'රෝනු' බංග්ලාදේශයට දැඩි පීඩා ගෙනෙයි

බංග්ලාදේශයට බලපෑ රෝනු සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂ 5 ක පමණ පුද්ගලයින් පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා. මේ වන විට කුණාටු තත්ත්වය තරමක් පහව ගොස් ඇතැයිද අධික වර්ෂාව අඛණ්ඩව පවතින බවද බංග්ලාදේශ බලධාරීන් ප්‍රකාශ කරනවා

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට ඉන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 24 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පවතින තත්ත්වය හේතුවෙන් එරට වරාය කිහිපයක් වසා දමා ඇති අතර විදුලිය සැපයුම ද අඩාල වී තිබෙනවා.


EmoticonEmoticon