මාස 03 ක ළදරුවෙකු සිය ලේලිය විසින් තමා ළඟ දමා ගෙදරින් ගිය බව පවසමින් අත්අම්මා කෙනෙකු අකුරැස්ස පොලිසියට පැමිණ තිබෙනවා. ළදරුවා කිරි ඉල්ලා හඬන බවත් තමාට කරකියාගත දෙයක් නොමැති හෙයින් පොලිසියට පැමිණි බවත් අත්අම්මා විසින් පොලිසියට පවසා තිබෙනවා.
මව්කිරි ඉල්ලා හඬන ළදරුවා දැක වහාම ක්‍රියාත්මක වූ අකුරැස්ස පොලිසියේ පොලිස් කාන්තාවන් වෙනත් පැමිණිල්ලක් සඳහා පැමිණ සිටි මවකගෙන් එම ළදරුවාට කිරි ලබා දෙන්නට කටයුතු කළා.
පසුව අකුරැස්ස පොලිස් නිලධාරීන් ළදරුවාගේ මව සොයා ගොස් ඇති අතර ඥාති නිවසක හිඳ ඇය හමුවී තිබෙනවා. එහිදී මව විසින් ප්‍රකාශ කර ඇත්තේ ළදරුවාගේ පියා වෙනත් විවාහයක් සිදු කරගෙන ඇති නිසා තමාගේ අසරණතාවය මත මෙසේ පළා ගිය බවයි.
(වීඩියෝව පහතින් දැක්වේ)
EmoticonEmoticon