මළ දරු උපත් තවමත් අභියෝගයක්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවයට මළ දරු උපත් තවමත් අභියෝගයක් බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. 

ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ සිදුවන මළ දරු උපත්වලින් සියයට 70 ක් ගැබ් ගැනීමෙන් පසු පළමු දින 28 තුළ සිදුවන බවයි.  

මෙම තත්ත්වය තුරන් කිරීම සඳහා ගුණාත්මක සෞඛ්‍ය සේවාවක මැදිහත්වීම අත්‍යවශ්‍යය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. යුනිසෙෆ් සංවිධානය විසින් පවත්වන ලද දකුණු ආසියානු කලාපීය ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැඩමුළුවේ සමාප්ති උත්සවයට සහභාගී වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව කියා සිටියා.

මළ දරු උපත් ප‍්‍රමාණය අඩු කිරීම මෙරට වෛද්‍යවරුන්ට පැවරෙන වගකීමක් බවයි අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේ


EmoticonEmoticon