බ්‍රසීල සීනි නවතියි

බ්‍රසීලයෙන් සීනි ආනයනය කිරීම නවතා දැමීමට සීනි ආනයනකරුවන් තීරණය කර තිඛෙනවා.
බ්‍රසීලයෙන් ආනයනය කෙරුණු සීනි තොග කිහිපයක කොකේන් සඟවා තිබීම නිසා මෙම තීරණය ගත් බවයි ඔවුන් කියා සිටියේ.
සීනි තුළ සඟවා කොකේන් ප්‍රවාහනය කිරීම මෙම වසරේදී ආරම්භ වූ ජාවාරමක් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
ඉකුත් ජූනි මස 9 වනදා රේගුවෙන් නිශ්කාෂණය කෙරුණු සීනි තොගයක තිබී රුපියල් බිලියන 4 ක් පමණ වටිනා කොකේන් තොගයක් සොයා ගැනුණා. එහි බර කිලෝග්‍රෑම් 240 කට ආසන්නයි.
ඉකුත් ජූලි මස 21 වනදා රේගුවෙන් නිශ්කාෂණය කෙරුණු සීනි තොගයක තිබී කොකේන් කිලෝග්‍රෑම් 314 ක් සොයා ගැනුණා. එහි වටිනාකම රුපියල් බිලියන 6.5ක්.
තවත් කොකේන් තොගයක් සොයා ගැනුණේ ඉකුත් නොවැම්බර් 9 වනදායි. එහි වටිනාකම රුපියල් මිලියන 500 ක් පමණ වනවා.
සීනි තුළ සඟවා තිබූ මෙවැනි කොකේන් තොගයක් නොවැම්බර් මස 24 වනදාද සොයා ගැනුණු බවයි සීනි ආනයනකරුවන් පවසන්නේ.එහි වටිනාකම රුපියල් බිලියන 2 ක් පමණ වනවා.


EmoticonEmoticon