මහ වැසි සහ ජල ගැලිම් නිසා ඇති වූ ආපදාවලින් කොළඹ සහ අවට ප‍්‍රදේශ බොහෝමයක් මේ වන විට අපවිත‍්‍ර වී තිබෙනවා.
එහි පිරිසිදු කිරීම් කටයුතු අද සිට ආරම්භ කරන බවයි කොළඹ දිස්ති‍්‍රක් ලේකම් සුනිල් කන්නන්ගර මහතා පැවසුවේ.
ආපදාවලින් හානි වූ නිවාස හා වෙනත් දේපළ පිළිබඳ තක්සේරු කිරීමද අද (24) ආරම්භ කෙරෙනවා.
මේ සඳහා කණ්ඩායම් කිහිපයක් කොලොන්නාව ප‍්‍රදේශයේ ගෙයින් ගෙට ගොස් දත්ත රැස් කරන බවයි දිස්ත‍්‍රීක් ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර දත්ත රැස් කිරීම සඳහා ගෙයින් ගෙට පැමිණෙන කණ්ඩායම්වලට සහායවීම සඳහා මේ දිනවල හැකි පමණ නිවෙස්වල රැඳී සිටින්නැයි ආපදාවූවන්ට ලක්වූවන්ගෙන් ඉල්ලීමක්ද කෙරෙනවා.

EmoticonEmoticon