මෙරටට ගෙන්වනු ලබන වාහන වලින් අයකරනු ලබන බදු මුදල පැවතියාටත් වඩා ඉතාමත් ඉහළ අගයකින් මේ වනවිට ඉහළ දමා තිබෙනවා. ඇතැම් වාහන මාදිලිවල බදු මුදල රුපියල් මිලියන 5න් පමණ වැඩිවී ඇති බවයි පෙනී යන්නේ. මෙසේ වාහන සඳහා අයකරනු ලබන බදු මුදල් ඉහළ දැමීමෙන් රජයට ආදායම වැඩිවනවා වෙනුවට අඩුවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකරණ අධ්‍යයන හා වානිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජනක් කුමාරසිංහ මහතා පෙන්වා දෙන්නේ.
“වාහනයකින් අයකරනු ලබන බද්ධ, මධ්‍යසාර හෝ දුම්කොළ වලින් අයකරන බදු වලින් වගේ, බදු වැඩිකිරීමෙන් වැඩි ආදායමක් ලැබේයැයි අපේක්ෂා කරන්න බැහැ. බදු වැඩිවීමෙන් වාහන මිල ඉහළ යනව. වාහන මිල ඉතා විශාල ලෙස ඉහළ ගියාම වාහන මිලදී ගැනීම අඩු වෙනව. එමගින් බදු ආදායම විතරක් නෙවෙයි වාහන ලියාපදිංචියෙන් ලැබෙන ආදායමත් අඩු වෙනව. නමුත් බදු අඩු කළොත් වාහන මිල අඩුවන නිසා වාහන වැඩියෙන් විකිනෙනව. එමගින් වැඩි බදු ආදායමක් වගේම ලියාපදිංචි ගාස්තු වලිනුත් රජයට ආදායමක් ලබන්න පුළුවන්.“
ගතවූ කාලයේ වාහන බදු මුදල් වැඩි කළ සහ අඩු කළ අවස්ථා පිළිබඳ අධ්‍යනය කිරීමෙන් මේ බව වඩාත් හොඳින් පැහැදිළි වන බවද කුමාරසිංහ මහතා පෙන්වා දෙනවා

EmoticonEmoticon