වෙසක් බලන්න ගිහින් නොඑන ගමන් යති

පිළිමතලාව ඉලුක්වත්ත හංදියේ දි අද (23) කිරි බවුසරයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් මෝටර් රථයේ රියදුරු හා ඔහුගේ මව එම ස්ථානයේදීම මියගිය බවත් මෝටර් රථයේ සිටි දරුවකු (7) හා කාන්තාවක් බරපතල තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළු කළ බවත් කඩුගන්නාව පොලිසිය පවසයි.
පුස්සැල්ලාව ප්‍රදේශයේ පදිංචි කරුවන් වන මෝටර් රථයේ ගමන් ගත් මෙම පිරිස  වෙසක් සිරි නැරඹීම සඳහා කොළඹ ගොස් ආපසු එමින් සිටියදී  මෙම අනතුරට ලක්ව තිබිණි.
බවුසරයේ රියදුරු පොලිස් අත් අඩංගුවට ගෙන මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රිමාන්ඩ් කැරිණි.




EmoticonEmoticon