කප්පමට ඉස්සූ වාරියපොල තරුණයාව මහපාරේ දමා ගිය හැටි

රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් ඉල්ලා වාරියපොල ප‍්‍රදේශයේ තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් පොලිසිය ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.



ඔවුන් මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර තිබෙනවා.



පොලිස් ආරංචි මාර්ග පැවසුවේ අදාළ පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවුදෙනෙක්  අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක‍්‍රියාත්මක බවයි.



විමර්ශනවලට අනුව එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඔහුගේ ප්‍රකාශ මත තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන අතර කාලයේ දී පැහැර ගැනීමට ලක්වූ විසි හැවිරිදි මොහොමඞ් ආෂික් නැමැති තරුණයා නිකවැරටිය ඔරලෝසු කණුව ආසන්නයේ දමා ගොස් සිටියදී සොයා ගැනුණා.



එම පැහැර ගැනීමට ලක්වූ  තරුණයාගෙන් මෙතෙක් කට උත්තර ගෙන නොමැති අතර ඔහුව රෝහල්ගත කර තිබෙනවා.



මෙම තරුණයා පැහැර ගැනීමට ලක්වූයේ ඉකුත් බ‍්‍රහස්පතින්දා රාත‍්‍රියේයි.



වාරියපොල නරගයේ පිහිටි සිය පියාට අයත් ව්‍යාපාරික ස්ථානයේ සිට ආපසු නිවසට එමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදු වුණා.



තරුණයා මුදා හැරීමටනම් රුපියල් කෝටි දෙකක කප්පම් මුදලක් අවශ්‍ය බව පැහැර ගැනීම සිදු කළ පුද්ගලයින් තරුණයාගේ ඥාතීන්ට දුරකතනයෙන් දැනුම් දී තිබුණා


EmoticonEmoticon