේ කටාර් හි සිට පැමිණෙන සිය පෙම්වතිය පුදුම කිරීමේ අරමුණින් තමන් කාන්තා ඇදුමෙන් සැරසී ගුවන් තොටුපල පරිශ‍්‍රයේ රැඳී සිටි බවයි.
30 හැවිරිදි සැකකරු කොළඹ අලුත්කඩේ ප‍්‍රදේශයේ පදිංචි අයෙකු බව අනාවරණ වී තිබෙනවා.
තව කියවන්න >>

මයිකල් ජැක්සන්ගේ රහසකින් ලොව කැළඹෙයි – වයස 11 වූ ‘එමාව‘ විවාහ කරගන්න හදලා!

2009 වසරේදී අතරින් සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ට එමා වොට්සන් සමග විවාහ වීමට අවශ්‍ය කළ බව හෙළිවී තිබෙනවා.
ඔහුට මෙසේ එමා වොට්සන්ව විවාහ කර ගැනීමට අවශ්‍ය වී අත්තේ ඇය රඟපෑ හැරී පොටර් චිත්‍රපට මලාවේ මුල් චිත්‍රපටය තිරගත වන කාලයේ වන අතර එවකට එමාගේ වයස අවුරුදු 11 පමණ වී තිබේ.
ඔහු තම පෞද්ගලික වෛද්‍යවරයා සහ හොඳම මිතුරා වූ කොන්රඩ් මරේ වෙත පවසා ඇත්තේ තමාට එමා වොට්සන් හා විවාහ වීමට අවශ්‍ය බවයි.මෙය හිතලූවක් නොවන බවත් ඔහු සැබෑවටම එමා වොට්සන් හට පෙම්කළ බවත් කොන්රඩ් මරේ පවසයි.
මෙය හෙළිවූයේ වෛද්‍ය කොන්රඩ් මරේ විසින් මයිකල් ජැක්සන් පිළිබඳ රචනා කරන ලද “This is It” නම් කෘතියෙනි.
මයිකල්ගේ ජීවිත කාලය තුළදී ඔහු සම්බන්ධ වූවායි කියන ළමා අපයෝජනයන් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක සිදුවීම් ගණනාවක්ද එකළ වාර්තා විය.
කෙසේ වෙතත් 2009 වසරේදී මත්ද්‍රව්‍ය පමණට වඩා භාවිත කිරීම හේතුවෙන් වයස අවුරුදු 50දී ජීවිතයට සමුදුන් මයිකල් ජැක්සන්,
වයස අවුරුදු 11 වූ එමා වොට්සන්ට පෙම්කළ පුවත මේ වන විට ලෝ පුරා කතාබහට ලක්වෙමින් තිබේ.
තව කියවන්න >>

චීනයට ප‍්‍රබල ගං වතුරක් – 87 ක් මරුට

අයහපත් කාලගුණය හේතුවෙන් චීනයේ ප‍්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවී තිබෙනවා.
මධ්‍යම චීනයට බලපා ඇති ගං වතුර තත්ත්වයත් සමග සැඩ පහරට ගසාගෙන යාමෙන් පුද්ගලයින් 87 දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා අනාවරණ කළේ.
සියයකට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති අතර දහස් සංඛ්‍යාත පිරිසකට නිවාස අහිමි වී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා


තව කියවන්න >>

අත්අඩංගුවට ගැණුනු යුධ හමුදා සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර (UPDATE)

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැණුනු යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයා රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ලබාදී තිබෙනවා.
…………………………………………………………………
ලසන්ත ඝාතනයට සැකපිට බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට(BREAKING NEWS)
Jul 16, 2016 @ 12:32
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රහස් පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හමුදා සැරයන්වරයෙක් මෙලෙස අත්අඩංගුවට  ගත් බවයි.

තව කියවන්න >>

දෙසැම්බර් 31න් whatsapp නවතියි – ඔබේ දුරකථනයත් මේ අතර තිබෙනවාද බලන්න!

බොහෝ දෙනා පණිවුඩ යැවීම සඳහා භාවිත කරන උපාංගයක් ලෙස whatsapp ප්‍රසිද්ධියක් උසුලනවා.
එසේ whatsapp භාවිත කරන ඇතැම් ජංගම දුරකතන හිමියන්ට කණගාටුදායක පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
ඒ මෙම වසර අවසානයේදී ඇතැම් ජංගම දුරකථන තුළින් whatsapp සේවාව නවතිනු ඇති බවයි.
ඒ අනුව මෙම වසරේ දෙසැම්බර් 31 පසුව,
BlackBerry, including BlackBerry 10
Nokia S40
Nokia Symbian S60
Android 2.1 and Android 2.2
Windows Phone 7.1
iPhone 3GS/iOS 6
යන දුරකථන වල whatsapp ක්‍රියාකාරිත්වය නවතිනු ඇති බව බළධාරීන් පවසනවා..
පසුගිය පෙබරාවාරි මාසයේ whatsapp සමාගම මේ සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබුණද එහි ක්‍රියාකාරීතවය නවතින දිනයක් සඳහන් කර තිබුණේ නැහැ.
.
තව කියවන්න >>

අභ්‍යන්තර සාමය දිනා ශ‍්‍රී ලංකාව ලෝකයේ දෙවන තැනට

අභ්‍යන්තර සාමය උදාකර ගැනීමට පසුගිය වසරේ කැපවූ ලෝකයේ රටවල් 163ක් අතරින් ශ‍්‍රී ලංකාව දෙවන ස්ථානයේ සිටින බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
මඩකලපුව දිස්ත‍්‍රික් ක‍්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට අද (10) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රටේ සියලු ජනතාවගේ සංස්කෘතීන් ආරක්ෂා කරමින් ගතයුතු දේශපාලන තීන්දු ගන්නා බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ.
තව කියවන්න >>

ඒකාබද්ධ විපක්ෂයෙන් දැවැන්ත පා ගමනක්

යහපාලන ආණ්ඩුවට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා විරෝධතා පා ගමනක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්‍ෂය තීරණය කර තිබෙනවා.
මාතර ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ලක්‍ෂ 5 කට අධික ජනතාවක් ඒකරාශි කර ගනිමින් මෙම විරෝධතා පා ගමන පවත්වන බවයි. මේ මස අවසානයේ එම විරෝධතා පා ගමන පවත්වන බවද මන්තී‍්‍රවරයා සදහන් කළා.
ඒකාබද්ධ විපක්‍ෂය විසින් ඉදිරියේදී පිහිටුවීමට නියමිත දේශපාලන බලවේගය සම්බන්ධයෙන්ද මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී කරුණු දැක්වුවා. එහිදී හෙතෙම සඳහන් කළේ සියලු ජාතීන්ට අයත් සාමාජිකයන් හා එක්සත් ජාතික පක්ෂයේ කලකිරී ඇති විශාල පිරිසක් ඊට එක්වීමේ අපේක්ෂාවෙන් ඇති බවයි.

තව කියවන්න >>

යුරෝපා සංගමයේ කොන්දේසි පනස් හය 16 ට බස්සයි

ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ශී‍්‍ර ලංකාවට ලබාදීම සඳහා යුරෝපා සංගමයෙන් පනවා තිබූ කොන්දේසි 56, 16 දක්වා අඩුකර තිබෙනවා.
මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කළේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය යළි ලබාගැනීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාවට සුබවාදී බලාපොරොත්තුවක් තබාගත හැකි බවයි.
ඒ අනුව ජී.එස්.පී. ප්ලස් බදු සහනය ශී‍්‍ර ලංකාවට ලැබෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි මාස දෙක ඇතුළත ස්ථිර වශයෙන්ම ප‍්‍රකාශ කළ හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා. යහපාලන ආණ්ඩුවේ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ යුරෝපා සංගමය සෑහීමකට පත්ව ඇති බැවින් මෙලෙස කොන්දේසි අඩු කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

තව කියවන්න >>

සාලාවේ උද්ඝෝෂකයන්ට එරෙහිව මහජන පීඩා පැමිණිළි 08 ක්

සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරත වූ ප‍්‍රදේශවාසීන්ට එරෙහිව පොලීසිය විසින් පවරන ලද නඩුවේ ප‍්‍රගතිය අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී හෙට (11) විමසා බැලෙනවා.
ඉකුත් සිකුරාදා පෙරවරුවේ ප‍්‍රදේශවාසීන් පිරිසක් අවිස්සාවේල්ල – කොළඹ මාර්ගය අවහිර කරමින් සාලාව යුද හමුදා කඳවුර ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණා. ඒ, තමන්ට නිසි පරිදි සහන නොලැබුණ බව පවසමින්.
එම උද්ඝෝෂණ හේතුවෙන් සිදුවූ මහජන පීඩා පිළිබද කොස්ගම පොලිස් ස්ථානයට පැමිණිලි 8 ක් ඉදිරිපත් වී තිබෙනවා. ඉන් එක් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ රෝගී පුද්ගලයෙකු රෝහලට රැගෙන ගිය පාර්ශ්වයක් විසින්. සංචාරක මගපෙන්වන්නෙකුද අදාළ විරෝධතාවට එරෙහිව පොලීසියට පැමිණිලි කර තිබෙනවා.
මෙම පැමිණිලි සම්බන්ධයෙන් පොලීසිය කළ විමර්ශනයේ ප‍්‍රගතිය හෙට අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේදී විමසා බැලෙනු ඇති.

තව කියවන්න >>

“සිර කළ සිසුන් නිදහස් කරන්න”

අත්අඩංගුවට ගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු සියලුම සිසුන් වහා නිදහස් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට බල කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එහි දේශපාලන මණ්ඩලය සඳහන් කළේ සාමකාමී හා සාධාරණ ශිෂ්‍ය උද්ඝෝෂණවලට පහරදෙමින් ශිෂ්‍ය නායකයන් අත්අඩංගුවට ගෙන ආණ්ඩුව සිදුකරන මෙම මර්දනකාරී පිළිවෙත තරයේ හෙළා දකින බවයි.
“පසුගිය ආණ්ඩු මෙන්ම වත්මන් ආණ්ඩුවද ශිෂ්‍ය ව්‍යාපාර මර්දනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ නිදහස් අධ්‍යාපනය ක‍්‍රමයෙන් කප්පාදු වෙමින් පවතිනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඊට හොඳම උදාහරණයයි. නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙසට මේ වනවිටත් විශ්ව විද්‍යාල සිසුන් විවිධ විරෝධතා ව්‍යාපාර ආරම්භ කර තිබෙනවා.” යනුවෙන්ද එම නිවේදනයේ සඳහන්.
ගැටළුවලට විසඳුම් ලබාදෙනවා වෙනුවට ශිෂ්‍ය අරගල මර්දනය කිරීමට ආණ්ඩුව උත්සාහ දරන බවයි ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙන්නේ. එම නිසා වත්මන් ශිෂ්‍ය පරපුර මුහුණදී සිටින ගැටලු පොදු සමාජ ගැටළු ලෙස සලකා අධ්‍යාපනයේ අයිතීන් ආරක්‍ෂා කර ගැනීමට ඔවුන්ට අවස්ථාව සලසා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලා සිටිනවා.
තව කියවන්න >>

දැඩි සුළඟකින් නිවාස සහ දේපළ රැසකට හානි (PHOTOS)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් නිවාස හා දේපළවලට හානි සිදුව තිබෙනවා.
නාත්තන්ඩිය නගරය හරහා හමා ගිය සුළඟකින් නිවාස 09 කට සහ විදුලි පහන් කණු 07 කට හානි සිදුවී මාරවිල – නාත්තන්ඩිය මාර්ග‍යේ ගමනා ගමන කටයුතුවලට බාධා එල්ලවී තිබුණා.
පුත්තලම ආපදා කළමණාකරන ඒකකය සඳහන් කළේ අද (10) පෙරවරු 7.00 ට පමණ පැවති වැසි සහිත සුළං තත්ත්වය සමග මෙම හානි සිදු වූ බවයි.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට ඊයේ (09) පස්වරුවේ සිට ඇදහැලෙන අධික වැසි සහ සුළං හේතුවෙන් නිවාස කිහිපයකට අලාභහානි සිදුවුණා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ගිනිගත්හේන, අඹගමුව ප‍්‍රදේශයේ නිවාස 03 කට මෙලෙස අලාභ හානි සිදුව ඇති බවයි.
නාත්තන්ඩිය ප්‍රදේශයේ ඡායාරූප …





තව කියවන්න >>

සල්මාන් කට නිසා ආයෙත් නාගනී!

සල්මාන් ඛාන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් බව ප්‍රසිද්ධ කාරණාවක්.
සල්මාන්ගේ නවතම චිත්‍රපටය වන සුල්තාන් මේ දිනවල ලොව පුරා අතිශය සාර්ථක ලෙස තිරගත වනවා.
කොහොම වුණත් මේ සුල්තාන් චිත්‍රපටය ගැන සල්මාන් මාධ්‍යට දක්වපු අදහසක් නිසා තමයි ඔහුට මේ අකරතැබ්බය වෙලා තියෙන්නේ.
දූෂණයට ලක් වූ කාන්තාවක් තරම්ම තමා මෙම චිත්‍රපටයට වෙහෙසුණු බව සල්මාන් කියලා තියනවා.
සල්මාන්ගේ මෙම ප්‍රකාශයට ඉන්දියාවේ බොහොමයක් කාන්තා සංවිධාන සහ සමාජ ජාලා වෙබ් අඩවි තුළින් එල්ල වුණේ දැඩි විරෝධයක්..සල්මාන් වහාම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ඔවුන් කියනවා.
තව කියවන්න >>

සමාජ ජාලා වෙබ් අඩවි වලට වැට බැඳෙයි!!

පසුගිය දිනවල බංගලාදේශයට එල්ල වූ අයි එස් ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට සමාජ ජාලා වෙබ් අඩවි මගින් පැතිරෙන ජිහාඩ් න්‍යාය පත්‍රය මැඩ පැවැත්වීමේ මෙහෙයුමක් රජය විසින් ආරම්භ කොට ඇති බව වාර්තා වෙනවා.
බංගලාදේශයේ ජිහාඩ් කල්ලි සීඝ්‍රයෙන් හිස එසවීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති බවත්,පසුගිය දිනවල එල්ල වූ ප්‍රහාරයට සමාජ ජාලා වෙබ් අඩවි විශාල බලපෑමක් එල්ල කොට ඇති බවත්,ත්‍රස්තයන් දිගින් දිගටම සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ අලුතින් සාමාජිකයන් එක් කරගෙන ඇති බව වාර්තා වනවා
එරට බළධාරීන් පවසන්නේ මෙම ප්‍රහාරය ඔවුන්ගේ ඇස් ඇරවීමට සමත් වූ බවයි.ජිහාඩ් කල්ලි ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ රැඩිකල් අදහස් පතුරවා තරුණයන් ආකාර්ශණය කරගන්නා බව ඔවුන් පවසනවා.
කෙසේ වෙතත් බංගලාදේශයෙන් නිකුත් වන ඇතැම් වාර්තාවන් අනුව ඉදිරියේදී සියලුම සමාජ ජාලා වෙබ් අඩවි තහනම් කිරීමට එරට බළධාරීන් සළකා බලමින් සිටින බව දැක්වෙනවා.
තව කියවන්න >>

විදේශ ඇමතිට විශ්වාසභංගයක්!

විදේශ විනිසුරුවරුන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දරණ මතයට වෙනස් මතයක් දරණ විදේශ කටයුතු අමාත්‍යවරයා එම ධුරයෙන් ඉවත් නොකරන්නේ මන්දැයි ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රශ්න කරනවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ “යුද අපරාධ විනිශ්චය ක්‍රියාවලිය සදහා විදේශ විනිසුරුවරුන් අවශ්‍ය බව” විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කර ඇති බවයි. නමුත් ජනාධිපතිවරයා පවසන්නේ “රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් විදේශ විනිසුරුවරුන් ගෙන්වා නඩු ඇසීමට ඉඩක් ලබාදීමට තමා කිසිසේත් සූදානම් නොමැති බවයි” යන්නයි.
ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බවද උදය ගම්මන්පිල මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.


තව කියවන්න >>

ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියට සියල්ල සූදානම් (UPDATE)

ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගය අද (10) මින්නේරිය කාලතුවක්කු හමුදා කඳවුරේ ධාවන පථයේදී පැවැත්වෙනවා.
මෙවර 11 වන වරට පවත්වන මෙම තරගාවලිය ධාවන ඉසව් විසි තුනකින් සමන්විතයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පි‍්‍රයන්ත ජයසුන්දර මහතා සඳහන් කළේ මේ සඳහා තරගකරුවන් 160 දෙනෙකු පමණ සහභාගී වෙන බවයි. මින් ලැබෙන ආදායම යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් සඳහා යෙදීවීමට කටයුතු කරන බවද සඳහන් කළා.
මෙවරත් ගනර් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය සඳහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.

ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියට පෙර සූදානම
(Jul 9, 2016 @ 14:51)
ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය හෙට (10) දිනයේ මින්නේරිය කාලතුවක්කු හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අතර තුර පුහුණුවීම් කටයුතු අද (09) දිනයේ සිදු කෙරෙන අයුරු පහතින් දැක්වේ.




තව කියවන්න >>
බීලා අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයේ දොරට තට්ටු කළ ගුරුවරු ඉගෙනගත් පාඩම

බීලා අඩ නිරුවතින් කාන්තා නේවාසිකාගාරයේ දොරට තට්ටු කළ ගුරුවරු ඉගෙනගත් පාඩම

අකුරැස්ස නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ කාන්තා නේවාසිකාගාරයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ බවට සැකපිට ගුරුවරුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් බීමතින් උඩුකය නිරුවත්ව පැමිණ කාන්තා නේවාසිකාගාරයේ දොරටුවලට තට්ටු කර ඇති බවයි පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙන්නේ.

මෙම ගුරුවරුන් පස්දෙනා නිල්වලා ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේම ආදි සිසුන් වනවා. ඔවුන් මේ වන විට බෙලිඅත්ත , තංගල්ල, සෙල්ලකතරගම, සෙවණගල සහ බණ්ඩාරවෙල යන ප‍්‍රදේශවල පාසල්වලට අනුයුක්තව සේවය කරන බවයි විමර්ශනවලින් හෙළි වී ඇත්තේ.

තව කියවන්න >>

සාලාවේ වන්දි අවුලක්!

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ඉකුත් දා ඇති වූ ගින්නෙන් පීඩාවට පත්වූවන්ට වන්දි ලබාදීම ප‍්‍රමාද හා අක‍්‍රමික බවට තවදුරටත් චෝදනා පවතිනවා. ඒ පිළිබඳ කළ විමසීමකදී ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ කිසියම් ප‍්‍රමාදයක් සිදුව ඇත්නම් ඊට වගකිව යුත්තේ කොළඹ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය බවයි.
“දිස්ත්‍රික් ලේකම් ඉල්ලපු මුදල් කැබිනට් අනුමැතිය ලබාගෙන දිස්ත්‍රික් ලේකම්ට දීල තියෙන්නෙ. ඇමතිවරයෙක් විදියට මට මුදල් බෙදන්න බැහැ. එය සිදු වෙන්නෙ නිලධාරීන් මගිනුයි.“
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් කොළඹ දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු පැවසූවේ සාලාවේ වන්දිවලට අදාල මුදල් ලැබී නැති බවය. තක්සේරු අවසන්කොට ඒවා අමාත්‍යංශයට බාර දෙන්නේ ලබන සඳුදා බවද පැවසූ කන්නංගර මහතා වැඩිදුරටත් පවසුවේ මුදල් ලැබී ඇත්තේ 401 දෙනෙක් සඳහා රුපියල් 50000 දීමනාව දීමට පමණක් බවය.
වන්දි ලබාදීම ප‍්‍රමාද හා අක‍්‍රමික බව පවසමින් කොස්ගම සාලාව යුද හමුදා කඳවුර අවට වැසියන් ඊයේ (08) දිනයේ ද උද්ඝෝෂණයක නිරත වුණා.
තව කියවන්න >>

බස් ගාස්තු වැඩි කිරීමකට කොන්දේසි සමග එකඟතාවක්!

සියයට 3 සිට සියයට 6 දක්වා ප‍්‍රතිශතයකින් බස් ගාස්තු වැඩි කිරීමට තමන් ද එකඟ වන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. කෙසේ වෙතත් ඊට වඩා වැඩි ප‍්‍රතිශතයකින් බස් ගාස්තුව වැඩි කිරීමට තමන් එකඟ නොවන බවයි එහි සභාපති රංජිත් විතානගේ මහතා පැවසුවේ.
බස් ගාස්තු වැඩි කිරීමත් සමග බස් සේවාවේ ගුණාත්මකභාවය ද වැඩි කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.
“බස් වලට මගීන් නංවා ගන්නේ ලොරිවලට පොල් පටවනව වගෙයි. එහෙම වෙන්න බැහැ. බස් රථයක ගමන් ගන්න පුළුවන් උපරිම මගී සීමාව ක්‍රියාත්මක කළ යුතුයි. මගීන්ට නිසි ප්‍රමිතියෙන් යුත් ප්‍රවාහන සේවාවක් ලබා දෙන්න බලධාරීන් සහ බස් හිමියන් කටයුතු කරන්න ඕන.“
බස් ගාස්තු ජාතික ප‍්‍රතිපත්තියක් සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර ඇති විද්වත් කමිටුවට පාරිභෝගිකයන් නියෝජනය කරමින් ද පුද්ගලයින් පත්කරන්නැයි ද පාරිභෝගිකයින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලීමක් කළා.

තව කියවන්න >>

මෝදි තුල්සිගේ හුළං බස්සයි

ඉන්දියාවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය සමග එරට මානව සම්පත් ඇමතිවරිය ලෙස කටයුතූ කළ ස්මිත්‍රි ඉරානිට එම අමාත්‍යධූරය අහිමිව තිබෙනවා.
ඇය අධික බමුණු කුල වාදිනියක් ලෙසයි ප්‍රකටව ඇත්තේ. ඇයගේ මැදිහත්වීමෙන් කළ බලපෑම මත ආචාර්ය උපාධිය හදාරමින් සිටි ඉන්දියාවේ පහත් කුලයක් ලෙස සැලකෙන දාලිත් කුලයේ පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබීමද ඊට බලපෑ ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
ඇයට කැබිනට් සංශෝධනයෙන් හිමිව ඇත්තේ පේෂකර්මාන්ත අමාත්‍යධූරයයි.
ඇය මෙරට ජනතාව අතරද ප්‍රසිද්ධියට පත් තැනැත්තියක් වනවා. ඒ මෙරට රුපවාහිනී නාලිකාවක් විකාශය කරන ලද ඉන්දියානු ටෙලි නාට්‍යක තුල්සි නම් ප්‍රධාන චරිතයක් නිරූපනය කිරීම හේතුවෙනි.


තව කියවන්න >>

චන්ද්‍රිකා මෛත්‍රීට දුන් අවවාදය!

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කතා කොට අවවාදයක් දුන් බවට පුවතක් සති අන්ත ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

“ඔබතුමා රනිල් එක්ක එකතුවෙලා පොලිටිකල් ගේම් ගහන්න හදන්න එපා. එහෙම වුණොත් එයා යූ.එන්.පී ආණ්ඩුවක් හදාගනීවි“ යන්න එම අවවාදය  බවයි පැවසෙන්නේ.

මේ අවවාදය දී ඇත්තේ මහ බැංකුවට නව අධිපතිවරයෙකු තෝරා පත්කරගැනීම පිළිබඳව කතා බහ ඇතිව තිබූ සමයේය.

තව කියවන්න >>

තෙවරප්පෙරුම සැත්කමකට ගෙන යයි.. (PHOTOS)

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාට කොළඹ පෞද්ගලික රෝහලකදී හදවත් සැත්කමක් සිදුකරනවා.
ඒ බව ඔහුගේ ෆේස් බුක් පිටුවෙහි ඡායාරූපද සමගින් සටහන්කොට තිබෙනවා.



තව කියවන්න >>

දෙහිවල මුහුදට අලුත් ගල්වැටියක්

ධීවරයන් ගණනාවකගේ මරණයට හේතු වු දෙහිවල ගල්කිස්ස මුහුදු තිරයේ ගල්පරය ඉවත් කිරිම හා අලූතෙන් ගල්වැටියක් ඉදි කිරිම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය අද (8) තීරණය කළේය.
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගැනුණි.
දෙහිවල ගල්කිස්ස මුහුදු තීරයේ දී පසුගිය (4) වැනිදා ගල්පරයක බෝට්ටුවක්  හැපීමෙන් ධීවරයෙක් මරණයට පත්වීම නිසා කෝපයට පත් වු ධීවරයෝ පිරිසක් පැය කිහිපයක් තිස්සේ දුම්රිය පාර හරස් කරමින් දුම්රිය ගමනාගමනයට බාධා කරමින් විරෝධතාවක නිරත වූහ.

තව කියවන්න >>