සොරකමේ ගිය 15 ක් අල්ලයි

ජල ගැලීම් හේතුවෙන් නිවාස අතහැර ගිය ජනතාවගේ එම නිවාසවල ඇති භාණ්ඩ සොරකම් කළ බව කියන පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
 
 
කොළඹ උතුර ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ඊයේ (21) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියා. ඔවුන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා එහිදී  කියා සිටියා.
 
 
මේ අනුව ආපදාවලට ලක්වූ ජනතාවගේ දේපළවලට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට කටයුතු යොදා ඇතැයිද ඒ මහතා සඳහන් කළා.


EmoticonEmoticon