අධික වැසි නිසා ප‍්‍රදේශ කිහිපයක් සහ මාර්ග රැසක් ජලයෙන් යටවෙයි -

කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගය කොටියාකූඹුර, මත්තමගොඩ සහ අඟුරුවැල්ල යන ප‍්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. 

අවිස්සාවේල්ල හැටන් මාර්ගය ද තල්දූව ප‍්‍රදේශයේදී ජලයෙන් යට වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

මේ නිසා එම මාර්ගයේ ගමනාගමනය මුළුමනින්ම ඇණහිට තිබෙනවා. 

අධික වැසි තත්ත්වය හේතුවෙන් මෙගොඩකොලොන්නාව, වැල්ලම්පිටිය - අඹගහහන්දිය ඇතුළු පහත් බිම් රැසක් වැසි ජලයෙන් යට වී තිබෙනවා.

ගස් කඩාවැටීම නිසා කොළඹ නගරයේ මාර්ග කිහිපයක ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි ගොසිප්96 නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 



EmoticonEmoticon