ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද ප‍්‍රංශයේ නිෂ්පාදිත ඩෙංගු ප‍්‍රතිශක්තිකරණ එන්නත ශ‍්‍රී ලංකාවට සුදුසු දැයි සොයා බලන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අදාළ පාර්ශ්වවලට දැනුම් දී තිබෙනවා.
එම එන්නත භාවිතයට සුදුසු නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කරන ලෙසයි අමාත්‍යවරයා නිළධාරීන්ට දැනුම් දී ඇත්තේ. මෙම ප‍්‍රතිශක්තිකරණ එන්නත පිළිබඳව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රංශ තානාපතිවරයා පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුවත් කර තිබෙනවා. එම එන්නත දැනට විදේශීය රටවල් 04ක භාවිතා කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.
EmoticonEmoticon