ආපදා මරණ 7ක් දක්වා වැඩි වෙයි

වැසි ආපදා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 7ක් දක්වා වැඩි වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ (16) රාත‍්‍රී 8.00ට නිකුත් කළ වාර්තාවකට අනුව ආපදාවට ලක්ව තිබෙන දිස්ත‍්‍රික්ක ගණන 19ක්. 

කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් මරණ 4ක් වාර්තා වී තිබෙනවා. නායයෑම් සහ ඉවුරු කඩාවැටීම් නිසා ඊයේ (16) මෙම මරණ සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. 

ගාල්ල බද්දේගම ප‍්‍රදේශයෙන් සහ අනුරාධපුර ප‍්‍රදේශයෙන් තවත් මරණ 2ක් වාර්තා වී තිබෙනවා. අනෙක් මරණය සිදුවී ඇත්තේ මාදම්පේ  ප‍්‍රදේශයේදී නිවසක් මතට ගසක් කඩාවැටී අද (17) අලුයම සිදුවූ අනතුරකින්. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඊයේ රාත‍්‍රී 8.00ට නිකුත් කළ වාර්තාවට අනුව පූර්ණ වශයෙන් හානි වී ඇති නිවාස සංඛ්‍යාව 65ක්. තවත් නිවාස 1240කට අර්ධ වශයෙන් හානි සිදුව තිබෙනවා. 

විපතට පත්වූවන්ගේ මුළු සංඛ්‍යාව අසූ නවදහස් අටසිය තිස් තුනක් ඔවුන්ගෙන් තිස් එක්දහස් අටසිය පනස් එක් දෙනෙකු ආරක්ෂිත ස්ථානවල රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඒ වෙනුවෙන් පිහිටුවා ඇති ආරක්ෂිත ස්ථාන ගණන 106ක්. 

පුද්ගලයින් වැඩිම පිරිසක් විපතට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයේයි. එම සංඛ්‍යාව පනස් පන්දහස් හත්සීය විසි හතරක්. ආරක්ෂිත ස්ථාන 27ක් ගම්පහ දිස්ත‍්‍රික්කයේ පිහිටුවා තිබෙනවා. ඒවායේ රඳවා සිටින පුද්ගලයින් ගණන විසි හතරදහස් හත්සීය පහක්. 

කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් හත්දහස් අනූ අට දෙනෙකු ද යාපනය දිස්ත‍්‍රික්කයේ පුද්ගලයින් පන්දහස් හතළිස් හත් දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. කොළඹ දිස්ත‍්‍රික්කයේ පීඩාවට පත්වූවන්ගේ සංඛ්‍යාව හාරදහස් අටසිය හැට පහක්.  

මේ පිළිබඳ  තවත් විස්තර පහතින් දැක්වේ.







EmoticonEmoticon