වැස්ස සුළි සුළඟක් වෙයි – තවත් විනාශයක්ද?

රටපුරා බොහෝ ප‍්‍රදේශවලට අද (19) දිනයේත් වැසි අපේක්‍ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා සඳහන් කරන්නේ පසුගිය දිනවල ඇති වූ අඩුපීඩන ප්‍රදේශය මේ වන විට කන්කසන්තුරේට උතුරින් කිලෝමීටර 500 ක් පමණ වූ තත්ත්වයක් යටතේ ස්ථානගත වී ඇති බවයි. එය තව තවත් වර්ධනය වෙමින් ඇති බවත් සඳහන් කළා.
ඉදිරි පැය 24 තුළදී එම තත්ත්වය සුළි සුළඟක් දක්වා වර්ධනය විය හැකි බවට විශ්වාස කෙරෙන අතර ඒ තුළට ගමන් කරන සුළං පද්ධති ශ්‍රී ලංකාව හරහා ගමන් කරන හේතුවෙන් අද දිනයේ බස්නාහිර, දකුණ සහ වයඹ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා වැඩි දුරටත් සඳහන් කළේ. මෙම තත්ත්වය මධ්‍යම පළාතට සහ උතුරු මැදටත් බලපාන බවත් ඒ මහතා පැවසුවා.
රටවටා බොහෝ මුහුදු ප‍්‍රදේශ වරින්වර රළු වීමටද ඉඩ තිබෙන බවත් ධීවර සහ නාවික කටයුතු වලදී ඉතා විමසිලිමත් විය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නා.


EmoticonEmoticon