ජනතාව පරාදයි! අනාගත දර්ශනයක් තියෙන අයවැයක්! අයවැය ගැන මැති ඇමතිවරු කියන කතා…

2017 අයවැය තුන්වර කියවීම පාර්ලිමේන්තුවේ දී ඊයේ වැඩි ඡන්ද 110 කින් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 165 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 55 ක් පමණයි. මන්ත‍්‍රීවරුන් සිව් දෙනෙකු ඡන්ද විමසීම සඳහා පැමිණ සිටියේ නැහැ.

ඡන්ද විමසීමෙන් පසු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් අයවැය සම්බන්ධයෙන් නෙත් නිවුස් සමග මෙලෙස සංවාදයට එක්වුණා. අමාත්‍ය කබීර් හෂීම් පැවසුවේ ආණ්ඩුවේ ශක්තිය නැවතවරක් පෙන්වූ අයවැයක් බවය. කිසිදු රාජජ්‍ය දේපලක් නොවිකුණන බවද ඔහු පැවසුවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම පැවසුවේ ලොකු මිනිහට ලොකු කාර් එකක් ගෙන්න ගන්න බදු අඩුකර බට්ටා ලොරි දෙගුණයකින් ඉහළදමා ඇති බවය.

අමාත්‍ය එස්. බී. දිසානායක පවසන්නේ සංවර්ධන අයවැයක් බවය. විශාල වැඩි ඡන්දයකින් සම්මතකර ගැනීම ගැන සතුටුවන බවය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග පැවසුවේ මේ අයවැය ආණ්ඩුව ජය ගන්නා බව දැන සිටි බවය. මැති ඇමතිවරු වරදාන සහ වරප්‍රසාද රැක ගැනීම සඳහා අයවැය ජයග්‍රහණය කළ බවය.

අමාත්‍ය දුමින්ද දිසානායක පැවසුවේ අනාගත දර්ශනයක් ඇති අයවැයක් බවය. මීට මල් මෙන්ම ගල්මුල්ද එල්ලවියහැකි බවත් ඔහු පවසනවා.

අයවැයෙන් පරාජය වූයේ ජනතාව බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.

අයවැයේ ප‍්‍රතිලාභ ජනතාවට බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක අවසානයේ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය දින 19 ක් පුරා පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.



EmoticonEmoticon