කොළඹ ඉඩම් ගොඩ කිරීම තහනම්

වහාම ක‍්‍රියාත්මක වන පරිදි කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉඩම් ගොඩකිරීම් සියල්ල තහනම් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ අද (23) පස්වරුවේ රැස්වූ විශේෂ ජනාධිපති කාර්ය සාධන බලකා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති බවයි. 

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් ලෙස රුපියල් දස දහසක දීමනාවක් ලබා දීමටද මෙහිදී තීරණය කෙරුණා. 

එමෙන්ම කොළඹ දිස්ත‍්‍රික්කයේ අනවසර පදිංචි සියල්ල තහනම් කිරීමටද මෙහිදී තීරණය කෙරුණු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ. 


EmoticonEmoticon