ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට අද (22) දිනයේත් වැසි අපේක්‍ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චතුෂ්කා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් බලාපොරොත්තුවන බවයි. නැගෙනහිර පළාතෙත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බවත් පැවසුවා. 

මේ අතර ගංවතුර තත්ත්වය ක‍්‍රමයෙන් අඩු වුණත් තවමත් පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා. ඒ පිළිබද තොරතුරු වාර්තා කළ ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පෙන්වා දුන්නේ පහත් බිම්වල සිටින ජනතාව තවදුරටත් විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් සිදු වූ මරණ මේ වන විට 73 ක් වාර්තා වී ඇති අතර පුද්ගල අතුරුදහන්වීම් 127 ක් බවයි  මාධ්‍ය ප‍්‍රකාශක ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා වැඩි දුරටත් සඳහන් කළේ.



EmoticonEmoticon