පවතින අයහපත් කාළගුණයෙන් අපදාවට ලක්වූ පාසල් සිසුන්ගේ සටහන් පොත් වෙනුවෙන් ඡායාපිටපත් කරන ලද සටහන් පොත් ලබා දීමට කොළඹ විශ්වවිද්‍යාලය එක්වී සිටිනවා.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ස්ථාපනය කරන ලද විශේෂ අපදා සහන මෙහෙයුම් මැදිරිය හරහා මෙම අවශ්‍ය විෂය සටහන් පොත් ලබා දීම සිදු කෙරෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාල සිසුන් තමන් උසස් පෙළ සඳහා යොදාගත් පෞද්ගලික සටහන් පොත් සහ විෂය කරුණු අතුළත් සෙසු සටහන් ඡායාපිටපත් කොට පීඩාවට පත් සිසුන් වෙත ලබාදීමට පියවර ගැනෙනු ඇති.
මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පීඩාවට පත් පාසල් සිසුන්ට සහන සැලසීම සඳහා අරම්භ කළ විශේෂ අපදා සහන මෙහෙයුම් මැදිරියට මේ වනවිට දේශීය මෙන්ම විදේශීය පාරිත්‍යාගශීලීන්ගෙන් ද්‍රවයමය අධාර විශාල වශයෙන් ලැබෙමින් පවතින බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.
එලෙස එක්රැස් කෙරෙන අභ්‍යාස පොත්, පෑන් සහ පැන්සල් ඇතුළු පාසල් උපකරණ සහ දරුවන්ට අවශ්‍ය අනෙකුත් බඩුබාහිරාදිය අපදා තත්ත්වය පහව ගිය සැනින් අදාළ දරුවන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.
EmoticonEmoticon