ජනපති මෛත‍්‍රීට ලෝක නායකයන්ගෙන් උණුසුම් පිළිගැනීමක් -

සාමයට සහ සෞභාග්‍යයට ඇති හොඳම මාර්ගය විවර කරමින් ශ‍්‍රී ලංකාව නව සංවර්ධන දිශානතියක් කරා මෙහෙයවීම නව රජයේ අරමුණ බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. 

ජී-7 හෙවත් ප‍්‍රධාන කාර්මික රටවල් හතේ කණ්ඩායමේ රාජ්‍ය නායක සමුළුවේ සමගාමී සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. 

අද (27) පෙරවරුවේ ජපානයේ ඉසි සිමා නගරයේදී මෙම සමුළුව ආරම්භ කෙරුණා. ජී-7 සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයින් හත්දෙනා සහ සමගාමී සමුළුවට ආරාධනා ලැබූ රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් සමුළුව ආරම්භ වූයේ ජී-7 සමුළුවේ වත්මන් සභාපති ජපාන අගමැති ෂින්සෝ අබේ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. 

ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ජී-7 සමගාමී සමුළුව සඳහා ලැබුණු ප‍්‍රථම නිල ආරාධනය සනිටුහන් කරමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සමුළුවට එක්වීම විශේෂත්වයක්. 

පැවති පාලනයේ විප්ලවකාරී වෙනසක් සිදුකරමින් ජීව සංවර්ධනයක් ඇති පරිසරයක් ගොඩනැගීමට සහ විවිධ අරමුණුවලින් යුක්ත වූ සමාජය තුළ සංහිඳියාව නිර්මාණය කිරීමට රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී ලෝක නායකයින් දැනුවත් කරනු ලැබුවා. 

මේ අතර අමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල්, ප‍්‍රංශ ජනාධිපති ෆ‍්‍රැන්කොයිස් හොලන්ඬේ, ජපාන අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ඇතුළු රාජ්‍ය නායකයින්ගෙන් ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. 









EmoticonEmoticon