පෝලියෝ මුඛ එන්නතට වෙනසක්

ප‍්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ දරුවන්ට දැනට ලබාදෙන මුඛ පෝලියෝ එන්නතෙහි වෙනසක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා. 

පෝලියේ රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කිරීමේ තවත් පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය කියා සිටියේ. 


වෙනස් කරන ලද මුඛ පෝලියෝ එන්නත ලබාදීම ලබන 30 වෙනිදා සිට ආරම්භ කරන බවද වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය මෙහිදී කියා සිටියා. 
 
මේ අතර මැලේරියා රෝගය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කර ඇතත්, එම රෝග කාරකය ශ‍්‍රී ලංකාවට නැවත ඇතුලු වීම වැළැක්වීම සදඟා තවදුරටත් විමසිල්ලෙන් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසනවා. 
 

මැලේරියාව වැලඳුණු ඉන්දීය ජාතිකයෙකු ඉකුත් දා නුවරඑළියෙන් සොයා ගැනුණා. පසුව ඔහු නැවත ඉන්දියාවට පිටත් කර හැරුණු අතර මැලේරියාව පිළිබඳ නව සංවාදයක් ඇති වූයේ ඉන් අනතුරුවයි. 


EmoticonEmoticon