ආපදා මරණ 84 ක් දක්වා ඉහළට

පවතින ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 84 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ තවත් පුද්ගලයින් 116 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි. 


මේ අතර මහනුවර, රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, කෑගල්ල, මාතලේ සහ කළුතර යන දිස්ත‍්‍රික්ක හතට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් කි‍්‍රයාත්මක බවද ඒ මහතා ප‍්‍රකාශ කළා. 

 


EmoticonEmoticon