අපි වාහන වලට ආසයි. වාහනයකට උරුමකම් කියන එක තරුණ පරම්පරාවේ හැම දෙනෙකුගේම හීනයක්. ඒත් මිලියන 20-30 දීලා අපිටම කියලා වාහනයක් අයිති කරගන්නවා කියන්නේ එක අපි වැඩි දෙනෙක්ට හිතන්නවත් බැරි ඉලක්කයක් වෙලා. මේ කියන්න යන්නේ අපිත් මහන්සි වෙලා සල්ලි හම්බ කරගත්තොත් පහසුවෙන් යන්නට පුළුවන් වාහන ඉලක්කයක් කිහිපයක් පිළිබඳව.
1. Lamborghini
මෑත කාලයේ වැඩිපුරම කතා බහට ලක්වුණු වාහන වර්ගයක් විදියට ලැම්බෝගිනි මෝටර් රථය හඳුන්වා දෙන්නට පුළුවන්. මේ වෙනකොට ලංකාවේ අලවියේ තියෙන වැඩිම මිලකින් යුතු මෝටර් රථය ලෙස හඳුන්වා දෙන්නට හැකි මේ මෝටර් රථ වර්ගයෙන් වාහන කිහිපයක් පමණයි ලංකාවේ ධාවනයේ යෙදෙන්නේ. මුලික මිළමිලියන 91 සිට ඉහලට නියම කර ඇති මේ වාහනය ලංකාවට ගෙන්වන්නේ යුරෝ ස්පෝර්ට්ස් ඔටෝ ලංකා පුද්ගලික සමාගමයි.
2. Jaguar F-Type
ජගුවර් වල මිල අධික වාහන මාදිලි අතරින් මේ මෑතකදී එළිදක්වපු “Jaguar F-type” මෝටර් රථය විශේෂයි. දොර දෙකේ ස්පෝර්ට්ස් මාදිලියේ වාහනය වන මේ ගැන වැඩි දුර විස්තර මේ යොමුවෙන් ලබා ගන්න පුළුවන්.මිලියන 10 සිට ඉහලටමිල නියමකර තිබෙන මේ වාහන දැන් දැන් කොළඹ තදාසන්න ප්‍රදේශ වල ධාවනයේ යෙදෙනවා දැකගන්න බැරි වෙන්නේ නැහැ.
3. Benz
ඩිමෝ සමාගමෙන් ලංකාවට ගෙන්වන බෙන්ස් රථ සියල්ලම පාහේ මිල ආරම්භ වන්නේ මිලියන 9 සිට ඉහලට වන්නටයි. මේ අතුරිනුත් SLK AMG Convertible Roadster රථය ලංකාව තුල අලෙවි වන්නේ රුපියල් මිලියන 90 සිට ඉහල මිල ගණන් වලටයි. සවිශක්තිය කල්පැවැත්ම සහතික කරන මේ අපූරු මෝටර් රථයේ වර්ග සහ මිල ගණන් මෙතනින් දැනගන්නට පුළුවන්.
4. Ford Mustang Eco Boost 2016
Fast and the Furious චිත්‍රපටි මාලාව බලපු ගොඩක් අයට අලුත් කාර් වගේම යුරෝපියන් මස්ල් කාර් වලට වැඩි ඇල්මක් දක්වන්න පටන් ගත්තා. මේ ආසාව කොච්චරද කියනවා නම් එක අවසාන වුනේ Ford Mustang Eco Boost වගේ කාර් ලංකාවට ගෙන්වන්න පටන් ගැනීමත් සමඟයි. මෙහි මිල නියම වෙලා තියෙන්නේ මිලියන 27 සිට ඉහළටයි. වැඩි විස්තර මෙතනින් බලාගන්න පුළුවන්.
5. Porsche Cayenne S Hybrid
Porsche කියන්නේ සැලූන් කාර් වලට වඩා sports cars හදන සමාගමක්. ඔවුන් වෙනත් රටවල සිය මෙහෙයුම් කටයුතු කලත් ලංකාවේ ආරම්භ කලේ ඉතාම මෑතකදී. ඒ කාලෙම Porsche Cayenne කියන SUV රථය ඔවුන් ගෙන්වුවත් ඒ ගැන විශාල ප්‍රසිද්ධියක් දුන්නේ නැහැ. එත් මේ මෑතකදී එළිදක්වපු Cayenne S Hybrid මාදිලිය මිලෙන් රුපියල් මිලියන 23ක් වුනත්, අපේ සුවපහසු රථ ප්‍රියකරන්නන් අතර බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. කැලණියේ, කොළඹ පාරේ, අංක 451 දරණ තැන පිහිටා තියෙන Porsche Centre Colombo තුලින් මේ අපුරු රථය ගැන ඔබට තොරතුරු හොයා ගන්නත් පුළුවන්.
EmoticonEmoticon