පිල්ලෙයාන් ගහන්න පනී

නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ප‍්‍රාදේශීය මාධ්‍යවේදියෙකුට පහරදීමට දැරූ උත්සහයක් පොලිස් නිලධාරීන් විසින් අද (24) ව්‍යර්ථ කරනු ලැබුවා.

රක්ෂිත බන්ධනාගාරගතව සිටින නැගෙනහිර පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍යවරයා අද පළාත් සභා සැසියට පැමිණි අවස්ථාව ඡායාරූප ගතකළ මාධ්‍යවේදියෙකුට මෙලෙස පහරදීමට උත්සහ දරා තිබෙනවා.
 
නැගෙනහිර පළාත් සභාවේ පිවිසුම අසලදී මෙය සිදුවූ බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. 



EmoticonEmoticon