International drug business super Actress

90 දශකය තුළ බොලිවුඩ් තිරයේ අනුරාගී චරිත නිරූපණය කළ මම්තා කුල්කර්නි සහ ඇගේ  සැමියා වූ විකි ගොස්වාමි නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන නිසා ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පැවැත්වෙන බව  ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

 
මේ වන විට ඉන්දීය පොලීසිය ගොස්වාමි සහ මම්තා සමඟ ජාවාරම් කටයුතුවලට හවුල් වූ පුද්ගලයන් පසුපස හඹා යමින් සිටින බවයි පැවසෙන්නේ.


පසුගිය දා සබීර් පටේල් නමැත්තකු ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු සතු තට්ටු නිවාස තුනක් මම්තාට විකුණා ඇති බව හෙළිවී ඇති අතර ඒවා ඔවුන්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට යොදාගන්නට ඇතැයි පොලීසිය සැක කරනවා.


ඉන්දීය පොලිස් නිලධාරියකු පැවසුවේ මේ වන විට ඇමෙරිකානු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ද  මම්තා කුල්කාර්නිගේ සැමියා වන ගොස්වාමිගේ ජාවාරම් පිළිබඳ තොරතුරු රැස් කරමින් සිටින බවයි. මේ පුද්ගලයා දැනට රටවල් 6කට අවශ්‍යව සිටිතැයි හෙළි වී තිබෙනවා


EmoticonEmoticon