ඇමතිවරු තිදෙනෙක් කොටුවේ සත්‍යග්‍රහයක

අමාත්‍ය පී. දිගම්බරන්, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් අරඹා තිබෙනවා. ඒ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නංවන්නැයි ඉල්ලමින්.

“රජයේ සේවකයින්ට ලබාදුන් 2500ක වැටුප් වර්ධකය වතු කම්කරුවන්ටද ලබාදෙන්න කියල අපි රජයෙන් ඉල්ලනව. දින හතරක් ඇතුළත නිසි පිළිතුරක් නොලැබුණොත් ලංකාව පුරාම වතු සේවකයින් සමග අපි වැඩ වර්ජනයක් අරඹනව.“ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා වැඩිදුරටත් පැවසුවා.

අරවින්ද කුමාර් සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් ඇතුඵ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද මෙම සත්‍යග‍්‍රහයට එක්වී සිටිනවා.


EmoticonEmoticon