නාය යෑමේ අවදානම් හේතුවෙන් කළුතර නෑබඩ රන්නගල වත්ත සහ තෙඹුවන මාබඩ වත්ත ප‍්‍රදේශයේ නිවාස 39 ක ජීවත් වූ ජනතාව ඉන් ඉවත් කර තිබෙනවා.
කළුතර නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ එම ජනතාව ආරක්ෂිත ස්ථානයක මේ වන විට රඳවා ඇති බවයි. ඔවුන්ට අවශ්‍යකරණ පහසුකම් මේ වන විට සපයමින් ඇති බවත් සඳහන් කළා.
මේ අතර දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට අද (29) දිනයේද මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සචින්තා ජයසේකර මහත්මිය සඳහන් කළේ දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
ඌව සහ නැගෙනහිර පළාත්වල සවස 2.00 න් පසු වැසි ඇති විය හැකි බවත් සඳහන් කළා. එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල තද සුළංද අපේක්ෂා කරන බවත් පෙන්වා දුන්නා
EmoticonEmoticon