සල්මාන් කට නිසා ආයෙත් නාගනී!

සල්මාන් ඛාන් කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන චරිතයක් බව ප්‍රසිද්ධ කාරණාවක්.
සල්මාන්ගේ නවතම චිත්‍රපටය වන සුල්තාන් මේ දිනවල ලොව පුරා අතිශය සාර්ථක ලෙස තිරගත වනවා.
කොහොම වුණත් මේ සුල්තාන් චිත්‍රපටය ගැන සල්මාන් මාධ්‍යට දක්වපු අදහසක් නිසා තමයි ඔහුට මේ අකරතැබ්බය වෙලා තියෙන්නේ.
දූෂණයට ලක් වූ කාන්තාවක් තරම්ම තමා මෙම චිත්‍රපටයට වෙහෙසුණු බව සල්මාන් කියලා තියනවා.
සල්මාන්ගේ මෙම ප්‍රකාශයට ඉන්දියාවේ බොහොමයක් කාන්තා සංවිධාන සහ සමාජ ජාලා වෙබ් අඩවි තුළින් එල්ල වුණේ දැඩි විරෝධයක්..සල්මාන් වහාම මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ගත යුතු බව ඔවුන් කියනවා.


EmoticonEmoticon