වරායෙන් ජනපතිට ලිපියක්

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සහ ජය බහලු පර්යන්තය විකිණීමට ගෙන ඇති තීරණය වහා අහෝසි කරන්නැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරනවා.
එම සංගමයේ ප‍්‍රධාන ලේකම් චන්ද්‍රසිරි ගමගේ මහතාගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියක දැක්වෙන්නේ පුද්ගලික පර්යන්ත මෙහෙයුම්කරුවෙකු සමග නැගෙනහිර පර්යන්තය මෙහෙයවීමට කැබිනට් මණ්ඩල අනුමැතියද ලබාගෙන ඇති බවයි.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන කටයුතු සඳහා මේ වන විටත් ලංසු කැඳවීමක් සිදු කර තිබෙනවා. මෙම කටයුතු සම්බන්ධයෙන් වහා අවධානය යොමු කර කඩිනමින් පියවර ගන්නා ලෙසයි චන්ද්‍රසිරි ගමගේ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙන්නේ.


EmoticonEmoticon