අනුර සේනානායක අත්අඩංගුවට

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට පැමිණි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට වන චෝදනාවකට අනුවයි. 

අනුර සේනානායක මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
.................................................................................................................................................................................................
තාජුඩීන්ගේ ඝාතනය ගැන අනුර සේනානායකගෙන් CID ය ප්‍රශ්ණ කරයි

රගර් ක‍්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් වන පරීක්ෂණවලට අදාළව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප‍්‍රකාශයක් ලබා ගනිමින් සිටිනවා. 



EmoticonEmoticon