අනවසර ගිනිඅවි භාරදීමට යළි පොදු සමා කාලයක්

අනවසර ගිනිඅවි රජයට භාරදීම සඳහා මේ මස 30 වෙනිදා සිට ජුනි මස 17 වෙනිදා දක්වා යළි පොදු සමා කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. 

යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා ප‍්‍රකාශ කළේ පොදු ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.
 
මෙම පොදු සමා කාලසීමාව තුළදී කිසියම් පුද්ගලයෙකු සතුව ඇති අනවසර ගිනිඅවි ළඟම ඇති පොලිස් ස්ථානයට, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට භාරදිය හැකියි. 

එලෙස ගිනිඅවි භාරදෙනු ලබන පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමක් හෝ දඬුවම් ලබාදීමක් සිදුනොකරන බවයි ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ. 

මීට පෙර ද අනවසර ගිනිඅවි රජයට භාරදීම සඳහා පොදු සමා කාලයක් ලබා දී තිබුණා. 


EmoticonEmoticon