කෑගල්ල දිස්ත‍්‍රික්කයේ පිහිටා ඇති සමස්ත ග‍්‍රාම නිලධාරී වසම් 573න් වසම් 174ක් අවදානම් තත්ත්වයේ පවතින බව අද අනාවරණ වුණා. ඒ, කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදීයි.
කෑගල්ල දිස්ත‍්‍රික්කයේ නායයාම් 730ක් වාර්තා වී ඇති බවත් මේ වන විට ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය විසින් ස්ථාන 193ක් පරීක්ෂාවට ලක්කර ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
ආපදාවලින් මියගිය එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වන්දි ප‍්‍රදානය කිරීම සතියක් ඇතුළත සිදුකෙරෙන බවද මෙහිදී අනාවරණ වූ තවත් කරුණක්.
දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අද (27) පැවැත්වුණේ අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, සබරගමුව පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්
EmoticonEmoticon