කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (15) රාත‍්‍රියේ සහ අද (16) අලුයම පැමිණි ගුවන් යානා 3ක් අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් හරවා යවා තිබෙනවා.
නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ ඊයේ රාත‍්‍රී 8.35ට පමණ මුම්බායි සිට කටුනායකට පැමිණි ජෙට් එයාර් වේස් ගුවන් සේවයට අයත් යානයක් ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි.
එමෙන්ම අලුයම 12.45ට මැලේසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට පැමිණි ගුවන් යානයක් ද කොචින් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබෙනවා.
ඩුබායි හි සිට අද (16) අලුයම පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් යානයක් අධික වැසි තත්ත්වය හේතුවෙන් මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යවා ඇති බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොළ වාර්තාකරු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
EmoticonEmoticon