ෆොන්සේකාට එරෙහි පෙත්සම විසිවෙයි

ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) ප‍්‍රතික්‍ෂේප කළා. 

මෙම පෙත්සම ගොනුකර තිබුණේ විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින්. අගවිනිසුරු කේ ශී‍්‍ර පවන් මහතා ප‍්‍රමුඛ ති‍්‍රපුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ එය සලකා බැලුනා. 

එහිදී ප‍්‍රකාශ කෙරුණේ කිසියම් මන්තී‍්‍රවරයෙකුගේ අභාවයකින් පසුව පුරප්පාඩු වූ මන්ත්‍රී අසුනක් පිරවීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ප‍්‍රතිපාදන අනුව කි‍්‍රයා කළ යුතු බවයි. 

ඒ අනුව ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්තී‍්‍රවරයෙකු ලෙස පත් කිරීම නීත්‍යානුකූල බවද අධිකරණයට ඒ සඳහා මැදිහත් විය නොහැකි බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.


EmoticonEmoticon