ජනාධිපති නිල වෙබ් අඩවියට හැකර් ප්‍රහාරයක් එල්ල කළ සිසුවා A9 ක් ලබා ගත් 'බ්‍රයිටෙක්'? -

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවියට අනවසරයෙන් ඇතුළුවීම හෙවත් 'හැක් කිරීම' සම්බන්ධයෙන් සැකපිට 17 හැවිරිදි පාසල් සිසුවකු කඩුගන්නාවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගනු ලැබූ ශිෂ්‍යයා වැඩිදුර ප්‍රශ්න කිරීම පිණිස කොළඹට රැගෙන එනු ලබන බවත් පොලිස් ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.
ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය (president.gov.lk) දින දෙකක් ඇතුලත දෙවතාවක් හැක් කිරීමේ අරමුණ කවරක්දැයි ඔහුගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
බ්‍රහස්පතින්දා සවස වෙබ් අඩවිය හැක් කිරීමෙන් අනතුරුව පාසල් ශිෂ්‍යයන් ආණ්ඩුවට කරන ඉල්ලීමක් මෙන්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත නිකුත් කෙරුණු උපදෙස් කිහිපයක්ද 'හැකරුන්' විසින් සිංහල භාෂාවෙන් එහි ප්‍රකාශයට පත් කර තිබුණි.
පැය කිහිපයක් ඇතුලත වෙබ් අඩවිය යථා තත්වයට පත්කරන ලද නමුත් යළිත් වරක් සිකුරාදාත් හැකරුන් එහි ඇතුල්වීම හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු වෙබ් අඩවිය ඉරිදා යළි විවෘත කෙරිණ.
පරිගණක සම්බන්ධ චෝදනා පිළිබඳව කටයුතු කරන නීති විධිවිධාන ප්‍රකාර සැකකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බවත් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සංදේශයට පැවසීය.
මීට ඉහතදීත් වෙබ් අඩවි ගණනාවක අනවසරයෙන් ඇතුළුවීම පිළිබඳව සැකකාර පාසල් ශිෂ්‍යයාට චෝදනා එල්ල වී තිබෙන බවත් වාර්තා වේ.
මීට අමතරව එම පාසල් සිසුවා සාමන්‍ය පෙළ විභාගයේ විෂයන් සඳහා A9 ක් ලබාගත් බවද වෙබ් මාධ්‍ය වාර්තා අන්තර්ජාලය ඔස්සේ පළකර තිබුණි.

තව කියවන්න >>

පක්ෂය දෙකඩයි – මහින්දගෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘බල කණු’ ආසන සංවිධායක පදවිවලින් ඉවත් කරනු ලැබීම පක්ෂය දෙකඩ කිරීමක් බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයෙකු වන හිටපු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ‘මේ දඩයම නිසා’ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දැනටමත් දෙකඩ වී ඇති බවයි.

ආසන සංවිධායකයන් ඉවත් කරනු ලැබීම හිටපු ජනාධිපතිවරයා හඳුන්වන්නේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකයින්ගෙන් පළිගැනීමේ නවතම අදියර ලෙසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශාල ජන පදනමක් ඇති සංවිධායකවරුන් ඉවත් කොට අඩු ජන පදනමක් ඇති පුද්ගලයන් එම තනතුරුවලට පත් කිරීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය දුර්වල කිරීමත් එක්සත් ජාතික පක්‍ෂයට වාසිදායක තත්වයක් ඇති කිරීමත් නිරායාසයෙන්ම සිදු වන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ

තව කියවන්න >>
ලෝක ශුර පෙල්ප්ස්ට කම්පනයක් – ඔලිම්පික් ගම්මානයේ කට කතා රැසක්

ලෝක ශුර පෙල්ප්ස්ට කම්පනයක් – ඔලිම්පික් ගම්මානයේ කට කතා රැසක්

ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 22ක් දිනාගෙන සිටින ලෝක පිහිනුම් ශූර අමෙරිකාවේ මයිකල් පෙල්ප්ස් සිය සමුගැනීම මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විවිද කටකතා ඔලිම්පික් ගම්මානයේ පැතිරයන බවයි වාර්තා වන්නේ.
ඊයේ පැවැති මීටර් 100 සමනළආර ඉසව්වේදී සිංගප්පූරුවේ 21 හැවිරිදි තරුණයෙකු වන ජෝශප් ස්කුලීන් හමුවේ පැරදීමත් සමග මයිකල් පෙල්ප්ස් කම්පනයට පත්ව සිටි බවයි පැවසෙන්නේ.
රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පෙල්ප්ස් පරදා සිංගප්පූරු ක්‍රීඩකයා ලද ජයග්‍රහණය ගැන වඩාත් කතාබහට ලක්වීම ඔහුගේ කම්පනයට වඩාත් හේතුවී ඇති බවයි සමාජ ජාල මාධ්‍ය ඔස්සේ පැතිරයන නිල නොලත් ආරංචිවල සඳහන්ව ඇත්තේ.
මේ පරාජය තමාට විශ්වාස කළ නොහැකි බව පෙල්ප්ස් පවසා ඇති අතර සිංගප්පූරුවේ ජෝශප් ස්කුලීන් කියා ඇත්තේ පෙල්ප්ස් පැරදවීම තමන්ගේ සතුට බව යි.
තව කියවන්න >>

නාගයින් ට අතිශය බියකින් පසුවන 19 හැවිරිදි පිලීපින ගැහැණු දරුවෙකු තම භිතීකාව පහ කිරීමට නාගයින්ගේ සම්භාහනයට ලක් වීමට කැමති වෙලා!

බිය යනු මිනිසුන් ට භයානක අවස්ථාවලදි හිතට දැනෙන දෙයකි.සමහරෙක් උස ස්ථාන වලටද, තවත් අයෙක් කැලෑ සතුන්ටද,තවත් සමහරෙක් අකුණු ගැසිම් වලට බිය වෙති. මේ පවසන්නේ එවැනිම දෙයකි. එනම් 19 හැවිරිදි පිලිපීන ජාතික සන්ශයින් නැමැති තරුණිය නාගයින්ට අතිශය බිය දක්වන්නියකි. වෛද්‍යවරුන් පවසන අන්දමට යම් කිසි දෙයකට ඇති භීතිකාව පසු කල හැක්කේ එම සිද්ධියට මුහුණ දුන් නිසාවෙනි.ඉතින් ඇය තම බිය පහකර ගැනීම සඳහා කිසිවෙකු ඉදිරිපත් නොවන නාගයින් ලවා සම්භාහනය කරගැනීමට කටයුතු කලා.
සෙබු සිටි සත්වොද්‍යානය තුල මෙවැනි නාගයින් ලවා සම්බහනය වීම සිදුකරයි.ඡායාරූප ශිල්පි අයන් මැක්ලන් විසින් මෙය ඡායාරූප ගත කරන ලඳි.අඩි 18 ක් දිග පයිතන් යන විශාල නාගයින් 4 දෙනෙකුගෙන් සම්භාහනය ලබා ගැනීමට ඇය කටයුතු කළා.මුල් අවස්ථාවල්දි ඉතාමත් භයෙන් වෙව්ලා සිටි ඇය මඳ වේලාවකට පසු යථා තත්වයට පත් වුනා . ඇය මෙම නාගයින් සමඟ සතුටින් විනාඩි 15ක පමණ කාලයක් සම්භාහනයේ යෙදුනා.අවසානයේ ඇය පැවසු දෙය නම් මෙම කර්තව්‍ය ඇයව ඉතා තෘප්තිමත් කල බවත් එමෙන්ම ඇගේ බිය පහවි ගිය බවත් ය.මෙය සියැසින් දැකගන්න…මේ විඩියෝව බලන්න.


තව කියවන්න >>