විදුලිය පරිභෝජනය කරන කාලසීමාව අනුව නව අය ක‍්‍රමයක් හඳුන්වා දීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.
එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ ලබන ඔක්තෝබර් මාසයේ සිට මෙම නව අය ක‍්‍රමය හඳුන්වා දීමට හැකි වනු ඇති බවයි. ඒ අනුව පස්වරු 05.30 සිට රාත‍්‍රී 10.30 දක්වාද රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 05.30 දක්වා ද වශයෙන් විදුලිය පරිභෝජනය කරන කාලය කාණ්ඩ දෙකකට වෙන් කරනු ඇති.
රාත‍්‍රී 10.30 සිට පසුදින පෙරවරු 05.30 දක්වා කාලයේදී විදුලිය භාවිත කරන පුද්ගලයින්ගේ ගාස්තුව සාමාන්‍ය ගාස්තුවට වඩා සියයට 40 කින් පමණ අඩුවන බවයි මහජන උපයෝගීතා කොමිසම පැවසුවේ.

EmoticonEmoticon