ශ‍්‍රී ලංකා කාලතුවක්කු හමුදාව සහ ශ‍්‍රී ලංකා මෝටර් රථ ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරන ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගය අද (10) මින්නේරිය කාලතුවක්කු හමුදා කඳවුරේ ධාවන පථයේදී පැවැත්වෙනවා.
මෙවර 11 වන වරට පවත්වන මෙම තරගාවලිය ධාවන ඉසව් විසි තුනකින් සමන්විතයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ සේනාවිධායක මේජර් ජෙනරාල් පි‍්‍රයන්ත ජයසුන්දර මහතා සඳහන් කළේ මේ සඳහා තරගකරුවන් 160 දෙනෙකු පමණ සහභාගී වෙන බවයි. මින් ලැබෙන ආදායම යුද්ධයේදී මිය ගිය රණවිරුවන්ගේ පවුල් සඳහා යෙදීවීමට කටයුතු කරන බවද සඳහන් කළා.
මෙවරත් ගනර් සුපර් ක්‍රොස් මෝටර් රථ ධාවන තරගය සඳහා මාධ්‍ය අනුග‍්‍රාහකත්වය ලබාදෙන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි.
ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලියට පෙර සූදානම
(Jul 9, 2016 @ 14:51)
ගනර් සුපර් ක්‍රොස් ධාවන තරගාවලිය හෙට (10) දිනයේ මින්නේරිය කාලතුවක්කු හමුදා මෝටර් රථ ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අතර තුර පුහුණුවීම් කටයුතු අද (09) දිනයේ සිදු කෙරෙන අයුරු පහතින් දැක්වේ.




EmoticonEmoticon