ලැප්ටොප් බැටරිය ඉක්මණට සවුත්තු වුණාද? - හේතුව මේකයි

ලැප්ටොප් එකක් අද ඕනෑම කෙනෙක් ළඟ දැකිය හැකියි.  ලැප්ටොප් එකේ බැටරිය නම් වැඩි කාලයක් තියාගන්න බැහැයි කියන එක ඒ හැමෝම වගේ දන්න දෙයක්. සාමාන්‍යයෙන් ලංකාවේ මිලට ගන්න තියෙන බොහෝ ලැප්ටොප්වල බැටරි කාලය පැය 4 සිට 7 ක් දක්වා තමයි භාවිතා කළ හැකි වන්නේ. ඒ වගේම සමහර වැඩ කරද්දී මේක පැය දෙක තුනෙන් බැහැලා ඕෆ් වෙනවා.

ඉතා වැඩි කාලයක් ලැප්ටොප් බැටරිය ආරක්ෂා කරලා තියා ගන්න විදිහක් ගැනයි මේ කියන්න යන්නේ. බැටරිය ඉක්මනින් සවුත්තු වෙන්නේ දිගටම චාජ් වෙන්න ගහලා තියන එක නිසයි කියලා කියන්නත් පුළුවන්.

ලැප්ටොප් එකේ තියන බැටරිය ලිතියම් අයන පාවිච්චි වෙන බැටරියක්. මේකේ ලොකු වාසියක් තියෙනවා. ලිතියම් කියන්නේ වායුවක් නොවන සැහැල්ලුම මූලද‍්‍රව්‍යය. ලිතියම් කියන්නේ වැඩිම ශක්ති ධාරිතාවක් තියෙන ලෝහයයි. ඉතින් ලැප්ටොප්, ෆෝන්, ටැබ්ලට් වගේ ඕනෑම බරින් අඩු, වැඩි කාලයක් තියා ගන්න අවශ්‍ය වන උපකරණයකට වැඩියෙන්ම හොඳ ලිතියම් අයන බැටරි. 

හැබැයි ලිතියම් අයන බැටරිවල තියෙන ලොකු අඩුපාඩුවක් තමයි උණුසුම නිසා ඉක්මනින් හානි වීම. (ගිනි ගන්න, පුපුරන්න පවා ඉඩ තියෙනවා) අනිත් දේ තමයි මුළුමනින්ම චාජ් වුණාම හෝ බැහැලා ගියාම ඉක්මනින් හානි වීම.

ඉතින් ඔබේ ඕනෑම උපකරණයක් ලිතියම් අයන බැටරියක් තියෙන එකක් නම් සම්පුර්ණයෙන්ම බහින්න දෙන එක හෝ මුළුමනින්ම චාජ් වෙන එක ඇත්තටම බැටරියට හොඳ මදි. ඒ නිසා තමයි ලැප්ටොප් සේරම 5% වෙද්දී ඉබේම හයිබනේට් වෙන්නේ. ඒ වගේම සම්පුර්ණ චාජ් වෙන එක, විශේෂයෙන්ම සම්පුර්ණ චාජ් එකේ බොහෝ කල් තියෙන එකත් බැටරියට හොඳ මදි.

ගොඩක් ලැප්ටොප්, බැටරි බලයෙන් ක‍්‍රියා කරද්දී අඩු ශක්තියකින් ක‍්‍රියා කරන නිසා නිපදවන තාපය අඩුයි. නමුත් චාජ් වෙන්න ගැහුවම නිදහසේ ක‍්‍රියා කරලා වැඩි තාපයක් නිකුත් කරන්න පෙළඹෙනවා. ඒක නිසාත් බැටරියේ කල් පැවැත්ම අඩු වෙන්න ඉඩ තියෙනවා. බැටරිය රත් වෙලා තියෙන තරමට ඉක්මනින් විනාශයට යන බව පිළිගැනෙනවා. 

ඉතින් හොඳම දේ තමයි ඔබේ ලැප්ටොප් එක දිගටම විදුලියට සම්බන්ධ කරගනිමින් භාවිතා නොකර චාඡ් කිරීමේ වාර ගණන හැකි තාක් පාලනය කිරීම.

  


EmoticonEmoticon