ශාන්තිකර්මයක් සිදුකරන බව පවසා එකම පවුලේ බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු දූෂණය කළ බව කියන පුද්ගලයෙකු හසලක ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අදාළ සැකකරු 16 හැවිරිදි දැරියක් සහ 13 හැවිරිදි දැරියක් මෙලෙස දූෂණය කර ඇති බවයි.
40 හැවිරිදි මොහු විවිධ නම්වලින් පෙනී සිට ඇති බව පරීක්ෂණවලදී අනාවරණ වුණා.
මොහු හෙට (23) අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
EmoticonEmoticon