අරුම පුදුම අඹ වර්ගයක් හමුවෙයි

පුත්තලම තබ්බෝව ගොවි ජන පදයට අයත් තේවනුවර ගොවි ගම්මානයේ ඉතා දුර්ලභ ගණයේ අඹ වර්ගයක් ඵල දරා ඇති අතර මෙම කුඩා අඹ පොකුරු වශයෙන් ඵල දරා තිබීම එහි විශේෂත්වයක්.

බණ්ඩාරනායක අඹ, මී අඹ, ඇටඹ ලෙස විවිධ නම් වලින් හැදින්වෙන මෙම අඹ වර්ගය සෑම වසරක් පාසාම මාස හයකට එක් වරක් ඵල දරණ අතර සියළුම අඹ පොකුරු ඉදීම සිදු වන්නේ එකම දිනක බවයි නිවෙස් හිමිකරුවන් පෙන්වා දෙන්නේ. 


එක් පොකුරක අඹ ගෙඩි 10-15ත් තිබෙන අතර මෙම අඹ වර්ගය බද්ධ ගණයට අයත් වර්ගයක් බවත්, මෙම අඹ ගෙඩියේ අභ්‍යන්තරයේ බීජ ඵලයක් දක්නට නොලැබීම තවත් විශේෂත්වයක්.


තේවනුවර ආර්.පී.පීටර් මහතාගේ සහ කරුණාරත්න සිල්වා මහතාගේ නිවෙස් වල පිහිටා ඇති මෙම අඹ ශාකයන් වල හට ගෙන ඇති ඵල දැක ගැනීම සදහා දිනකට විශාල පිරිසක් පැමිණෙන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඉතාමත් අධික රසයකින් යුත් මෙම අඹ වර්ගය එම ප්‍රදේශයේ ජනතාව හදුන්වනු ලබන්නේ මිදි අඹ ලෙසිනි. වෙළද පොළේ එක් කිලෝවක් රුපියල් 200 - 300ත් අතර මිළකට අලෙවි කල හැකි බවත් මේ සදහා වෙළද පොලේ විශාල ඉල්ලුමක් ඇති බවයි පැවසෙන්නේ






EmoticonEmoticon