කැලණි ගඟ ප‍්‍රදේශ කිහිපයකින් තවදුරටත් පිටාර ගලමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) අලුයම 12.30ට නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ තොටලග නාගලගම්වීදිය, හංවැල්ල, ග්ලේන්කෝස් සහ කිතුල්ගල යන ප‍්‍රදේශවලින් කැලණි ගඟ පිටාර ගලන බවයි. හොලොම්බුව සහ නෝර්වුඞ් යන ප‍්‍රදේශවල ද අවදානම් තත්ත්වයක් පවතිනවා.
කළු ගඟ රත්නපුර සහ මිල්ලන්කන්ද යන ප‍්‍රදේශවලින් පිටාර ගලන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ.
පුටුපාවුල ප‍්‍රදේශයෙන් ද කළු ගඟ පිටාර ගැලීමේ අවදානමක් පවතිනවා. පිටාර මට්ටම මීටර් 4ක් වන අතර, මේ වන විට එහි ජල මට්ටම පවතින්නේ ඊට වඩා සෙන්ටිමීටර් 53ක් පමණක් පහළින්.
ගිං ගග බද්දේගම ප‍්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් පවතිනවා. එහි පිටාර මට්ටම මීටර් 4ක් වන අතර මේ වන විට ජල මට්ටම මීටර් 3යි දශම 7යි 3ක්.
මහඔය බද්දේගම ප‍්‍රදේශයෙන් මේ වන විටත් පිටාර ගලමින් තිබෙනවා. අත්තනගලු ඔය දූනමලේ ප‍්‍රදේශයෙන් පිටාර ගලන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.
මහවැලි ගෙඟ් ජල මට්ටම පේරාදෙණිය ප‍්‍රදේශයේදී සීඝ‍්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) අලුයම 12.30ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ නාවලපිටිය ප‍්‍රදේශයෙන් ද මහවැලි ගඟ පිටාර ගැලීමේ අවදානමක් පැවතුණත් එහි ජල මට්ටම දැන් ක‍්‍රමයෙන් අඩු වෙමින් තිබෙන බවයි

EmoticonEmoticon