ගලහට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ගලහ බෙල්වුඩ් පිහිටි සුදු තිරුවානා ගල් නිධිය මේ වන විට නාය යාමට පටන් ගෙන ඇති බව වාර්තා වෙයි.
දැනට අක්කර එකක පමණ ප්‍රමාණයක් පහලට කඩාගෙන ගොස් ඇති අතර ගල්නිධිය මැදින් විශාල පිපිරීමක් ඇතිවී ඇත.
ගලහ පොලිසිය මැදිහත් වි කන්ද පාමුල පිහිටි සියලු පදිංචිකරුවන් ඉවත්කොට ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන කරා යොමුකොට ඇති බව ද සදහන්.
එම නාය යෑම නිසා මහනුවර සිට තලාතුඔය හරහා ගලහ දක්වා දිවෙන මාර්ගයේ බෙල්වුඩ් පෙදෙසේ මාර්ගය විනාශ වීමේ අවධානමක් පවතී.
දැනට එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇති අතර එම මාර්ගයේ ගමන් කරන්නන් බෙල්වුඩ් හන්දියෙන් හැරී උඩදෙල්තොට මාර්ගයේ ගලහ දක්වා ගමන් කරන ලෙස ගලහ පොලීසියේ රථවාහන අංශය දන්වා සිටි.
(ගලහ සමූහ සි.කේ. වික්‍රම)
දිනමිණ
දිනමිණ

EmoticonEmoticon