මව සහ පියා සමඟ නිදාසිටි කුඩා දැරියක් ජල ගැල්මට හසුව මියගොස් ඇති පුවතක් වත්තල ප්‍රදේශයෙන් වාර්තා වනවා. වයස මාස 10ක් පමණ වන මෙම බිළිඳිය ඇඳෙන් බිමට වැටී නිවස තුළට ගලා ආ වැසි ජලයේ ගිලී ගොස් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තමන් ළඟ නිදාගත් දැරිය අලූයම ඇඳෙහි නොමැති බව දැනගැනීමෙන් පසුව මාපියන් සෙවීමේදී කාමරයේ ජලය මත පාවෙමින් තිබූ දැරියගේ මළ සිරුර හමුව තිබෙනවා. පසුව දැරියගේ මළ සිරුර රාගම රෝහලට ගෙනගොස් ඇත.
EmoticonEmoticon