ශී‍්‍ර ලංකා පිලට වැඩි ගෞරව අත්කර දෙමින් එංගලන්ත ලෙස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම සමග පැවති තුන්දින පුහුණු කි‍්‍රකට් තරගය ඊයේ (15) ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා රැස් කළ ලකුණු සංඛ්‍යාව 367ක්. ඊට පිළිතුරු වශයෙන් ලෙස්ටර්ෂයර් ප‍්‍රාන්ත කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 375ක් රැස් කළා. ඊයේ දිනය නිමා වන විට දෙවැනි ඉනිම කී‍්‍රඩා කරමින් සිටි ශී‍්‍ර ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී රැස්කර සිටි ලකුණු සංඛ්‍යාව 200ක්.
යළි ලකුණු අතරට පිවිසි දිමුත් කරුණාරත්න එහිදී ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා. කෞෂාල් සිල්වා ලකුණු 43 යි.
ලහිරු තිරිමාන්න නොදැවි ලකුණු 40ක් රැස් කළා. යොවුන් කී‍්‍රඩක දසුන් ශානක ලකුණූ 112ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 65ක් රැස් කරමින් ශී‍්‍ර ලංකා පළමු ඉනිමේදී පිත්තෙන් දස්කම් දැක්වූවා.
ශී‍්‍ර ලංකා පිතිකරුවන් මෙම තුන්දින පුහුණු තරගයේදී යළි ලකුණු අතරට පිවිසීම, එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට හොඳ ප‍්‍රවේශයක් බවයි කි‍්‍රකට් විචාරකයින් පෙන්වා දෙන්නේ.
තරග 3 කින් සමන්විත එංගලන්ත ශී‍්‍ර ලංකා පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන බ‍්‍රහස්පතින්දා ලීඩ්ස් හිදි පැවැත්වීමට නියමිතයි.

EmoticonEmoticon