පාසැල් නිළ ඇඳුම් දීමනාව ඉදිරියේදී වැඩි කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ කුලියාපිටිය ප්‍රදේශයේ පාසලක ඊයේ (13)පැවති උත්සවයකදීයි.
රුපියල් හාරසියයේ දීමනාව රුපියල් පන්සියය දක්වා වැඩි කරන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.
ගුරු පුරප්පාඩු පිරවීම සඳහා ඉදිරියේදී විසිපන්දහසක් බඳවා ගන්නා බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී ප්‍රකාශ කළා.
අදාළ බඳවා ගැනීම් ගුරු පුරප්පාඩු සොයා බලා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.

EmoticonEmoticon